IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පියාගේ මළගමට දියණිය හැඩ වෙලා

මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි



පියා මියගිය පුවත සැල වූ විගස සියලු‍ කටයුතු නවතා රූපලාවණ්‍යාගාරයක් කරා ගොස් සැරසී පියාගේ දේහය ඉදිරිපිටට වී තමන්ගේ ලස්සන පෙන්නන්නට කටයුතු කළ දියණියක පිළිබඳ පුවතක් පසුගියදා බස්නාහිර පළාතේ නිවාස සංකීර්ණයකට නුදුරු පෙදෙසකින් වාර්තා විය.
කෙටි කලක් තිස්සේ අසනීපෙන් පෙළුණු පියා ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ රෝහලක දී මරණයට පත් විය.
 දරුවන් දෙතුන් දෙනා මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැන කතා කර නිගමනයට පැමිණියේ නගරයේම මල් ශාලාවක දේහය තැන්පත් කර අවසන් කටයුතු කරන්නටය.
එම කටයුතු සඳහා සෙසු දරුවන් රෝහල කරා ගමන් කළත් එක් දියණියක ඔවුනට එක් වූයේ නැත. ඇය නිතර ගමන් බිමන් යන යතුරුපැදිය නිවසේ තිබියදීම කුලී රියකට කතා කළාය. 
නිවසේ සිටි ඇය පැවසුවේ මම මෙහෙම එතනට ගිහින් වැඩක් නැහැ ලස්සනට ඉන්න ඕනෑ කියාය. 


කුලී රියක් ගෙන්වාගත් ඇය නිවාස සංකීර්ණ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් කරා ගොස් ලස්සනට හැඩ වුණේ ඉන් අනතුරුවය. ඇය ඒ සඳහා පැය දෙක තුනක් කල් ගත කළාය.
තමන් ලස්සන වීමෙන් පසු සැමියාට කතා කර මෝටර් රථ කුලී පදනම මත ලබා දෙන තැනකින් ගෙන්වා ගත් රියක නැගී මල් ශාලාව කරා ගියේ තමන්ගේ ලස්සන පෙන්නන්නට මිස පියාට බුහුමන් දක්වන්නට නොවේ.
පසුදින ද ඇය මේ ආකාරයටම සැරසී සැමියා සමඟ පියාගේ දේහය අභියසට ගොස් කාලය ගත කර අවසන් කටයුතු සිදු කෙරෙද්දී යළි නිවස බලා ගියේ පියාගේ මරණයේ සියලු‍ වියදම් සෙසු සහෝදර සහෝදරියන්ට ඉතිරි කරමින් බවද දැන ගන්නට ලැබිණි.



අදහස් (0)

පියාගේ මළගමට දියණිය හැඩ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site