IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පූස් උපාය වැරදී උපන් ඇඳුමෙන් දුවලා

තම නිරුවත වසා ගැනීමට මානාපඳුරක් බදාගෙන පූස් පැටවෙකු සෙවූ අයෙකුට තම උපන් ඇඳුමෙන් පැන දුවන්නට සිදුවූ අපූරු කතාවක් කහටගස්දිගිලීය සහ ගලෙන් බිඳුනුවැව අතර පිහිටි පිටිසරබද සුන්දර ගමකින් අසන්නට ලැබුණි.
මැදි වයසේ පසුවුණු ඔහු, මස් මාංශ නොමැතිව ආහාර ගත්තේ නම් එය ඉතා කලාතුරකින් සිදුවුණු දෙයකි. ඒ තරමටම ඔහු මස් මාංශ කෙරෙහි දැඩි තණ්හාවක් දැක්වූ තැනැත්තෙකි. තැන නොතැන නොබලා මස් මාංශ ලබා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් දෙපාරක් නොසිතා කිරීමට පෙලඹෙන හදිසි කාරයෙකි.
ඔහු සහ ඔහුගේ බිරිඳ ගොවිතැන් කරමින් ජීවත් වෙන අතර ඔවුන්ගේ හේන පිහිටා තිබුණේ කුඩා වැවක් ඉස්මත්තේය. මෙම කුඩා වැවට යෑම් ඊම් සිදු කරන්නේ වැඩිපුරම මෙම අඹු සැමි යුවළ පමණක් වීම ද විශේෂත්වයකි. කැලෑව මැදින් වැටී ඇති අඩි පාරක් ඔස්සේ මෙම වැව පසුකරගෙන ඔවුහු තම හේනට යති.
දිනක් බිරිඳ හේනේ වැඩ කරමින් සිටිය දී සැමියා හේනෙන් පිටත්ව ගියේ ඇයට හේනේ ටික වේලාවක් වැඩ කර නිවසට එන ලෙස දන්වමිනි.


‘‘ගෙදර යන ගමන් මාළුකුරියෙක් දෙන්නෙක් අල්ලාගෙන ගියා නං හොඳයි”‍. යයි සිතමින් වැව අද්දරට ගොස් වටපිට බලා ඇඳ සිටි සරම ගලවා එතැන තබා උපන් ඇඳුමෙන් වතුරට බැස්සේය.
සිතූ පරිදි වතුරේ තිබූ ගස්වල මුල් අස්සේ සිටි මාළු කීප දෙනෙකු අල්ලා ගත් ඔහුට හදිසියේ ශරීර කෘත්‍යයක් කර ගැනීමට අවශ්‍ය වී කැලයට රිංගුවේය.
මේ අල්ල පනල්ලේ බිරිඳ දරමිටියක් හිස තබා කැලේ මැදින් හේනේ සිට ගෙදරට එමින් සිටියාය. සැමියාගේ සරම මග වැටී ඇති අයුරු දුටු ඇය සරම ද රැගෙන නිවසට ගියාය.
කැලේට රිංගා ශරීර කෘත්‍යය සිදු කිරීමෙන් පසුව එළියට පැමිණි සැමියාට සරම නැති බව වැටහුණි. දැන් ඉතින් කුමක් කරන්නද සිතා හෙමින් හෙමින් ඈත මෑත විපරම් කර බල බලා කවුරුන් හෝ ඉදිරියට හමුවේවිදෝ සැකෙන් සහ බියෙන් උපන් ඇඳුමෙන් ඉදිරියට ගමන් කළේය.
මේ අතර  තරුණ වයසේ පසුවුණු එම ගමේම තරුණියෝ දෙදෙනෙක් කුමක් හෝ කටයුත්තක් සඳහා වැව දෙසට එමින් සිටියෝය.
නිරුවතින් ඉදිරියට ඇදෙන මාළු වැලක් අතේ එල්ලාගෙන සිටි මේ මාළුකාරයා ඉදිරියෙන් එන තරුණියන් දෙදෙනා දැක තම නිරුවත වසන් කර ගැනීමේ අරමුණින් පාර අයිනේ උසට වැවී තිබුණු මානා පඳුරක් මැදට පැන බිම වාඩි වී කිසිවක් සොයන ආකාරයේ රංගනයක යෙදුණේය.
‘‘ළඟට ආ තරුණියන් දෙදෙනා”‍ මාමා, මොනව ද හොයන්නේ ?” යැයි විමසීය.


‘‘බලන්න දුවේ, හරි වැඩේනෙ මට වුණේ, අපේ ගෙදර හුරතලේට ඇති කරන පූස් පැටියා, මේ පඳුරට පැන්නා නොවැ .මේකා දැන් හැංගිලා. ඒකයි මං මේ හොයන්නෙ.”‍යැයි පැවසීය.
තරුණියන් දෙදෙනා ද ඔවුන් ආ කාරිය මොහොතකට අමතක කර පඳුර වටේ කරකැවෙමින් පූස් පැටියා අල්ලා ගැනීමට උදව් කළෝය.
‘‘එන පොට හොඳ නෑ කෙල්ල ගෙට ගං”‍ කීවා සේ පූස් පැටියා සෙවූ අපගේ උපන් ඇඳුම්කාරයා තම අතේ තිබූ මාළු වැලද විසිකොට මානා පඳුරෙන් එළියට පැන, ‘‘පණ එපා”‍ කියා දුවන විලාසයෙන් පිම්මට දෙකට තරුණියන්ගේ ඇස් හතරෙන් බේරී සැඟවී ගියේය.
තරුණියෝ දෙදෙනා කාරණය වටහාගෙන , සිනහව එළියට පෙනීම වැළැක්වීම සඳහා අතින් මුව වසාගෙන ඔවුන් ආ කාරිය කරගෙන යළි ගමට ගොස් මෙම ප්‍රවෘත්තිය විශ්වාසවන්ත කීප දෙනෙකුට විකාශය කළෝය.
දැන් ඔහු හමුවන විට ගමේ කොල්ලෝ කුරුට්ටන් කොහේ හෝ සැඟවී සිට හඬ නගා ‘‘ඥාව් ඥාව්”‍ යනුවෙන් පූසෙකුගේ හඬ අනුකරණය කරන විට අප උපන් ඇඳුම් කාරයා එම කොල්ලෝ කුරුට්ටන්ගේ ‘‘වැදූ මෝ”‍ සරුප වචනයෙන් සිහිපත් කරනවාලු‍.

කැබිතිගොල්ලෑව
හේමන්ත රණසූරිය



අදහස් (0)

පූස් උපාය වැරදී උපන් ඇඳුමෙන් දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site