IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


පුරුද්දේ වැරැද්දෙන් අලි ජරමරයක්

(හක්මන විශේෂ දෙනගම යසන්ත ආරියසේන)
දීර්ඝ නිවාඩු කාලයකින් පසු රාජකාරියට ගොස් වැටුප් ලෙඛනයේ අත්සන් කිරීමේදී තම සැමියාගේ නම සටහන් කළ බිරියක් පිළිබඳව දකුණු පළාතේ නගරාසන්න ප්‍රසිද්ධ ආයතනයකින් වාර්තා වේ.


 කොවිඩ් 19 වයිරසය පැතිරයාම හේතුවෙන් වසර එක හමාරක් පමණ මෙම ආයතන පද්ධතිය වසා තිබූ අතර දැනට සති කිහිපයක සිට අදියර මට්ටමින් ඒ ඒ අංශ අනුව රාජකාරි කටයුතු ආරම්භ කළේය.


 තරුණු අඹු සැමි යුවළ විවාහ වසරක්වත් ගත නොවන අතර සැමියා නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයෙක් විය.


නිවාඩු කාලය නිසා නිවෙසට වී නිකරුණේ කාලය ගත කිරීමට අපහසු හෙයින් සැමියා සමග ව්‍යාපාරික ස්ථානයට යාම ඇය පුරුද්දක් කරගත්තාය. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වූ කාලයේදි වුවද වෙළෙඳ‌ාම් කටයුතු කරමින් දෙදෙනා කටයුතු කළ අතර නිවාඩු කාලය අවසන් වූ බිරියට රැකියාවට යාමට සිදුවිය


වසර එක හමාරකින් පමණ සේවා ස්ථානයේ හිතමිතුරන් සමග ආගිය තොරතුරු කතා බහා වෙමින් සිටියදී ඇයට කාර්යාලයට පැමිණෙන ලෙස ආයතන ප්‍රධානියාගෙන් කැදවීමක් ලැබිණි.


 කඩිමුඩියේ කාර්යාලයට ගිය ඇයට පසුගිය මාසවල වැටුප් ලේඛනයේ අත්සන් කරන ලෙස ප්‍රධානියා උපදෙස් දුන්නේය. සිය නම ඉදිරියෙන් අත්සන් කර හරි සර් කියා ඇය පිටව ගියාය. ප්‍රධානියා විසින් වැටුප් ලේඛන එදින සවස ප්‍රධාන කාර්යාලයට බාරදීම ද සිදුකළේය. පසුදින ප්‍රධාන කාර්යාලයේ ගිනුම් අංශයෙන් ලොකු සර්ට ඇමතුමක් ලබා දී පවසා සිටියේ වැටුප් ලේඛනයේ අත්සනක් වැරදි බැවින් එය නිවරැදි කර නැවත ගෙනවිත් දෙන ලෙසය.


වෙනත් නිලධාරියකු කාර්යාලයට යවා වැටුප් ලේඛනය පරික්ෂා කිරීමේදී ප්‍රමාද වී අත්සන් කළ නිලධාරිනිය අත්සන වෙනුවට වෙනත් නමක් ලියා තිබීම නිසා ඔහු යක්ෂාරූඪ විය. වහාම එම නිලධාරිනිය කාර්යාලයට කැදවා සිදුකළ වැරැද්දට අවවාද කළේය. මේ කාගේ නමක් දැයි ලියල තියෙන්නේ යැයි විමසීමේදී සැමියාගේ නම යැයි ඇය වෙව්ලමින් පැවසුවාය.


වසර එක හමාරක් පමණ නිවාඩු කාලයේදී ඇය විසින් සැමියාගේ ව්‍යාපාර කටයුතු වල මුදල් ගනුදෙනු සිදුකිරීමට චෙක්පත් වල සැමියාගේ  නම නිතරම ලිවීම නිසා එම පුරුද්දට මෙලෙස ලියවුණ බව සඳහන් කරමින් සිදුවූ අතපසුවීමට සමාව ඇය ද සිටියාය.


 සිහි කල්පනාව ඇතිව වැඩකරන ලෙස ප්‍රධානියා ඇයට උපදෙස් දුන් අතර එම අවස්ථාවේ කාර්යාලය තුළ සිටි සහෝදර සේවකයකු සිද්ධිය අසා සිටීම නිසා කතාව සේවක මණ්ඩලය අතර පැතිර යාමට වැඩි කාලයක් ගත නොවීය. 


කාර්යාලීය මිතුරු මිතුරියන් සැමියාගේ නම පවසමින් ආමන්ත්‍රණය කරමින් කරන උසුළු විසුළු වලින් බේරීම සඳහා ඇයට එම සතියේ නිවාඩු දමා ගෙදර සිටීමට සිදුවිය.

 



අදහස් (0)

පුරුද්දේ වැරැද්දෙන් අලි ජරමරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 695 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 697 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 756 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 960 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 552 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 902 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1283 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site