(තිහගොඩ උපසේන ලියනගම)
‘‘හරිත ගොවි බිමේ අරුණාලෝකය’’ නමින් දර්ශනීය පින්තූර සහිතව ගොවීන් වෙත ලබා දුන් කමිසයක් බල්ලකු විසින් සපා කෑමේ අපූරු සිදුවීමක් පසුගිය දා අසන්නට ලැබුණේ පොස්පේට් නිධියක් පිළිබඳව ප්‍රකට ප්‍රදේශයකිනි.

මේ ප්‍රදේශයේ ගොවි සංවිධානයක් මගින් රාජ්‍ය නොවන සංවිධානයක අනුග්‍රහයෙන් මෙම කමීස තොගය ගොවීන්ට ලබා දුන්නේ ඉදිරි සෑම රැස්වීමකටම එය ඇඳගෙන එන ලෙස දන්වමිනි.
පසුගියදා වගාවේ ප්‍රගති සමාලෝචන රැස්වීමකට පැමිණි ගොවි මහතකු එම කමීසය ඇඳගෙන නොපැමිණීම ගැන සංවිධායකවරයා කරුණු විමසුවේය. ඔහු කීවේ, ‘‘කමීසය බල්ලො කෑවා’’ කියාය. කෝපයට පත් සංවිධායකවරයා ‘‘මොකක්’’ කීවේ යැයි ඇසුවේ කෝපයෙනි.
‘‘මං සෑර් දීපු කමිසෙ ඇඳගෙන පසුගියදා දිපූ දියර පෝර කුඹුරට ඉස්සා. ඒ වෙලාවේ දී ඒ දියර කමිසෙටත් වැටිලා කමිසෙ තෙමුණා. මම ඒක ඇන්න ගිහිං පැල්කොටේ ලීයක වනලා ගෙදර ගියා. නාගෙන කෑම කාල කමිසෙ බලන්න ගියාම ඒක බල්ලො බිම දාගෙන කාලා. ඒකෙ පිළී ගඳට වෙන්නැති’’ ඔහු කීවෙන් වටපිටාවේ වූවෝ සිනා සුනහ.
මේ රැස්වීමට පැමිණ සිටි ඉහළ මට්ටමේ නිලධාරියකුට ද මහා හිනාවක් ආවත්, ඔහු අතින් කට වසාගත්තේ ඉන් තම රැකියාවට අනර්ථයක් වේදෝයි බියෙන්ලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd