IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාර කැඩිලා: මනාල ජෝඩුවට රැග් එකක් ලැබිලා

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)
මාර්ගයේ පැවැති දුෂ්කර තත්ත්වය නිසා මංගල රථය අතරමඟ නතර කිරීම හේතුවෙන් මනාලිය විල්බැරෝවක නංවාගෙන කිලෝමීටර එක හමාරක් පමණ තල්ලු‍ කරගෙන යාමට මනාලයාට සිදුවූ පුවතක් පසුගියදා දකුණේ කඳුකර ගම් ප්‍රදේශයකින් අසන්නට ලැබිණි.


ව්‍යාපාරික කටයුත්තක් කරගෙන යන මෙම තරුණයා ව්‍යාපාර කටයුතු සඳහා නගරයට ගිය අවස්ථාවක දැන හඳුනාගත් තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත්තේය.


තරුණයාගේ ගම් ප්‍රදේශය ගමනාගමන පහසුකම් අතින් ඉතා දුෂ්කර වුවද ඔහුගේ උත්සාහවන්ත බවත් යහපත් ගතිගුණත් නිසා ඔහු හා ඇතිකරගත් සම්බන්ධයට තරුණියගේ මවුපියන්ගේ ආශිර්වාදය හිමිවිය.


ඒ අනුව දෙදෙනාගේ විවාහ මංගල්‍යය කටයුතු පසුගියදා ⁣සිදු කෙරිණි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම කටයුතු සැලසුම් කර තිබිණ.


 මනාල යුවළ රැගත් නවීන පන්නයේ සුඛෝපභෝගී මෝටර් රථය මනාලයාගේ නිවෙසට කිලෝ මීටර එක හමාරක් පමණ තිබිය දී නතර කෙරිණි. මාර්ගයේ එම කොටස දැඩි ලෙස අබලන්ව ගල් මතුවී තිබීම නිසා මෝටර් රථය ඉන් ඔබ්බට ධාවනය කරවීමට රියැදුරා කිසිසේත් කැමැත්තක් නොදැක්වූයේ මාර්ගය මෙතරම් දුෂ්කර බව මුලින් තමාට නොකී බවට ද චෝදනා කරමිනි.


කෙසේ වෙතත් රියැදුරාගේ තීරණය වාදයකින් තොරව පිළිගත් මනාල යුවළ එතැන් සිට පා ගමනින් යාමට තීරණය කළේ ඉතා කැමැත්තෙනි. සෙසු පිරිස පැමිණි වාහන ද එම ස්ථානයේ නතර කෙරුණු අතර දෑවැදි භාණ්ඩ රැගත් ලොරි රථය පමණක් ඉතා අමාරුවෙන් ඉදිරියට ඇදිණ.


 නව යුවළට වැඩි දුරක් පයින් යාමට සිදු නොවිණි. මනාල මහතාගේ මිතුරෝ පිරිසක් විල්බැරෝවක් රැගෙන පැමිණියහ. මනාලිය එයට නැංවීය.


 එතැන් සිට නිවෙස දක්වාම සිය මනාලිය සහිත විල් බැරෝව තල්ලු‍ කරගෙන යාමට මනාලයාට සිදුවූයේ සෙසු පිරිසගේ දිරි ගැන්වීම් සහ විනෝදාත්මක කතා මධ්‍යයේය.


 කෙසේ වෙතත් පසුව දැනගන්නට ලැබුණේ මනාලයාගේ යහළුවන්  නිවෙසට මීටර සියයක් පමණ මෙහා සිට යාමට සූදානම් කර තිබූ විල්බැරෝ ගමන අහම්බෙන් ඇතිවූ සිද්ධිය නිසා කිලෝ මීටර එකහමාරක් පමණ දීර්ඝ වූ බවයි.



අදහස් (0)

පාර කැඩිලා: මනාල ජෝඩුවට රැග් එකක් ලැබිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 90 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site