(ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර)
තහනම් ගහේ ගෙඩි කන්නට ගොස් අනූනවයෙන් දිවි බේරාගත් තරුණයකු පිළිබඳව දකුණේ ගමකින් වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
එක්තරා ගමක සිටි තරුණ යුවළකි. තරුණයා ආරක්‍ෂක අංශයක මුරකරුවකු ලෙස සේවය කළ අතර තරුණිය තරමක හැඩකාර එකියක් වූවාය.
තරුණයා රැකියාවට අමතරව ගව පාලනය ද කළේය. ගෙදර වත්තේම ගව මඩුවක් සාදා එහි පිදුරු දමා ගවයන් දෙදෙනා රෑට බැඳ තිබූ අතර දහවල් කාලයට පුරන් කුඹුරක හෝ පිට්ටනියක බැඳ දැමුවේය. මේ අතර අසල ගමේ තරමක් හැඩකාර තරුණයකු සමග මොහුගේ තරුණ බිරිඳ හාදකමක් ඇති කරගත්තේය.
ස්වාමියා රාත්‍රී වැඩමුරය කරන සතියේදී අනියම් පෙම්වතා නිවසට හොර රහසේ ඇතුළු වීම පුරුද්දක් ලෙස කරගෙන ගියේය. මේ අන්දමින් දිනක් අනියම් සැමියාට ලද පණිවුඩය මත ඔහු මෙම නිවසට යාමට පැමිණියේය. එහෙත් දුර සිටම ඔහු දුටුවේ ස්වාමියා එදින ගෙදර සිටින අයුරිකි. මේ නිසා අනියම් සැමියා අසල ගසකට මුවා වී කල් ගෙවූයේ ඔහු වැඩමුරය සඳහා පිටත්ව යතැයි බලාපොරොත්තුවෙනි.
එහෙත් ඔහු එදින හදිසියේම නිවාඩුවක් ලබාගෙන තිබුණ අතර බිරිඳ ද ඒ බව දැනගත්තේ එදින හැන්දෑවේය. මේ නිසා මේ බැව් අනියම් සැමියාට දැන්වීමට ඇයට ඉඩක් තිබුණේ නැත. අනියම් සැමියා ගසට මුවා වී සිටියදී එක වරම වැස්සක් කඩා වැටුණ අතර ඔහු කළේ අසල ගව මඩුවට රිංගාගෙන වැස්සෙන් බේරීමය. මෙහි වූ පිදුරු ගොඩක් මත වාඩි වී සිටි අනියම් සැමියාට නින්ද ගියේය.
පසු දින පාන්දරම අවදි වූ සැමියා ගව මඩුව දෙසට පියමැන්නේ ගවයන් දෙදෙනා තණ කෑමට රැගෙන යාමටය. එක වරම ගව මඩුවේ කවුදෝ සිටිනු දුටු ඔහු ‘මෙන්න හොරෙක්’ කියා කෑගැසුවේ ගමටම ඇසෙන්නටය. බියපත්ව නින්දෙන් අවදි වූ තරුණයා හිස හැරුණු අත දිව ගොස් දිවි බේරා ගත්තේය.
2025 ඔක්තෝබර් මස 08
1806
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1473
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
525
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පෙම්සුව විඳින්න ආ අනියම් සැමියාට ගවමඩුවේම නින්ද ගිහින්