අලවතුගොඩ දෙල්ගස්ගොඩ ප‍්‍රදේශයේ දී තරගෙට පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුම් ලබා දුන් බව කියන මාමා සහ බෑණා අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
අලවතුගොඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සහ අනුරාධපුර ප‍්‍රදේශයේ සිට පැමිණි ඔහුගේ බෑණා කෙනකු අතර ආරාවුලක් හටගෙන ඇති අතර, දෙදෙනාම බීමත්ව අශෝභනව හැසිරෙන බව පවසා පොලිස් හදිසි ඇමතුම් අංශයට දිගින් දිගටම ඇමතුම් ලබා දී තිබේ.
මේ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා අලවතුගොඩ පොලිසියට දැනුම් දීමෙන් පසුව ඒ ගැන කළ විමර්ශනයේ දී මාමා සහ බෑණා පෞද්ගලික ආරාවුලක් මත හදිසි ඇමතුම් අංශයට ඇමතුම් ලබාදී ඇති බව අනාවරණය වීමත් සමග ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ.
අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත සැරයන් ලියනගේ මහතා පරීක්ෂණ මෙහෙයවීය.
2025 දෙසැම්බර් මස 04
619
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
525
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිසියට තරගයට ඇමතුම් දුන් මාමාත් - බෑණාත් කූඩුවේ
විජේසිංහ Wednesday, 07 May 2014 03:07 PM
අනේ පව් අහිංසක මිනිස්සු. තේරුමක් නැහැ කුඩු කරලා. (ස)
ෆ්‍රෑන්ක් Monday, 05 May 2014 10:01 PM
නියම ඔලුවේ අමාරුව තියෙන දෙන්නක් (දී)
දිල්ෂි Monday, 05 May 2014 10:49 PM
සදුන් අහපු ප්‍රශ්නයමයි මටත් අහන්න තියෙන්නේ..? (දී)
සඳුන් Monday, 05 May 2014 03:03 PM
ඇයි පෞද්ගලික ආරවුල් මත, පොලිසියට කෝල් කරන්න බැරිද? (ස)
කුමාරිි Monday, 05 May 2014 03:04 PM
කුඩුවට දැම්මට පස්සේ දෙන්නත් එක්ක රාලහාමිගෙන් බාගයක් ඉල්ලයිද දන්නේ නැහැ. (ස)
නිලූ විදානගේ සෞදි අරාබිය Monday, 05 May 2014 04:14 PM
කූඩුවට දැම්මහම වෙරි හිදෙන්න ඇති.දැන් සිහියෙන් කුඩුව ඇතුළේ ප්‍රශ්නේ විසදා ගනියි. (නි)
අමායා Monday, 05 May 2014 05:57 PM
මේක නීතිවිරෝධී දෙයක්ද? (නි)
සෑම් Monday, 05 May 2014 12:37 PM
බැද්දගේ මහත්මයාගේ සින්දුව මතක් වුණා. (ස)