පොල්කඩන්නකු සොයා ගිය පුද්ගලයකුට අපූරු අත්දැකීමක් ලැබුණි. පොල් ති‍්‍රකෝණයේ පිටිසර ගමකින් වාර්තාවූ එම පුවත මෙසේය. මේ ප‍්‍රදේශයේ පොල් කඩන්නෝ කලකට පෙර බොහෝ වූහ. අදත් රෑට එවැනි පිරිස් සුලබය. දවල්ට එවැන්නෙකු සොයාගැනීම විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම තරම් දුර්ලභ වූද අමාරු වූද කාර්යයකි. තම ගමේ පොල්කඩන්නෙක් නැත. අල්ලපු ගමේ නම් එක් අයෙක් සිටී. පොල් ගස් හිමියා දිනක් පෙරවරු දහයට පමණ ඔහු සොයා ගියේය. පොල් කඩන්නා බැහැරව ගොසිනි. සිටියේ ඔහුගේ තරුණ බිරියයි. අමුත්තා දුටු බිරිය ඇයි මහත්තයා හමුවෙන්නද ඇසුවාය. ඔව් පොල්ගස් කීපයක පොල් වේළිලා වැටෙනවා. එහෙමද? ඉන්න කියා ගෙට ගිය ඇය ඇක්සයිස් පොතක් හා පෑනක් ගෙනැත් ඔහුට දුන්නාය. පොතේ මෙසේ ලියා තිබිණි. සෑම මසකම පසළොස්වක පෝ දින හා බදාදා දිනවල අප නිවාඩු බව සලකන්න. ඔබේ නම ලිපිනය හා දුරකථන අංකය සහ ගෙඩි කැඞීමට ඇති පොල්ගස් ගණනද මෙහි සටහන් කරන්න. දුරකතන අංකයට රාතී‍්‍ර නමයත් දහයත් අතර අමතමි. ගස් හිමියා පොතේ සඳහන් පරිදි කටයුතු කර ආපසු ආවේය. එදිනම රාතී‍්‍ර නමයෙන් පසු ඇමතුමක් ලැබිණි. ඔබේ පොල් කැඞීමට ඇත්තේ ගස් පහක් බව සඳහන්ව තිබුණා. මම දිනකට පොල් කඩන්නේ ගස් විස්සක පමණයි. ගහකට ගන්නේ රුපියල් පනහයි. ගමේ ඇවිද තවත් ගස් පහළොවක් සොයා මගේ මේ අංකයට අමතන්න. වහාම පැමිණෙමි. දුරකතනයෙන් එසේ පැවසීය. ඔහු හමුවීමට ගිය පුද්ගලයා ඔහු දුන් උපදෙස් පිළිපැද්දේය. ගෙවත්තේ පොල්ටිකද හොරුන්ගෙන් බේරාගත්තේය.
1
මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් කැඩීම පිළිවෙලකට සිදුකිරීමට ඔහුගේ බිරිදගෙනුත් අනගි සහයක් ලැබෙනවා . මෙවැනි පොල් කඩන්නන් සිටිනතාක්කල් පොල් ගස් හිමියන්ට පොල් කැඩීම ගැන කරදර විය යුතු නැත. මන්ද, ඊලග පොල් මුරයට පොල් කඩනවාදැයි ඔහුම දිනය සටහන් කර මතක් කරන නිසාවෙනි. සහෝදරයාණෙනි ඔබට සුභ අනාගතයක්!
පට්ට....පට.... පට......
පොල් කඩන්නගේ නීතියත් හොඳයි එකට පොල් ගස් හිමිකරු දක්වපු ප්‍රතිචාරයත් හොඳයි ... දෙන්නගෙම වැඩේ සාර්ථකව අවසන් වෙලා තියෙනවා ...... පොල් කඩන්න , කොන්ඩෙ කපන්න , කුලීවැඩ කරන්න , මාලු අල්ලන්න , කුඹුරු කොටන්න , ලොන්ඩරි කරන්න , තව මේ වගේ තනියම කරන දේවල් කරන්න පාසලක ඉගෙන ගන්න ඕන නැ.......මේවා ස්වයන් රැකියා පමණක් නෙමෙයි කුඩා ව්‍යාපාර .............ඉහලට ඉගෙන ගත්තේ නැති අයට මේ වැඩ ගැන දැනුම තියෙනවනම් සල්ලි වියදම් කරන්නේ නැතුව පටන් ගන්න පුළුවන් , සල්ලි හොයන්න පුළුවන් බිස්නස් මේවා තමයි .......
ඒ කොහොමෙයි........?
අර බිරිදගෙ අසනීපෙට පොල් ගස් ගිය කෙනාට මේක පෙන්වන්න
මේ මනුස්සායා හොදයි,අපේ කඩන කෙනා එන්නෙ එයාට ඔන උන දවසකට. එදාට සමහර විට පොල් නැ වැටිලාම
ඉස්සර පොල්කඩන අයට සැලකීමක් දැක්වුයේ නෑ. නමුත් එයත් එක්තරා දහඩිය මහන්සියෙන් මුදල් සොයන්නාවු හොද රැකියාවක් ඒ වගේම හොද මුදලකුත් උපයාගන්නට පුලුවන්. මේ අයගේ මාසික ආදායම බැලුවොත් රජයේ සේවකයෙක් මාසිකව ලබන්නාවු වැටුපට වඩා ආදායමක් මේ අය ලබනවා. එය හැමෝටම කරන්න බෑ. එයටත් හොද දක්ෂතාවයක් තිබිය යුතුයි. ගසට නැගීම, බැසීම, පැසුන පොල් තෝරා බේරා කැඩීම. මෙවැන්නන්ගේ වටිනාකම දන්නේ පොල්වත්තක් අයිතිකරුවන්ට පමණයි. සමහරක් රටවල්වල පොල් කැඩීමට වදුරන් පවා පුහුණුකර තිබෙනවා. අතීතයේ අඩුකුලේ ලෙස සමාජය සැලකු රැකියාවන් බාබර් (කරනවෑමියා) රෙදිඅපුල්ලන්නා (ලොංඩරි) යන රැකියාවන් තමයි අද කාටවත් කරදරයක් නොමැතිව තම දහඩිය මහන්සියෙන් කිරීමට තිබෙන්නාවු හොදම රැකියා. දැන් මේ අය කියන්නේ ඒ කාලේ ඔබේ, මේ කාලේ අපේ කියලයි.
