මාවරල පී.එස්.මද්දුමගේ
මිතුරකු සමග යතුරුපැදියකින් ගමන් පහසුව සලසා ගත් ගැමියකුට වූ අකරතැබ්බයක් වලස්මුල්ල පාතෙගම ප්‍රදේශයෙන් වාර්තාවේ.
ඔහු පදිංචි ගම්මානයෙන් කිලෝ මීටර් අටක පමණ දුරකින් පිහිටි හෝටලයක සහාය අරක්කැමියකු ලෙස සේවය කළේය. විවාහකයකු වූ මොහුට දරුවන් තිදෙනකු සිටි අතර බිරිය රෝගී තත්ත්වයකින් පෙළුණාය. පෙරවරු 6.00 ට සේවයට යන ඔහු රාත්‍රී 7.00 ට පමණ ආපසු සේවයෙන් බැහැරව නිවෙසට පැමිණෙයි.
දිනක් හෝටලයේ සේවය නිමා වී නිවෙසට ඒමට බස් රථයක් එන තුරු සිටියදී යතුරු පැදියකින් පැමිණි තැනැත්තෙක් ඔහු අසල යතුරු පැදිය නතර කර නොනවත්වාම ප්‍රශ්න කරගෙන ගියේය.
“හලෝ... බොහොම කාලෙකින් හම්බ වුණේ...මොකද මේ රෑ... බස් එක නැද්ද? යමු මා එක්ක. නගින්න බයිසිකලේට...”
යතුරු පැදියෙන් පැමිණි අය අඳුර නිසා කව්ද කියා හඳුනා ගැනීමට නිච්චියක් නොවුණද මේ අය තමා හඳුනන හිතවත් අයෙකුයැයි සිතා දෙවරක් නොසිතා යතුරු පැදියට ගොඩ වුණේ ඉක්මනින් ගෙදර යාමට වාසනාවක් පහළ වූවායයි සිතමිණි.
“මහත්තයා කොහාටද යන්න...? මම මේ ළඟින් බහිනවා. පැට්‍රල් ටැංකිය උඩ තියෙන පාර්සලය දෙන්න මම අල්ලගන්නම් කියා මිතුරකු යයි සිතූ අයගෙන් පාර්සලය ඉල්ලා ගැනීමටද මොහු කාරුණික වූයේ, තමන්ට සලසන ගමන් පහසුව වෙනුවෙන් ප්‍රති උපකාරයක් කිරීමේ අදහස ඇතිවය.
මද දුරක් යන විට පොලිස් මුරපොළකින් යතුරුපැදිය නතර කළේය. යතුරුපැදිකරුගේ ආදායම් බල පත්‍රය, රක්ෂණ සහතිකය පරීක්ෂා කළ පොලිස් නිලධාරියකු එහි වරදක් නොවීයෙන් පිටත්ව යන්නට අවසර දී, මොහොතකින් පසුපස ගමන් කළ අයගේ අතේ තිබූ පාර්සලය සහ ඔහුගේ බෑගය පරීක්ෂා කරන්නට පොලිස් නිලධාරීහු කටයුතු කළහ.
මේ අතරතුර මිතුරු යතුරු පැදිකරු එක වරටම යතුරු පැදිය පණ ගන්වා වේගයෙන් එතැනින් පිටත්ව ගියේය.
නොසිතූ අලකංචියකට මුහුණ දුන් ඔහුගේ පාර්සලය පරීක්ෂා කිරීමේදී ගංජා මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පාර්සලයේ විය. ඔහු පොලිසිය වෙත රැගෙන යාමට කටයුතු කළ පොලිස් නිලධාරීහු ඔහුගෙන් ප්‍රශ්න කළහ.
“තමුන්ට මේ ගංජා පාර්සලය දුන්නෙ කව්ද?”
ඔහු සිදු වූ සියලු දේ පොලිස් නිලධාරීන්ට පැවැසුවද නිදහසක් නොලැබුණි.
පසුදින ඔහු පොලිස් මුරපොළට අදාළ පොලිසිය වෙත රැගෙන යාමෙන් පසු අධිකරණයේ නඩු පැවැරීමට පියවර ගැණුනි.
ලාබයත් ඉක්මනත් නිසා කරුණු විමසීමකින් තොරව තමන් කර ගත් වින්නැහිය ගැන සිතා මොහු ගැඹුරු කල්පනාවකින් යුතුව අසුනකට බරවිය.
2025 දෙසැම්බර් මස 18
44
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
931
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරෙන් මතුවුණ මිතුරා පොලිස් කූඩුවට පාර පෙන්නලා
රිහීත් උදයංග Friday, 29 December 2023 01:42 PM
අර ගියපු මනුස්සයා යනකන් පොලිසිය බලාගෙන හිටියද?