IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොල් හොරා ගහේ ඉඳන්ම අයිතිකරු ‘ඉන්ටවීව්’ කරලා

මැදගම වාර්තාකරු
හොරෙන් පොල් කැඩීමට පාළු ඉඩමකට පැමිණි සොරකු ඉඩම් හිමිකරුගෙන් ප්‍රශ්න කිරීමේ පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා විය.
සිද්ධිය සැකෙවින් මෙසේය.
එය ප්‍රදේශයේ  රජයේ නිලධාරිනියකට අයත් ඉඩමකි. එහි සරුවට පොල් සෑදී තිබුණි. ඔවුහු මෙම ඉඩම සමග පදිංචිව සිටි නිවෙස හැර දමා වසර කිහිපයක් වෙනත් ප්‍රදේශයක පදිංචියට ගොස් සිටියහ.
වසර කිහිපයක සිට මෙම නිවෙසේ පදිංචියට නොපැමිණීම නිසා නිවෙස සමග ඉඩම ද පාළු වී ගොස් කලක් යනවිට මෙම ඉඩම හොරුන්ගේ රාජධානියක් බවට පත්විය.
වසර කිහිපයක් ගත වූ පසුව මෙම ඉඩම විනාශ වී යන බැවින් අඹුදරුවෝ කතාබහ කරගෙන නැවත මෙහි පදිංචියට පැමිණිමට තීරණය කළහ. ඉඩම් හිමිකරු දිනක් නිවෙස සුද්ද පවිත්‍ර කිරීමට පැමිණියේය.


ටික වෙලාවක් වැඩ කරමින් සිටින විට එකවරම ඉඩම දෙසින් පොල් වැටෙන හඬක් ඇසෙන්නට විය. හඬ ඇසෙන දෙසට ගොස් බැලූ විට එක්තරා පුද්ගලයකු පොල් ගසකට නැඟ පොල් කඩන අයුරු දැක ගන්නට ලැබුණි. උරණ වූ ගෙහිමියා ඒ දෙස බලා සිටියත් සොරා කිසිම වෙනසක් නොපෙන්වා දිගටම පොල් කඩමින් සිටියේය.
මොකද ඔය කරන්නේ හිමිකරු කෑගසා ඇසුවේ කේන්තිය ඉහවහා යමිනි. 
එවිට සොරා ‘‘ඇයි පේන්නේ නැද්ද පොල් කඩනවා... තමුන් කවුද මගෙන් මොකද කරන්නේ අහන්න”‍ යැයි ගස උඩ සිටම ඇසීය.
සොරා ගසෙන් බිමට බසින තුරු සිටි ගෙහිමියා එම පොල් ගසේම සොරා ගැට ගසා හොඳ හැටි ගුටිබැට දෙමින්  තමා කවුදැයි ඔහුට හොඳ හැටි තේරුම් කර දුන්නේ පොලිසියට ද ඇමතුමක් දෙමිනි.

 



අදහස් (0)

පොල් හොරා ගහේ ඉඳන්ම අයිතිකරු ‘ඉන්ටවීව්’ කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 44 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 131 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 931 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site