IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පාරේ මැරුණ මුවා අමුතු පාරකින් පිඟානට ඇවිත්

(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
අනතුරකින් මියගිය මුවකු අයිති කරගැනීමට අපූරු උපායක් යෙදූ හාදයකු පිළිබඳව දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


පාර හරහා මාරුවීමට ගිය විල් මුවෙක් යතුරු පැදියක ගැටී අනතුරට ලක්විය. ඇවිදගෙන යාමට නොහැකිව බරපතළ තුවාල ලබා සිටි මේ සත්ත්වයා ජීවත්කරවීමට ප්‍රදේශවාසීහු ඉතා මහන්සියක් ගත්හ.


ඔවුන්ගේ ඒ මහන්සිය වතුරේ දමමින් මේ සත්වයා අනතුරට ලක්වී විනාඩි කිහිපයකින්ම ජීවිතක්ෂයට පත්විය. ඒ දුටු තරුණයෝ මේ සත්වයා පිළිබඳව එක එක යෝජනා ගෙන ආහ. වැඩිහිටියෝ ඒවාට විරුද්ධවූහ.


මේ අතරේ සිටි අයෙක් මියගිය සත්වයාට දැනට කළයුතු දේ පිළිබඳව අපූරු යෝජනාවක් ගෙන ආවේය. ඒ මේ සත්වයා මේ ආසන්නයේම කුරුඳු කැලෑවේ වළ දැමිය යුතු බවත් වළ දැමූ සත්වයා යම් කිසි පිරිසක් විසින් නැවත ගොඩගෙන යාහැකි බැවින් උගේ ඇඟට භූමිතෙල් වත් කළයුතු බවත්ය. වැඩිහිටියෝ කවුරුත් එයට එකඟ වූහ.


මේ සත්වයා වළ දැමීම සඳහා උදැල්ලක් රැගෙන එන ලෙස ප්‍රදේශවාසීන්ට යෝජනා කළේද ඔහුය. මියගිය මේ සත්වයා තමන්ට වළ දැමීමට සිදුවෙතැයි සිතූ එතන සිටි තරුණයෝ හිමිහිට එම ස්ථානයෙන් මාරුවී ගියහ. මේ නිසාම සත්වයා වළ දැමීමට සිටියේ ඔහුත් තවත් කිහිපදෙනෙක් පමණි.


වැඩිහිටියන් දෙතුන් දෙනකුට සත්වයා වළ දැමීමට උපදෙස් දෙමින් ඔහු ගියේ භූමිතෙල් ගෙන ඒමටය. මේ වනවිට හිරුද සිටියේ සිය  රාජකාරිය නිම කිරීමට ඔන්න මෙන්නය.


භූමිතෙල් ගෙන ඒමට ගිය ඔහු ඉටි කවරයක්ද ගෙන ආවේය.මේ වනවිට සත්වයා වළ දැමීමට වළ කපා අවසානව තිබූ බැවින්  භූමිතෙල් යයි කියමින් රැගෙන ආ ද්‍රව්‍ය සත්වයාගේ ඇගේ සෑමතැනම වත් කොට අනේ පව් මේ සත්වයාට කියමින් අපූරු සත්ව කරුණාවක් පෙන්වා තමා ගෙන ආ ඉටිකොළයේ ඌ දමා වැළලුවේ ඔහු විසින්මය.


එදා රාත්‍රියේ ඔහු පිරිසක් සමග රසට උයා පිහා තිබුණු මස් තොගයක් සමග මධුවිත තොල ගාමින් සිටියේය. මුදල් නොමැතිව හතර අතේ ඇවිද සිටි ඔහුට මේ තරම් මස් තොගයක් ගන්නට හැකිවූයේ කෙසේදැයි යන්න කාටත් ප්‍රශ්නයක් වී තිබූ බැවින් ඔවුහු ඔහුගෙන් ඒ ගැන ඇසූහ.


මම රියල් ගේමක් දීලා කිලෝ විස්සක් විතර බර  මුවෙක් අයිතිකර ගත්තා යයි කියමින් ඔහු සිය විස්තරය පැවැසූයේ බමන මතිනි.


පසුදින මේ පුවත ගමේ පිරිස අතර ද පැතිර ගොස් තිබිණ. වළ දැමූ තැන  බැලීමට ගිය අයට දක්නට ලැබුණේ ඔහු කීදේ සත්‍යයක් බවය.

මුවා වළලා තිබූ තැන වළක්ම පමණක් ඉතිරිවී තිබිණි. මේ පුද්ගලයාගේ දහං ගැටයට තමන් හසුවූ බව දැනගත්විට ඔවුන්ට කියාගන්න බැරි තරම් ලජ්ජාවක් ඇති වුණාලු‍. 

 



අදහස් (0)

පාරේ මැරුණ මුවා අමුතු පාරකින් පිඟානට ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site