
රුවන්වැල්ල -විමලරත්න සමරක්කොඩි
හොරෙන් පොල් කැඩීම සඳහා ගසකට නැග සිටි පුද්ගලයකු දුටු ඉඩම් හිමියා ඒ බවක් නොඅඟවා පොරවක් ගෙන ගස කැපීමට සූදානම් වෙද්දී මරණ බයට පත්වූ සොරා ගස උඩ සිටම සමාව ඉල්ලා ඉඩම් හිමියාට වැඳ වැටීමේ පුවතක් රුවන්වැල්ලට නුදුරු ගම්මානයකින් අසන්නට ලැබිණි.
පොල් සොරකමේ ගිය ඔහු තනිකඩයෙකි. මත්පැන් බීමට තදින්ම ඇබ්බැහි වී සිටි ඔහු මුදල් සොයාගැනීම සඳහා පාළුවට ගිය ඉඩම්වල පොල් පුවක් කැඩීමට පෙළැඹී සිටියේය.
මිනිසුන් නොගැවසෙන පාළු හරියක තිබූ පොල් ගසක යහමින් ගෙඩි හැදී තිබිණි. වටපිට බලා හීන් සීරුවේම ගසට නැග්ගත් ඒ බැව් කිසිවෙකු විසින් දැක ඉඩම් හිමියා දැනුවත් කළේ පොල් සොරාගේ කල් කිරියාව තමන්ට ද වදයක් වී තිබූ අයෙකි.
ඒ අනුව පොරවක්ද අතැතිව පැමිණි ඔහු ගස උඩ සිටි සොරා දුටු බව නොඅගවා ගස කැපීමට සූදානම් විය. පොරෝ පහර දෙක තුනක් වැදෙන විට සොරා මරණ බියට පත්විය. අතු අස්සේ සැඟවී සිටි ඔහු තමා බිමට බහින තුරු ගස නොකපන ලෙස ඉඩම් හිමියාගෙන් බැගෑපත්ව ඉල්ලුවේ වෙන කළ යුතු දෙයක් නොවූ බැවිනි.
එහිදී ක්ෂණිකව ගසෙන් බිමට බැසගත් සොරා තමාට කිසිවක් නොකරන ලෙසත් මින්පසු හොරෙන් පොල් නොකඩන බවත් පැවැසූ ඔහු ඒ අනුව තමාට සමාව දෙන ලෙසත් ඉඩම් හිමියාගෙන් ඉල්ලුවේ වැද වැටෙමිනි.
ඉඩම් හිමියාද ඔහුට තරයේ බැණ වැදී මින් මතු ඉඩමට පැමිණියහොත් දැඩි දඬුවම් දෙන බව පවසා එළවා දැමුවේ තමන් දුන් දඩුවම ඔහුට මුළු ජීවිත කාලයටම පාඩමක් බව හොඳින්ම දන්නා බැවිනි.
2025 දෙසැම්බර් මස 18
43
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල් හොරාට දුම් විසිවෙන දඬුවමක් දීලා