IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පුරුද්දේ වැරැද්දෙන් අලි ජංජාලයක් වෙලා

(හසලක වාර්තාකරු)
“මම යනවා, බුදුසරණයි” යන්න සිය හිතවතකුට යැවූ එස්.එම්.එස්. පණිවිඩයක් ජංගම දුරකතනයක වැරැදි අංකයකට ගොස් සිදුවෙන්නට ගිය අඹු-සැමි ආරවුලක් නූලෙන් වැළකී ගිය සිද්ධියක් හසලක නගරයට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


ඔහු මහනුවර නගරයේ පෞද්ගලික ආයතනයක රැකියාව කරන්නෙකි. විවාහකයකු වන මොහුගේ වැඩිමහල් දරුවන් දෙදෙනා විවාහකයන් වන අතර ඔවුහු නගරයේ සිට කිලෝමීටර් හත-අටක දුරින් පදිංචි වී සිටිති.


මොහු රැකියාව සහ අනෙක් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා නගරයට ආසන්නයේ තාවකාලික පදිංචියට ගොස් සිටින අතර සතියකට හෝ සති දෙකකට වරක් නිවාඩු ලද විට ඔහු තම ගමට පැමිණ නිවස හා ගෙවත්ත පිරිසුදු කිරීමට පැමිණීම සාමාන්‍ය සිරිතක් කරගෙන තිබිණි.


මෙදින ද ගමට පැමිණ ආ කාරණය නිමාකර සවස 5ට පමණ පෙරළා මහනුවර යන්නට සූදානම්ව “මම යනවා, බුදුසරණයි” යන්න සටහන් කර තම දියණියට, පුතාට සහ හිතවතුන් කිහිපදෙනකුට සිය ජංගම දුරකතනයෙන් කෙටි පණිවිඩයක් යවා ගමන පිටත් විය. මෙය ද මොහු යෑමට සූදානම් වන සෑම දවසකම පුරුද්දට කරන්නකි.


නිවෙසට පැමිණ සිය දෛනික කටයුතු නිමා කර නින්දට ගොස් නින්දේ පසුවෙන විට රාත්‍රී 11ට පමණ ඔහුගේ ජංගම දුරකතනය නාද විය. නිදියහනේ සිටම “හලෝ” යැයි ඇමතූ විට අනෙක් පසින් කාන්තා කටහඬකින් ඔහු අමතා පැවැසුවේ “ඔයා කවුද”යි කියාය. එවිට “ඔයාට කාට ද කතා කරන්න ඕනෑ” කියා ඔහු පවසා තිබේ. 


“මම අද හවස මහත්තයාගේ ජංගම දුරකතනය බලනකොට මේ අංකයෙන් මගේ මහත්තයාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබී තිබෙනවා ‘මම යනවා බුදුසරණයි’ කියලා. මට ඒක එව්වේ කවුද කියලා දැනගන්න ඕනෑ. ඇයි එහෙම එව්වේ කියලත් දැනගන්න ඕනෑ. මම අද හවස ඉඳලා මෙයාගෙන් අහනවා මේ කෙටි පණිවිඩය ගැන. එයා හරි උත්තරයක් නොදුන්න නිසයි මම මේ අහන්නේ. මේ ගැන අපේ ගෙදර ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා.” යැයි ඇය පවසා ඇත.


එහිදී සිදුවී ඇති අතපසුවීම ඔහුට වැටහුණි. 


“අනේ නෝනා මට සමාවෙන්න. මම අහවල් කෙනා. මගේ අතින් වැරැදීමකින් වෙන්න ඕනෑ ඔය කෙටි පණිවිඩය ලැබිලා තියෙන්නේ. මහත්තයා වැරැදිකාරයෙක් නෙවෙයි.” කියා ඔහු පවසා තිබේ.
“හා හොඳයි” කියා නෝනා දුරකතනය විසන්ධි කර තිබේ. 


එය එසේ නිරවුල් නොවන්නට එම අඹු-සැමි යුවළ අතර මහා විනාශයක් සිදුවෙන්නට ඉඩ තිබූ බව පසු දින ඔහු යහළුවන්ට පැවැසීය.

 



අදහස් (0)

පුරුද්දේ වැරැද්දෙන් අලි ජංජාලයක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site