IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


පලතුරු කඩේ කොරෝනා ගෙඩියට දැරිය බියවෙලා

කුඩා දැරියක වඩාගත් මවක් කඩවත නගරයේ වෙළෙඳ සලකට ගියේ නිවෙසට අවශ්‍ය අඩුම කුඩුම මිලදී ගන්නටය.


එළවළු කුළුබඩු හිතේ හැටියට මිලදී ගත් ඇය සිය දියණියද සමග ඊළඟට ගොඩවූයේ පලතුරු කඩයකටය.


එම වෙළෙඳසලෙන් ගස්ලබු හා කෙසෙල්ගෙඩි තෝරද්දී දියණිය එහි එල්ලා තිබෙන පලතුරු පොකුරක් දෙස දෑස් නොසොල්වා බලා සිටින අයුරු දුටු පලතුරු වෙළෙන්දා දැරිය දෙස බලා සිනාසී, 


‘දුවට මේකක්ද ඕනෑ? කියා ඇසුවේ එල්ලා තිබෙන පොකුර පෙන්වමිනි’’
‘‘එපා... එපා’’ කියා ඇය බියෙන් කෑගසද්දී ඇගේ මව කීවේ,
‘‘ඇයි පුතේ, අංකල් ආදරේටනේ දෙන්නේ... ගන්නකෝ....’’ කියාය.
එවර දැරිය විලාපදී හඬන්නට වූයේ එය එපාම කියමිනි.
ගෙඩිය අතට ගත් මව ‘‘ආ ගන්නකෝ මේව රසයි’’ කියා දැරියට ළං කළාය.


‘‘එපා... එපා.... කොරෝනා... කොරෝනා ගෙඩි එපා...’’ කියමින් දැරියගේ හැඬීම දෙගුණ වූයේ මවගේ ග්‍රහණයෙන්ද මිදී බිමට බසිමිනි.
‘‘එපා... මට එපා... ඕක කොරෝනා ගෙඩියක්’’ යැයි දැරිය බෙරිහන් දී හඬද්දී ‘‘දැනුයි නෝනා තේරුනේ ටී.වී. එකේ කොරෝනා වයිරස් පෙන්නද්දි දරුවාට මේ වගේ පේන්න ඇති.


යං... යං ගෙදර යං මට බයයි කියා දැරිය නොනවත්වා හඬන්නට වූයෙන් මව වෙළෙඳ සලෙන් පිටවූයේ තෝරාගත් පළතුරුද එපා කියමිනි.


දැරිය බියවූයේ හොඳින් ඉඳුණු රතු පැහැ රඹුටන් වල්ලකටය.
ප්‍රසන්න පී. වික්‍රමපාල



අදහස් (0)

පලතුරු කඩේ කොරෝනා ගෙඩියට දැරිය බියවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site