IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පොල් වත්ත මාරුවී පොළොව පලාගෙන යන්න හිතිලා

පොලිස් බෑනාගේ පොල්වත්ත බලන්න පොල්වත්තට පැමිණි නැන්දම්මාට පොෙළාව පලා ගෙන යන්න තරම් වූ අපූරු සිදුවීමක් පිළිබඳ කතාවක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
පොලිසිය අගනුවරය. එක් අංශයක ස්ථානාධිපති කෙනෙකි. හේ රාජකාරියට එළියට පහලියට ගියදාක රුවැති ළඳක් දුටුවේය. සුකුමාල, මනලෝල ළඳ දුටුසැනින් ඔහුගේ පොලිස් හදවතට අමුත්තක් දැනුනේය. වරක් දුටුවම දෙවරක් බලන්න හිතෙන මේ ළඳට පොලිස් ඇස ගියේය. ඇයගේ ඇසද පොලිස් ඇසට නතුවිය. ඔවුනොවුන් පෙම්වතුන් වූයේ එසේය. වැඩේ දුරදිග ගියේය.
දෙන්නට දෙන්නා නිවෙස්වලට හොරෙන්, හොරා පොලිස් සෙල්ලම මෙන් හොරෙන් හොරෙන් ආදරය කළහ. අවසාන වූයේද ගෙවල්වලට හොරෙන්ම දෙන්නාම එකම අයකු ලෙස අතිනත ගැනීමෙනි.


පොලිස් බෑනාගේ තරම නැන්දම්මා දැන ගන්න ගියවිට වැඩේ දුර දිග ගොස්ය. කළ හැකි දෙයක් නොවීය. නැන්දම්මාට කළ යුතුව තිබුණේ පොලිස් බෑනා නිවසට කැඳවා ආශීර්වාද කිරීම පමණි. ඒ අනුව පොලිස් බෑනා පොලිස් වී නැන්දම්මා මුණගැසීමට ආවේය. නැන්දම්මා ඔහුව සම්මුඛ පරීක්ෂණයකට භාජනය කළේය.
පළමු ප්‍රශ්නය ඉන්න තැන ගැනය. පුතාලා කොහේද? අපි මේ අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ කිව්වේ. අම්බලන්ගොඩ පොල්වත්තේ. හා පොල්වත්තකද. ඔව් අම්මා පොල්වත්තේ. ඇවිත් බලන්නකෝ මම ඉන්න පොල්වත්ත කොහොමද කියලා. හා අපි ලබන සතියෙම පුතා ඉන්න පොල්වත්ත බලන්න එනවා.
නැන්දම්මා සිය බෑනාට අම්බලන්ගොඩ, පොල්වත්තක් ඇතැයි නෑසනුහරේටම කීවාය. පොලිස් බෑනාගේ පොල්වත්ත ඇය සිතෙන් මැන බැලු‍වාය. අඩුම තරමින් පොල්ගස් හත් අට සියයක් වත් ඇතැයි සිතමින් ආඩම්බර වූවාය.
  අම්බලන්ගොඩ නගරයට පැමිණි නැන්දම්මා නගරයේ සිට ත්‍රිරෝද රථයෙන් සිය නිවසට පොලිස් බෑනා කැඳවාගෙන ආවේය. ඇය ත්‍රිරෝද රථයෙන් බැස්සේම හතර වටේම ඇස් කරකවමිනි. ආ  පුතා පොල්වත්තක ඉන්නවයි කීවට වත්තටම තියෙන්නේ එකම එක පොල් ගහයිනේ ඇය මහපොළව කඩා වැටුණාක් මෙන් කීවාය. ඇයි අම්මේ මේ ප්‍රදේශයට කියන්නේ පොල්වත්තනේ. අම්බලන්ගොඩ, පොල්වත්ත. මම ඒකයි කීවේ යයි පොලිස් බෑනා කීවිට නැන්දම්මාට පොල්වත්තේ ​ෙපාළොව පලාගෙන යන්න සිතුනාලු‍.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත



අදහස් (0)

පොල් වත්ත මාරුවී පොළොව පලාගෙන යන්න හිතිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 9 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 808 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site