IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


‘ප්ලේස්’ නැති අවුරුදු කුමාරිගෙන් විනිසුරු මඬුල්ලට අපූරු ප‍්‍රශ්නයක්

ගාලූ දිස්ත‍්‍රික්කයේ එක්තරා ගමක පවත්වන ලද අලූත් අවුරුදු උත්සවයකි. තරගාවලියේ ප‍්‍රධානතම අංගය වූයේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයයි. රූමත් තරුණියන් දහ දොළොස් දෙනෙක් චීත්ත රෙදි හා හැට්ට හැඳගෙන සිය රූ සපුව වඩ වඩාත් ඔප මට්ටම් කරගෙන වේදිකාව මත පෙනී සිටියහ. විනිශ්චය මණ්ඩලය බරපතළ අභියෝගයකට මුහුණපා අවසන තම අපක්ෂපාතී තීරණය නිවේදකයා හට ලිඛිතව දුන්හ. නිවේදකයා බොහෝසේ හැඩ වැඩ දමා අවසන් ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත් කළේ සුවහසක් නරඹන්නන්ගේ වේගවත් අත්පොළසන් හඬ මධ්‍යයේය. එහිදී කිසිම කෙනකු නොසිතූ අපූරු සිදුවීමක් විය. තරගකාරියන් අතර සිටි එක් කටකාර යුවතියක් ඉදිරියට පැන නිවේදකයා අත තිබූ මයික‍්‍රපෝනය උදුරා ගත්තාය. ඇය උත්සව සභාව අමතන්නට වූවාය. මේ විනිශ්චය මණ්ඩලය හරිම අසාධරණ විධියටයි කටයුතු කළේ. බලන්න මේ තුන් දෙනා ඇත්තටම ලස්සන ද කියලා. මට කිසිම ප්ලේස් එකක් නෑ. ඔයාලා කියන්න මම ලස්සන නැද්ද?  ඕ මහ හඬින් හැඬුම්බර ස්වරයෙන් ඇසුවාය. සුවහසක් නරඹන්නන් වෙතින් මුළු පළාතම ගිගුම් දෙන අයුරින් මහා හූ හඬක් නැගුණි. යුවතිය මහ හඬින් හඬමින් වේදිකාවෙන් බැසගියාය.



අදහස් (0)

‘ප්ලේස්’ නැති අවුරුදු කුමාරිගෙන් විනිසුරු මඬුල්ලට අපූරු ප‍්‍රශ්නයක්

පිලානේ දිලන් Monday, 21 May 2012 08:24 PM

කටකාර ළමය අපේ ගමේ කෙනක් මම හිටුව ඔය ටික කරගනී කියල..අය්යෝ ගමේ නම්බුවත් ඉවරයි..

:       0       0

ධම්මික Monday, 21 May 2012 08:30 PM

කාට නැතත් එයා මට හොදයි

:       0       0

අචල Tuesday, 22 May 2012 12:37 PM

සරත් ෆොන්සේකාත් මේ වැඩේම තමා කරේ , වැරදි ආදර්ශයක් SF දීල තියෙන්නේ පරාජය බාරගන්න බැරි මිනිස්සු

:       0       0

සෙනරත් Monday, 21 May 2012 08:59 PM

මේ ළමයා කවදා හරි ලොකු අමාරුවක වැටෙනවා

:       0       0

ජුඩේසන් Monday, 21 May 2012 09:19 PM

පරාජය පිළිගැනීමට නොහැකි නම් තරග වලට සහභාගි නොවීම ඔබට යහපත්

:       0       0

දුමින්ද Monday, 21 May 2012 09:16 AM

මෙයින් පෙනෙන්නේ ඇගේ මානසිකත්වයයි..අපි බලාපොරොත්තු වන හැමදේම අපිට ලබන්න බෑ...

:       0       0

බාතිය Monday, 21 May 2012 09:58 AM

කාලා හමාරයි.

:       0       0

ප්‍රසන්න Monday, 21 May 2012 10:07 AM

කවුරුත් හිතන්නේ තමන් ලස්සනයි කියල තමයි... මේක තමයි තරඟඟක ස්වාභාවය..

:       0       0

චතුර Monday, 21 May 2012 10:23 AM

අයියෝ අක්කේ ...පිස්සු නේ...

:       0       0

කරෝලිස් Monday, 21 May 2012 10:45 AM

ගෙදරට වෙලා හිටියනම් ඉවරයි.

:       0       0

නිලන්ත Tuesday, 22 May 2012 02:58 PM

අනේ පව්....

:       0       0

ෂෙරීෆ් Tuesday, 22 May 2012 02:14 AM

ඔයා දුක් වෙන්න එපා චූටි මැණිකේ.ලබන බක් මහේදී මම ඔයාට ප්ලේස් එක්ක අරන් දෙන්නම්

:       0       0

මාතලේ රාළ Tuesday, 22 May 2012 05:34 AM

පවු කෙල්ලට දුක හිතෙන්න ඇති.ඕකට හිනා නොවී එයාට තරගයේ ස්වභාවය කියා දුන්න නම් හොදයි නේද?

:       0       0

සන්ජීව Monday, 21 May 2012 12:38 PM

ලස්සන තියෙන්නේ බලන්න තමයි.....

:       0       0

රබ්බඩ අයියා Monday, 21 May 2012 12:43 PM

කාට නැතත් මට ඔයාව ලස්සනයි නංගියේ...

:       0       0

අසිත Tuesday, 22 May 2012 08:34 AM

එල නංගී එල

:       0       0

හබී Monday, 21 May 2012 01:11 PM

ඔයා ලස්සනයි. ඒත් ඔයාව 01 ට ‍තේවානම් මට තමයි ගැටලුව. ‍‍ ඊට පස්සේ ගමේ ‍කොල්ලො ඔයා‍‍‍ගේ පස්සෙන් ඒවී. ඒක නිසා මම කිවිවා ඔයා ‍සිලෙක්ට් කරන්න එපා කියලා. තරහා ‍ගන්න එපා.

:       0       0

කතරගම සංජීව Monday, 21 May 2012 01:46 PM

අපේ ටයිනිත් මම දන්නවානම් ගේනවා ශුවර් ඌ එක වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1046 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site