මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
මංගල උත්සවයකදී හොඳහැටි සූර්වී සිය ලොරි රථය අතරමඟ දමා ගිය ව්‍යාපාරිකයකු ලොරි රථය කිසියම් පිරිසක් විසින් සොරකම් කර ඇති බවට පැමිණිලි කිරීමෙන් පසු වේයන්ගොඩ පොලිසිය මැදිහත්ව ලොරිය සොයාදීමේ පුවතක් වාර්තාවේ.
ඔහු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු විදුලිජනන යන්ත්‍රයක් කුලී පදනම මත ඉකුත් 19 වැනිදා පැවති මංගල උත්සවයක් සඳහා ලබාදී ඇති අතර එදින විදුලිය විසන්ධි වී නැත. මේ හේතුවෙන් ඔහුට මංගල උත්සවයේ දී විදුලිජනන යන්ත්‍රය ක්‍රියාකිරීමට අවස්ථාවක් උදාවී නැති අතර ඔහු මංගල උත්සවය නිමාවට පත්වනතුරුම හොඳ හැටි මත්පැන් පානය කළේය.
මංගල උත්සවය නිමා වන විට හොඳ හැටි සූර් වී සිටි නිසා මංගල උත්සවයට සහභාගි වූ පිරිසක් විදුලිජනන යන්ත්‍රය ඔහුගේ ලොරි රථයට පටවා දී පිටත් කිරීමට පියවර ගත්තේය. බීමතින් පසුවුවත් ඔහු රිය පණ ගන්වාගෙන පිටත්ව ගියේය.
විදුලිජනන යන්ත්‍රයද රැගෙන ලොරි රථයෙන් වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවෙස කරා පැමිණෙමින් සිටි ඔහු වේයන්ගොඩ පාලම අසල අතුරු මාර්ගයක ලොරි රථය නවතා සිය මිතුරකුගේ නිවසට ගොස් නින්දට වැටුණේ තවදුරටත් ගමන් කිරීමට ඔහුට දැනුන අපහසුතාව නිසාය.
පසුදා පහන් වන තුරුම එම නිවසේ නිදාගෙන සිටි ඔහු පසුදා උදේ පාගමනින්ම නිවසට පැමිණියේය. එහෙත් මේ වනවිට ලොරිය නැවතූ ස්ථානය පිළිබඳව ඔහුට මතකයක් නොවිණි. තම රිය කිසිවකු සොරකම් කර ඇතැයි ඔහු පැමිණිලි කරන්නට පොලිසියට ගියේ සිහි එළඹීමෙන් අනතුරුවය.
වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න වෑත්තෑව මහතා පැමිණිලිකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය කරගත් කරුණු ඔස්සේ සිද්ධිය පිළිබඳ සැක හැර දැනගැනීම සඳහා තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද කැටුව ප්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂාවට ලක් කළේය. එහිදී අනාවරණය වී ඇත්තේ පැමිණිලිකරු විසින් ම ඔහුගේ ලොරි රථය අතුරු මාර්ගයක දමා සූර් පිට ම එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි.
පසුව ලොරි රථය රැගෙන නිවෙසට ගියේ මහත් ලජ්ජාවෙනි.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාරේ නැවැත්වූ ලොරිය සොයාගන්න පොලිසි ගිහින්
Mangala Tuesday, 23 August 2022 12:11 PM
බීලා වාහන පැදෙව්වට සහ පොලීසියේ කාලය කා දැම්මාට දඩයක් ගැහුවේ නැත්තෙ ඇයි?
fairoosTuesday, 23 August 2022 04:25 PM
ඊලග ආන්ඩුව ආවට පස්සේ කේස් එක ෆයිල් කරයි.