කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
තමන් උගන්වන පාසලේ විදුහල්පතිනිය හමුවීමට වෙලාවක් සහ දිනයක් ගැනීමට එම විදුහලේ රියැදුරුගේ දෙපාමුල වැඳ වැටීමට ගුරුවරුන්ට සිදුව ඇති පුවතක් දකුණු පළාතේ ප්‍රධාන පාසලකින් අසන්නට ලැබේ.
මීට පෙර සිටි විදුහල්පතීන් හමුවීමට එම විදුහලේ ගුරුවරුන්ට වෙලාවක් කලාවක් තිබුණේම නැත. එමෙන්ම වෙලාවක් දිනයක් වෙන්කර ගැනීමටද කිසිදු ගුරුවරයකුට සිදු නොවීය. ඒ ගුරුවරුන් තමන් හමුවීමට එනුයේ කාලය කා දමා සතුටු සාමීචියේ යෙදීමට නොව පාසලේ ඉගෙනුම ලබන සිසු දරුවන්ගේ අවශ්‍යතාවට බව එදා සිටි විදුහල්පතිවරුන් හොඳාකාරවම දැන සිටි නිසාවෙනි.
අලුතින් ආ විදුහල්පතිනිය පිටින් පැමිණෙන කෙනෙකු තියා විදුහලේ උගන්වන ගුරුවරයකුට ද හමුවීම බොරුය. ඒ සඳහා දිනයක් වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර් යයෙන්ම සිදු කළ යුතුමය. ඒ සඳහා තබා ඇත්තේ රජයෙන් මේ විදුහලට පත් කර ඇති රියැදුරු මහතාය.
පාසල් සිසු දරු දැරියකගේ මොනම අවශ්‍යතාවක දී වුවද මේ විදුහල්පතිනිය හමුවීමට නම් අර රියැදුරු මහතා ළඟ දණින් වැටිය යුතුමය. නොඑසේනම් ඇය හමුවීම බොරුය. වෙලාවක් දිනයක් වෙන් කර ඇය හමුවීමට යන විට දී පාසලේ සිද්ධ විය යුතුදේ හමාරය. මේ නිසාම මේ විදුහලේ ගුරු මෑණිවරුන් පියවරුන් ඉන්නේ දැඩි කලකිරීමෙන්ලු. ඇතැම් අය මේ නිසා මේ පාසල හැර යාමට පටන් ගෙන ඇති බව ද කියති.
2025 ඔක්තෝබර් මස 08
1900
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1518
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ප්‍රින්සිපල් මැඩම් හමුවෙන්න ඩ්‍රැයිවර්ගෙන් අවසර ගන්න වෙලා
pakeer Wednesday, 12 July 2023 09:58 PM
එක පාර ,ඔක්කොම දෙමවුපියෝ ටික ගියා නම් වැඩේ ඉවරනේ