(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න) 
පොල් ගෙඩි හොරෙන් කඩා බහින අවස්ථාවේදී අපූරු දඬුවමක් හිමිවී යැයි කියන තරුණයෙක් සම්බන්ධ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 
මෙම තරුණයා සාමාන්‍ය පෙළ විභාගයටත් පෙනී නොසිට නිවෙසින් පැන ගොස් ගම්මානයේ වයසින් වැඩිමල් පිරිසක් සමග එක්ව මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදු වී සිටියේය. 
මත්ද්‍රව්‍ය පානය කිරීමට පුරුදුව සිටි තරුණයා යහමඟට ගැනීමට ඔහුගේ මවුපියන් වසර ගණනාවක සිට කොපමණ උත්සාහ දැරුවත් අවසානයේ නිෂ්ඵල විය. බැරිම තැන මවුපියෝ දරුවා අතහැර දැමූහ. 
මෙම තරුණයාට ඉකුත් 2 වැනිදා පෙරවරුවේ අල්ලපු නිවෙසේ පදිංචි මත්ද්‍රව්‍ය පානය කරන තරුණයකු කතාකොට ප්‍රකාශ කර ඇත්තේ මත්ද්‍රව්‍ය පානය කිරීමට තමාට මුදල් නොමැති බවය. තමන්ගේ නිවෙසේ මවුපියන් නගරයට ගිය බැවින් ගස් කිහිපයක පොල් කඩා අලෙවි කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් විය.
යෝජනාවට කැමැත්ත ප්‍රකාශ කළ තරුණයා මිතුරාගේ නිවෙස පිටුපස තිබුණු අඩි 25ක් පමණ උස පොල් ගසකට නැග පොල් ගෙඩි 20ක් පමණ කඩා බහින්න සූදානම් වූ අවස්ථාවේ දී දෙබරු වටකරගෙන ඇන්නාහ. දෙබරු අනින අවස්ථාවේ දී ඉක්මනට ගසෙන් බැස ගත් තරුණයා මිතුරාට පරුෂ වචනයෙන් බැණ වදිමින් නිවෙසටම දිව ගියේය. 
පසුව තරුණයාගේ මවුපියන් කෑ ගසන්නේ මන්දැයි විමසා සිටි අවස්ථාවේදී තමාට දෙබරු හය දෙනකු පමණ අසල්වැසි වත්තේ දී ඇන්න බව ප්‍රකාශ කළේය. දෙබරු ඇනීමට හේතුව විමසා සිටි අවස්ථාවේ දී සිද්ධිය පිළිබඳ මවුපියන්ට තරුණයා ප්‍රකාශ කළේ කීමට වෙනත් දෙයක් නොතිබූ නිසාය. 
මවුපියන් සිංහල වෛද්‍ය ප්‍රතිකාර කරන ගම්මානයේ වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දී ඇතැයි වාර්තා වෙයි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පොල් හොරකමේ ගියාට තරු පේන දඬුවමක් ලැබිලා