IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පොලිසිය අන්දවන්න ගියාට අමුතුම තාලේ දඬුවමක් ලැබිලා

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ඇඳිරි නීතිය අස්සේ පොලිසිය ගොනාට අන්දවා සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමට ගිය තරුණයකුට සිදුවූ අපූරු සිද්ධියක් දකුණු ලකේ නගරයකින් අසන්නට ලැබිණ.


පොඩි පොඩි සිද්ධින්වලට ඉඳහිට පොලිසියට එන තරුණයෙකි. මුළු පොලිසියම ඔහු ගැන නොදනිතත් ටික දෙනෙක් ඔහුගේ අලකලංචි පිළිබඳව දැන සිටියහ.


කොරෝනා ඇඳිරි නීතිය නිසා ඔහුට යාමට අවශ්‍ය ස්ථානය තිබුණේ පොලිස් මාර්ග බාධකයක් හරහාය. ඔහු ඒ සඳහා අපුරු උප්පරවැට්ටියක් භාවිත කළේය.


නගරයේ විහාරස්ථානයක ලේ දන්දීමේ වැඩසටහනක් පැවැතියේ ඔහු යාමට අපේක්ෂිත ස්ථානයට මෙහාය. කොහොමින් හෝ ඔහු එම ලේ දන්දීමේ වැඩසටහන පිළිබඳව අත් පත්‍රිකාවක් සොයා ගත්තේය. එය අතට ගත් ඔහු දැඩිසේ ප්‍රීතියට පත්විය. ඒ තමාගේ අවශ්‍යතාව එයින් ඉටුකර ගැනීමට හැකිවෙතැයි සිතූ බැවිනි.


මුහුණු ආවරණයක් හා තොප්පියක් දමා ලේ දන්දිමේ අත්පත්‍රිකාව ද ගෙන ඔහු නගරයේ පොලිස් මුර පොළ හරහා යාමට ගියේ කිසිදු බියකින් සැකයකින් තොරවය. පොලිස් මුර පොළේ නිලධාරිහු ඔහු නැවැත් වූහ. කොරෝනා ඇඳිරි නීතිය අස්සේ මේ කොහේද යන්නේ යැයි පොලිස් නිලධාරීහු ඔහුගෙන් ඇසූහ. ආ සර් මේ කොරෝනා කාලේ නිසා ලේ බැංකුවල ලේ හිඟයක් තියෙනවා කියලා දැන ගත්තා අසවල් පන්සලේ තියෙන ලේ දන්දීමේ වැඩසටහනටයි මම යන්නේ, කියමින් අතෙහි වූ අත් පත්‍රිකාව ද ඔහු පොලිස් නිලධාරීන්ට පෙන්වීය. හා යන්න යන්න ගිහින් ලේ දීලා එන්නකෝ යයි ඔහුට කීවත් එහි සිටි නිලධාරීයෙක් ඔහු අඳුනා ගත්තේය. මේ යකානම් යන්නේ ලේ දන් දෙන්න නෙමේ. මෙයා කවදාවත් ලේ දන්දෙන කෙනෙක් නෙමෙයි. කෝකටත් ඔහු පස්සේ ගිහිල්ලා බලන්න ඕන කියලා ඔහු හඳුනාගත් නිලධාරියා කීවේය. පොලිස් නිලධාරියා වහාම ක්‍රියාත්මක විය. ඔහු හොර රහසේම තරුණයා පස්සෙන් ගියේය.

ඔහු ලේ දන්දෙන විහාරස්ථානය ද පසු කර යමින් සිටියේය. තමා ගේ අනුමානය හරි යයි පොලිස් නිලධාරියා සිතුවේය. ඒ අනුව වහාම ඔහු නතර කර ගත්තේය. හා තමුන් දැන් අපට කියලා ආවේ ලේ දන් දෙන්න යනවා කියලානේ. මේ කොහේද යන්නේ යයි පොලිස් නිලධාරියා ඔහුගෙන් ඇසුවිට දිව කට වේලී ගියේය. පැවැසීමට දෙයක්ද නොවිණි.


එනවා යන්න ලේ දන්දෙන තැනට යන්න යයි කියමින් පොලිස් නිලධාරියා ඔහු ලේ දන්දෙන තැනට යොමු කළේය. ඔහු ලේ දන් දෙන තෙක්ම පොලිස් නිලධාරියා රැඳි සිටියේ ඔහුගේ තරම දන්නා නිසාය. මේ වගේ බොරු කියා කොරෝනා ඇඳිරි නීතිය කඩ කරන අය රටට වැඩදායක ක්‍රියාවටවත් යොදවන්න ඕනෑ යයි කියමින් පොලිස් නිලධාරියා එතැනින් ගියේ මේ සිද්ධිය තමන් දන්නා හඳුනන කෙනකුට පවසමිනි.



අදහස් (3)

පොලිසිය අන්දවන්න ගියාට අමුතුම තාලේ දඬුවමක් ලැබිලා

වීරවිජේ Tuesday, 14 September 2021 08:33 AM

අන්න නියම පොලිස් නිලධාරීන්... මල් මිටක් එතුමට..

:       2       22

sampath Tuesday, 14 September 2021 08:18 PM

මේ කරපු වැඩේ වැරදි කරන්න තිබුනේ නිරෝධාන ඇඳිරිනීතිය කඩ කිරීම සහ රජයේ නිලධාරියකුට අසත්‍ය තොරතුරු දීම යටතේ නඩු පැවරීමයි.

:       4       10

vihanga Thursday, 16 September 2021 10:04 AM

නඩු දානවට වඩා මේ කරපු දේ නම් ඉතාම හොඳයි. අදාල පුද්ගලයත් පාඩමක් ඉගෙන ගත්තා.අහිංසක ජීවිතයක් බේරාගන්න ලේ ටිකකුත් ලැබුණා. මේ දේ කරපු පොලිස් නිලධාරියාට මල් මිටක්

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site