IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පුවක් හොරාම ඔත්තුවක් දී පැන ගිහින්

ඌරුබොක්ක - ඩී. ඒ. පතිරණ
යාළුවකුගේ දානේ ගෙදරකට යාමට සල්ලි නැතිව ඉඩමක හොරට පුවක් කැඩූ වයස අවුරුදු 19, 20, 21 වයස්වල පසුවන තරුණයක් තිදෙනකු අත්අඩංගුවට ගත් බවට ඌරුබොක්ක පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බෙංගමුව දාබෝගල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 19, 21 ක තරුණයන් දෙදෙනකු සහ පස්ගොඩ මීරන්පොළ පදිංචි වයස අවුරුදු 20 ක තරුණයකු ඇතුළු තිදෙනකු බවට පොලිසිය පවසයි.
තරුණයන් තිදෙනා යතුරු පැදි දෙකකින් මෝලොග්ගමුව ප්‍රදේශයේ යහළුවකුගේ නිවසේ දානමය පින්කමකට සහභාගිවීම සඳහා පිටත්ව ඇත. පින්කම් ගෙදරට මොනවා හෝ රැගෙන යාමට අවශ්‍ය වුවත් ඒ සඳහා තිදෙනා ළගම මුදල් තිබී නැතිව සිටියදී මුදල් සොයා ගැනීම සඳහා තරුණයන් තිදෙනාම එක්ව අසල ඉඩමකට පැන පුවක් කඩා ඇති බව අනාවරණය වී යැයි පොලිසිය කියයි.
එක් තරුණයකු ගසකට නැග පුවක් කඩාගෙන බසින අතරතුර ඉඩමේ අයිතිකරු පැමිණිමත් සමගම ඒ අවස්ථාව වනවිට කඩා තිබූ පුවක් ගෙඩි තුන්දහසක පමණ ප්‍රමාණයද දමා ඔවුන් පලා ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.
මේ අතරතුර ඉඩම් හිමිකරුට පලා ගිය එක් අයෙකුගේ තාවකාලික රියැදුරු බලපත්‍රයක් බිම වැටී තිබි හමු වී ඇති අතර එම කොළයත් රැගෙන ඉඩමේ හිමිකරු පොලිසියට පැමිණ පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිසිය පුවක් හොරුන් සොයා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළේය.


ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍රය හිමි පස්ගොඩ මීරම්පොළ ප්‍රදේශයේ පදිංචි තරුණයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පුවක් කැඩීමට පැමිණ පලා ගිය අනිත් තරුණයන් දෙදෙනා පිළිබඳවද තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. උරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී.පී.ඩබ්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක පතිරත්න මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහ.
අත්අඩංගුවට ගැනුණු තිදෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (1)

පුවක් හොරාම ඔත්තුවක් දී පැන ගිහින්

Pradeep Kumara Monday, 04 September 2023 02:53 PM

මොවුන්ට දෙන්න පුළුවන් ඉහළම දඬුවම් දෙන්න ඕනෑ. බැංකුවක්වත් කඩලා සල්ලි ගන්නේ නැතුව මේ වගේ 2.50හේ හොරකම් කරලා අපේ මේ ධර්මද්වීපය ලෝකයා ඉදිරියේ හෑල්ලු කරනවාට...

:       3       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17596 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site