අලවතුගොඩ දෙල්ගස්ගොඩ ප‍්‍රදේශයේ දී තරගෙට පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුම් ලබා දුන් බව කියන මාමා සහ බෑණා අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අලවතුගොඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ අනුරාධපුර ප‍්‍රදේශයේ සිට පැමිණි ඔහුගේ බෑණා කෙනකු අතර ආරාවුලක් හටගෙන ඇති අතර, දෙදෙනාම බීමත්ව අශෝභනව හැසිරෙන බව පවසා පොලිස් හදිසි ඇමතුම් අංශයට දිගින් දිගටම ඇමතුම් ලබා දී තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අලවතුගොඩ පොලිසියට දැනුම් දීමෙන් පසුව ඒ ගැන කළ විමර්ශනයේ දී මාමා සහ බෑණා පෞද්ගලික ආරාවුලක් මත හදිසි ඇමතුම් අංශයට ඇමතුම් ලබාදී ඇති බව අනාවරණය වීමත් සමග ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ.
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත සැරයන් ලියනගේ මහතා පරීක්ෂණ මෙහෙයවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් අහිංසක මිනිස්සු. තේරුමක් නැහැ කුඩු කරලා. (ස)
නියම ඔලුවේ අමාරුව තියෙන දෙන්නක් (දී)
සදුන් අහපු ප්‍රශ්නයමයි මටත් අහන්න තියෙන්නේ..? (දී)
ඇයි පෞද්ගලික ආරවුල් මත, පොලිසියට කෝල් කරන්න බැරිද? (ස)
කුඩුවට දැම්මට පස්සේ දෙන්නත් එක්ක රාලහාමිගෙන් බාගයක් ඉල්ලයිද දන්නේ නැහැ. (ස)
කූඩුවට දැම්මහම වෙරි හිදෙන්න ඇති.දැන් සිහියෙන් කුඩුව ඇතුළේ ප්‍රශ්නේ විසදා ගනියි. (නි)
මේක නීතිවිරෝධී දෙයක්ද? (නි)
බැද්දගේ මහත්මයාගේ සින්දුව මතක් වුණා. (ස)