(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
තරුණ යුවළකගේ විවාහයට පෙර ඡායාරූප ගැනීමේ යෙදුණු ජායාරූප ශිල්පියකු හොර රහසේ මනාලිය වීඩියෝ කරන්නට යාමෙන් මනාලියගේ ගුටි බැට ප්‍රහාරයකට ගොදුරු වූ පුවතක් බස්නාහිර පළාතේ නගරයක උද්‍යානයකින් පසුගියදා වාර්තා විය.
විවාහය ලියා පදිංචි කළ තරුණ යුවළකි. විවාහයට දින නියම කර ඇත. නවතම යුගයේ හැඩ ගැස්ම අනුව ඊට පෙර යුවළගේ ඡායාරූප ගැනීමේ දිනය යෙදිණි. ජායාරූප හා වීඩියෝ කිරීමට ආ ශිල්පීහු විවිධ ඉරියව්වලින් දෙදෙනාගේ ඡායාරූප ගත්හ.
එක් අයෙක් මනාලයාට හා මනාලියට ඡායාරූප ගැනීම සඳහා වන ඉරියව් පෙන්වීය. යුවළ ඒ අනුව කටයුතු කරන්නට වූයේ සතුටිනි. මේ අතරේ ඡායාරූප ශිල්පියාගේ සහායකයා ද ජංගම දුරකතනයෙන් ඒ අවස්ථා ලබාගනු ලැබීය. මනාලයා ඉදිරියෙන් සිටිය දී මනාලිය සිටියේ පසු පසිනි. එක්වරම මනාලියගේ හඬ ඇසිණි. අතපය විසි කරන බව ද පෙනිණි. මනාලයා පිටුපස බැලීය. මනාලිය සහායකයාට පෙරළාගෙන පහර දෙනු දුටුවේය.
මේ මිනිහා හොරෙන් මගේ ..... වීඩියෝ කරනවා මම දැක්කා. මනාලිය මනාලයාට පැවසුවේ හඬමිනි. මනාලයා සහායකයා අත වූ ජංගම දුරකතනය උදුරා ගනිද්දී එහි දර්ශන මකා දමන්නට සහායකයා උත්සාහ ගත්තේය.
මනාලයා ද පරාජය බාර ගැනීමට සූදානම් නොවීය. දුරකතනය උදුරාගෙන පිරික්සද්දී ඔහු තම පෙම්වතියගේ මෙන්ම ඊට පෙර අවස්ථා ගණනාවක දී වෙනත් කතුන්ගේ රහස් පෙදෙස් වීඩියෝ කර ඇති දර්ශන දැකීමත් සමග මනාලයාගෙන් ද ගුටි පූජාවක් එල්ල විය.
කරකියා ගත දෙයක් නැතිවූ ඡායාරූප ශිල්පියා යුවළගෙන් සමාව ඉල්ලීය. නීතිමය පියවරකට නොයන ලෙස ඉල්ලා සිටි ඔහු සහායකයා ඉවත් කර වෙනත් පිරිසක් යොදවා මංගල උළෙල නොමිලේ ඡායාරූප ගතකර දීමට පොරොන්දු වූයේ සිද්ධිය පැතිර ගියහොත් තමන්ගේ වෘත්තීය ජීවිතය විනාශ වෙන බව දන්නා නිසාය.
ඒ සමගම සහායකයා ළඟට කැඳවා කම්මුල් පහර කීපයකින් සංග්‍රහ කර පලවා හැරියේ යළි ඇසට පෙනෙන්නටවත් නොඑන ලෙසට දන්වමිනි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ප්‍රී් ෂූටින් අස්සේ මනාලියගෙන් ගුටි පූජාවක්
Hareendra Thursday, 02 December 2021 02:22 PM
මනාලිය රෙදි නැතිවද ඉඳලා තියෙන්නේ ?