IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොල්තෙලෙන් වරකා ගිල්ල අලුත් මනමාල අප්පු

(ආර්.ඒ. ප්‍රියංකා රූපසිංහ – නැදලගමුව) 
සත් කෝරළේ ගැමි නි​ෙවසක කල වයස ගෙවී යමින් සිටි තරුණියකට සහකරුවකු සොයාගත්තේ කපු මහතකුගේ සහායෙනි. විවාහය තීන්දු වීමෙන් මනාලයා තරුණියගේ නි​ෙවසට යන්න එන්න වූයේ තරුණිය දැන හඳුනාගෙන විවාහයට සූදානම් වීමේ අටියෙනි. 


තරමක් නිවට නියාලු ගති ගුණ තිබූ මෙම තරුණයාට තරුණිය කැමැත්තක් දැක්වූයේ රූපයෙන් සිත් ඇද බැඳ ගත් නිසාත් මහන්සි වී වැඩ කළ හැකි තරමක් දේපළ ඇති තරුණයකු වීම නිසාත්ය. දිනක් මෙම තරුණිය බැලීමට තෑගි බෝගද රැගෙන පැමිණි ඔහු දිවා ආහාරයද ගෙන සතුටු සාමීචියේ යෙදී සිටින විට නැන්දම්මා පැමිණ මනාලයාට පැණි වරකා තියනව කනවද පුතේ? කියා ඇසුවාය. 


වරකාවලට දැඩි කැමැත්තක් දැක්වූ තරුණයා කැමැත්තෙන් ‘හා කමු කමු’ කීවේ පුටුවෙන්ද නැගිටිමිනි. තරුණිය පැමිණ වරකා කෑමට මුලුතැන්ගේ දෙසට එක්ක ගිය මනාලයාට යහමින් සුවඳ හමන ඉදුණු වරකා කපා පිළිගැන්නුවාය. නැන්දම්මා පැමිණ වරකා සමග පොල් තෙල් දැමූ බෝතලයක්ද බිම තැබුවේ වරකා කනවිට කොහොල්ලෑ අතේ තැවරෙන නිසා අතපිස දැමීමටය. 


ඔහු අසලින් වරකා තබා තරුණිය හා ඇගේ මව එතනින් නික්මුණේ දිවා ආහාරය පිළිගැන්වූ මේසය අස්පස් කර දැමීමටය. ඔහු වරකා කන තෙක් මුලුතැන්ගේ වැඩවල නිරත වූ මව සහ දියණිය නැවත මනාලයා සිටි තැනට පැමිණියේ තව වරකා දෙන්නද පුතේ’ කියා මනාලයාගෙන් අසමිනි. 


මනාලයාගේ පිළිතුර වූයේ ‘තව පොල් තෙල් ටිකක් තිබ්බොත් තව වරකා ටිකක් කන්න ඇහැකි’ යනුවෙන් පවසමිනි. 
මනාලයාගේ පිළිතුරෙන් අන්ද මන්ද වූ මව සහ දියණිය මුහුණෙන් මුහුණ බලා ගත්තේ ප්‍රශ්නාර්ථයක් මුහුණේ රඳවා ගනිමිනි. වරකා සමග පොල් තෙල් බෝතලයක් තැබූ නැන්දම්මා ක්ෂණයකින් බෝතලය දෙස බැලුවේ  පොල්තෙල්වලට කුමක් සිදුවීද යන කුකුසෙනි. කාරණය තේරුම් ගත් මව සහ දියණිය දුටුවේ මනාලයා පොල් තෙල් යහමින් තවරාගන වරකා කෑම නිසා පොල්තෙල් බෝතලය අවසන් වී ඇති බවය.



අදහස් (0)

පොල්තෙලෙන් වරකා ගිල්ල අලුත් මනමාල අප්පු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site