IMG-LOGO

පුරසාරම් ඇද බාන්න ගිහින් රෙදි ගලෝගෙන

වසර අවසානයේ මිතුරන් පිරිසක් සමග මත්පැන් සාදයක් පවත්වන්නට සැලසුම් කර එම සාදය තමන්ගේ සහෝදරයකු වන මිතුරෙකු වන රජයේ ඉහළ පෙළේ තනතුරක් දරණ නිලධාරියකුට අයත් හෝටලයක පවත්වන්නට යෝජනා කර හෝටලය වෙන් කිරීමට අත්තිකාරම් මුදල් ලබාදීමට ගොස් එම නිලධාරියා නොහඳුනන බවට මිතුරන්ට හෙළිවීම නිසා සිය මිතුරන් අතරම උපහාසයට ලක්වූ පුද්ගලයකු පිළිබඳව පුවතක් සීතල පළාතක ගම්මානයකින් වාර්තාවේ 
සිද්ධියට සම්බන්ධ පුද්ගලයා තම උපන් ගමේම පදිංචිව රැකියාවක නිරතව සිටින අයෙකි. නත්තල උදාවීමත් සමග රටේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතවූ ඔහුගේ සම වයසේ මිතුරන් සියලුම දෙනා නිවාඩු ලැබ  ගම්බිම් වෙත පැමිණ සිටින අතරතුර නව වසර උදාවීමේ සතුට සැමරීම සඳහා මත්පැන් සාදයක් පවත්වන්නට මිතුරන් පිරිස අතරින්  යෝජනාවක් ඉදිරිපත්වී ඇත. යෝජනාව ඉදිරිපත්වූ සැණින් එම සාදයේ සංවිධාන කටයුතු භාරගත් මෙම පුද්ගලයා එම සාදය තමන් සමග දැඩි ලෙස කුළුපග රජයේ ඉහළ පෙළේ තනතුරක් දරන නිලධාරියාට අයත් හෝටලයේ පැවැත්විය හැකි බවත් ඒ සඳහා ඉතා ලාභදායි පැකේජයක් වෙන් කර ගතහැකි බවත් මිතුරන් පිරිස අතර පුරසාරම් දොඩා ඇත. 


හෝටලය තම සාදයට වෙන් කිරීම සඳහා පසුදින මිතුරන් පිරිස අදාළ හෝටලයට ගොස් ඇති අතර පිළිගැනීමේ කවුන්ටරයේ සිටි පුද්ගලයාගෙන් ඒ පිළිබඳව විස්තර විමසා ඇත. එම පුද්ගලයා හෝටලය පිළිබඳව විස්තර පවසන අතරතුර සාදයේ සංවිධාන කටයුතු භාරගත් පුද්ගලයා එම හෝටලය තම කුළුපග මිතුරා යැයි පිරිසට පවසා තිබූ ඉහළ පෙළේ රජයේ නිලධාරියාට අයත් එකක් දැයි විමසන විට එම අදහස පිළිගෙන හෝටලයේ රැඳී සිටි පුද්ගලයා පිරිස සමග කතාබහ කරමින් සිටින විට හෝටලයේ හිමිකරු ළඟ දී හෝටලයට පැමිණියේ දැයි සාදයේ සංවිධාන කටයුතු භාරගත් පුද්ගලයා නැවතත් විමසන විට හෝටලය හිමි එම නිලධාරියා තමන් බව එම පුද්ගලයා පිරිසට පවසා ඇත.
එම පුද්ගලයාගේ පිළිතුරත් සමග අන්දමන්ද වූ පිරිස මුහුණෙන් මුහුණ බලාගෙන  හෝටලය තම සාදයට වෙන් කිරීම පසෙක තබා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
සිය මිතුරාගේ වහසි බසට දොස් පවරා පසුදින සිය උපන් ගමේ තවත් මිතුරකුගේ නිවසක සාදය පැවැත්වීමට කටයුතු කර ඇති මිතුරන් පිරිස අතරට හෝටලයේ සාදය සංවිධානය කළ පුද්ගලයා පැමිණීම මගහැර තිබෙන බවත් සිය මිතුරන්ගේ උසුළු විසුළු ඉවසා ගැනීමට නොහැකිව සිය ජංගම දුරකතනය පවා ක්‍රියා විරහිත කර නිවස තුළටම වී කාලය ගත කරන බව දැනගන්නට ඇත.

 හේවාහැට එම්. දසනායක



අදහස් (0)

පුරසාරම් ඇද බාන්න ගිහින් රෙදි ගලෝගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site