සිය ලේලියගේ පැටිකිරිය සොයන්නට ගොස් පුතාගේ පැටිකිරියද හෙළිවීමේ පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ අකුරැස්ස පැත්තේ උප නගරයක් ආශ්‍රිත නිවසකිනි.
මේ පුතා අගනුවර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක මාණ්ඩලික නිලධාරියෙකි. එහි සේවය කරමින් සිටියදී දැන හඳුනාගත් වෙනත් ආයතනයක ලිපිකාරිණියක සමග දිගු කලක් ඇසුරු කොට විවාහ වී තම නිවසේ පදිංචියට ආවේ මෑතකය.
බිරිඳ දකුණු පළාතේ උපනගරයකට සිය සේවා මාරුව ලබා ගත්තත් ඔහු අගනුවරම සේවය කරමින් සති අන්ත නිවාඩු දිනවල ගමට ආවේය. ඔහුගේ මවට මඳ කලකින්ම ලේලිගේ හැසිරීම් සිතට ඇල්ලුවේ නැත. ඒ අැය වැඩිපුරම මිතුරන් ඇසුරු කරන නිසාය.
පසුගිය වෙසක් දිනවල මෙහෙකාරියක සමඟ නිවසේ කාමර පිරිසිදු කරන විට ලේලියගේ කාමරයේ සූට්කේසයක තිබී ඇයට ආ ලිපි මිටියක් නැන්දම්මාට අසුවිය. ඒ මහා පෙම් හෑලි ලියූ ලිපි මිටියකි.
නැන්දම්මාට දෙවියන් සිහිවී අගනුවර සිටින පුතා සති අන්තයේ ආ විටක ඔහුගේ සිතට කෝපයක් ඇති නොවන අයුරින් මේ බව කියා ලිපි මිටියද ඔහු අතට දුන්නාය.
මොහොතකින් ලැජ්ජාවට පත් වූ පුතා ‘මේව කවුද අම්මට දුන්නේ. මං ඉස්සර එයාට එවපු ලියුම් ටිකක්’.’කීමෙන් මවට තරු පෙනිණි.
එහෙමද?’ කී මව ඒවා ආපසු ඉල්ලුවත් පුතා ඒවා ගුලිකර ගත්තේ විනාශ කර දැමීමේ අරමුණෙනි.
තිහගොඩ උපසේන ලියනගම
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ප්‍රේමයේ පරණ ‘රැකෝඩ්’ හෙළිවී නූලෙන් බේරිලා