නියමයි.. මෙහෙම පිළිවෙලකට සැලැස්මකට කවුරැත් වැඩ කරනවානම් අපේ රට ජපානෙ වගේ දියුණු වෙයි..
ගෙඩි සියයක් බිම හෙලුවත් අප්පච්චිට ඒක ගෙඩියයි.ඒ 1900 මේ 2000
පොල් කඩන අය හුගත් පාර්ලිමේන්තුවට ගිහින් කියන්නේ ඇත්තද?
මමත් ඔය අත්දැකීම වසර ගණනක් සිට මුහුණ පානවා. පොල්ගස් 100 ක් පමණ ඇති මාගේ ඉඩමේ පොල් කැඩිමට waiting list එකේ ඉන්න ඕනෑ. පලමුව සතියකට පමණ පෙර කෝල් කර දිනයක් වෙන්කර ගත යුතුයි.
ඒ මනුස්සයා සාධාරණයි.අපේ පැත්තේ ගහට 50කුයි, පොල් ගෙඩි 2කුයි ගන්නවා
දියුණු මිනිසෙක්. දියුණු වෙන්නනම් ඔයවගේ සැලැස්මක් තියෙන්න ඕන. ඔහුගේ රැකියාවේ අභිමානය ඔහු රැකගෙන ඇත. සුබ පැතුම්.
මට නම් දෙලොවම පොල් පේනවා ? ඔහොම යනකොට පොල් ගස් මුල ගෙඩි හැදෙන කාලයක් එයි..ඉවසන්න හදවත.......
පුරවැසියගේ අදහස හරි.ඔහුට මගේ සුභ පැතුම්..
මේ රස්සාවට යොමු වෙන අය හුගක් අඩුයි. මොකද අත පය හයිය තියෙනකම් විතරයි වැඩ.. පොල් සංවර්ධන මණ්ඩලය මැදිහත් වෙලා මේ අයට නොමිලේ රක්ෂනාවරණයක්, ආරක්ෂාකාරී නිසි පුහුණුවක් වගේ පහසුකම් ලබා දෙනවා නම් මේ රස්සාවත් නගා සිටුවන්න බැරි නැහැ..
උත්සාහවන්තයා ජය ගනී කිව්වේ විකමිම නෙමෙයි......
අපේ රටේ විධායක ශේණියේ රැකියා කරන සමහර අයට වඩා මේ මනුෂ්වයාගේ රැකියාව පිළිවෙලක් තියෙනවා.. මෙහෙම වැඩ කරන මිනිස්සු ඉන්නවා නම් මේ රටේ තියෙන පන්ති භේදය නැතිකරල වෙනත් දියුණු රටවල වගේ සැමට සමසේ සළකන්න පුළුවන් වේවි....
පේනව නේද පොල් ටික කඩාගන්න තියෙන අමාරැව.. දැන් හරි ටිකක් කල්පනා කරල ඔය පොල් පොළොවෙ ගහන එක නවත්වමු....
නියමයි. මේ විදියට පිළිවෙළට, හරියට, ඔක්කොම වැඩ කලොත් අපේ රට වගේ රටක් ලොවේ තවත් නෑ
නියම මහත්මයෙක්...
වැඩවසම්ක්‍රමය අහෝසිවීමෙන් පසු සමාජ දියුණුවත් සමග බොහෝ දෙනෙක් පාසල් අධ්‍යාපනය ලැබීමට උනන්දුවක් දැක්වූවායින් ඇතිවූ සමාජ විපර්යාසයත් සමග මෙවැනි රැකියාවලන් මදී සමාජයේ පිළිගැනීමක් ඇති රැකියා සදහා යොමුවීමට උනන්දුවක් දැක්වූවා. මෙහි දැනට නිරතවී සිටින සුළු පිරිසට කාය ශක්තිය දුර්වල කාලෙක තමන්ගෙන් පසු පරම්පරාවක් ඉදිරිපත් නොවිම තවත් ගැටළුවක්
මම දන්නවා බිම ඉදල පොල් කඩන විදියක්...
අපේ රටෙත ශ්‍රමයට හොදට වෙනවානම් ගොඩක් හොදයි.. ගස් නැග පොල් කඩන එක අමාරැ වැඩක්...
මේ මනුස්සය හොඳයිනේ ඒකටත් එක්ක අර මනුස්සයා.....
පොල් කඩන්නෙක් ඉන්නවා අපේ ගමෙත්.එයා දවල්ට අයිතිකරුවන් නැති ගස් ටික බලන් ගිහින් රෑට හොරෙන් කඩනවා
හොඳ ක්‍රමයක් , මම ඉන්ජිනේරුවෙක් වුණේ සත 20 ට (70 දශකයේ ) පොල් ගස් බඩගාල සල්ලි හම්බකරල ඉගෙනගත් නිසයි...
තමන් කරන රැකියාව ගෞරවාන්විතව කරන ඔහුට මගේ උත්තමාචාරය....දින දින දියුණු වේවා..!