පළාත් පාලන ඡන්ද සමයේ මනාපය ඉල්ලා ගෙන් ගෙට ගිය අපේක්ෂිකාවක් තම පරණ පෙම්වතෙකුගේ නිවසට ගොස් සිදු වූ අකරතැබ්බයක් පිළිබඳව දකුණේ පිටිසරබද ගමකින් පසුගියදා දැනගන්නට ලැබුණි.
එම අපේක්ෂිකාව හැඩකාර කටකාර සමාජශීලි තරුණියකි. මේ නිසා ඇය සමඟ කතාබහ කිරීමට ඇසුරු කිරීමට බාල තරුණ වැඩිහිටි බොහෝ පිරිසක් කැමතිය. ඇයගේ මේ චරිත ස්වභාවය ඡන්ද ව්‍යාපාරයේ දී බොහෝ වාසි සහගත විය.
ඇයගේ දේශපාලන පක්ෂය ගම්වාසින්ට ගැටලුවක් නොවූ නිසා නිවෙස්වලට අල්ලාප සල්ලාපයේ යෙදෙමින් බොහෝ විනෝදයෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු නිරත වූ අතර ඒ සඳහා පිරිමි පාර්ශ්වය කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ.
මෙසේ ගෙයින්ගෙට යන අතරතුර එක් නිවසකට ගොඩවූ ඇය එහි සිටි කුඩා දරුවකු අතට තමා පිළිබඳව විස්තර සඳහන් කර තිබුණු අත් පත්‍රිකාවක් දී ‘‘පුතේ මේක තාත්තා ආවම දෙන්න’’ යැයි කියා පිටත්වීමට සූදානම් විය. එවිටම නිවසෙන් එළියට පැමිණි තරුණ කාන්තාවක ඇය තම සැමියාගේ පරණ පෙම්වතියක බව හඳුනාගෙන ඇත.
එම අපේක්ෂිකාවගේ වගතුග හොඳින් දන්නා එම කාන්තාව , ඔයාගේ විස්තර නොදන්න කෙනෙක් මේ ගම්පළාතේ නැහැ. මගේ මිනිහගේ මනාපේ ගන්න ආයිත් ආවද, මගේ මිනිහගෙ මනාපෙ ගන්න ඔයා ඉස්සර ලියපු පෙම්පත් ගොඩක් මට හමුවුණා. ඒවා මම තියාගෙන හිටියේ ඔයා හමු වූ දවසක දෙන්න කියල හිතාගෙනයි. ඒ නිසා මේ ටිකත් අරන් ගිහින් පිටපත් අරන් කට්ටියට බෙදන්න. එතකොට ඔයාගේ හැටි තවත් දැනගන්න පුළුවන් යැයි කියමින් දරුවා අතට දී තිබුණු අත්පත්‍රිකාව උදුරාගෙන ඉරා දමා ඇත.
මෙම සිද්ධියෙන් කලබලයට පත් නොවූ එම අපේක්ෂිකාව, හොඳයි අක්කේ, අක්කා දුන්නු කොළ ටිකත් මම ප්‍රින්ට් කරලා කට්ටියට බෙදන්නම්, එතකොට ඒකත් මගේ ප්‍රචාරන කටයුතුවලට හොඳයි, ඔයා දන්නෙ නැති වුණාට ඔයාගේ මනුස්සයගේ මනාපෙ තවමත් මටයි කියමින් සිනාසෙමින් එම නිවසෙන් පිටත් වී ඇත.
මුලටියන එස්. බාලසූරිය
2025 දෙසැම්බර් මස 18
433
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරණ පෙම්වතාගේ ගෙදරින් මනාපේ ඉල්ලා ජංජාලයක්