බෙන්තොට ජේ. ඉඳුරුවගේ
කුඹුරට එන කුරුලු ආදී සතුන්ගෙන් වී අස්වැන්න බේරා ගැනීම සඳහා කුඹුර මැද සිටුවා තිබූ පඹයකුගේ කලිසම හා කම්සය හොරෙන් ගලවාගෙන යාමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ගම්මානයකින් අසන්නට ලැබිණි.
කුඹුරුවලට පැමිණ වී අස්වැන්න කා දමන මෙන්ම ගොයමටද හානි කරන මොනරුන් ඇතුළු පක්ෂීන් සහ ඌරන් ඇතුළු වන සතුන් බිය වැද්දීම සඳහා කුඹුරේ පඹයින් සිටුවීම ටක සෙලවීම ඇතුළු විවිධ උපක්‍රම පාවිච්චි කිරීමට මේ ප්‍රදේශයේ ගොවීහු පෙළඹී සිටිති.
ඒ අනුව ගොවි මහතෙක් උසස් පෙළ පාසල් සිසුවකු වන තම පුත්‍රයා පාවිච්චියෙන් ඉවත් කර තිබූ හොඳ තත්වයේ සුදු පැහැති දිග කලිසමකින් හා කමිසයකින් සැරසූ පඹයකු හදා අස්වනු මෝරමින් තිබූ සිය කුඹුරේ මැද සිටුවා තැබුවේය.
පඹයා සිටුවීමෙන් දින කීපයකට පසු කුඹුරේ තත්වය සොයා බැලීමට කුඹුරට ගිය මේ ගොවි මහතාට දක්නට ලැබුණේ පඹයා ඇඳුම් නොමැතිව හිසට යොදා තිබූ මුට්ටිය පමණක් සහිතව තිබුණු අයුරුයි.
කිසිවකු පඹයාට අන්දවා තිබූ සුදු කමිසය හා කලිසම ගලවාගෙන ගොස් තිබුණි.
කුඹුරට සතුන් පැමිණ වී අස්වැන්නටද හානි කර තිබුණ බැවින් දැනට පාසල් හැරගොස් සිටින සිය දියණියකගේ පාවිච්චියෙන් ඉවත්කර තිබූ ගවුමකින් පඹයා සරසා යළි කුඹුර මැද සිටවූයේ යළිත් පිරිමි ඇඳුම් ඇන්දවුවොත් ඒවාද ගලවාගෙන යැයි සිතූ නිසාය.
ඔහු එසේ සිතා ඇත්තේද පඹයාගේ පිරිමි ඇඳුම් ගලවාගෙන ගිය කම්කරු රැකියාවක් කරන අසල්වාසී කෙනකු ගැන යම් හෝඩුවාවක් ලැබී තිබු නිසා තම බිරිඳගේද උපදෙසින් බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පඹයා නිරුවත් කරලා