IMG-LOGO

පෙම්වතියට හාද්දක් දෙන ගමන් රන්මාලයත් අරන් මාරුවෙලා

ජනේලයක් ළඟට වී පෙම්බස් දොඩමින් සිටි පෙම්වතා, පෙම්වතියගේ කරේ තිබූ මාලය කඩාගෙන පැනගිය පුවතක් නගරයකට ආසන්න ගමකින් වාර්තාවෙයි. සිද්ධිය සැකෙවින් මෙසේයි. ඇය මෑතදී පාසල් හැරගිය තරුණියකි. නාඹර තරුණ වියට පා තබන ඇයට පෙම්වතකුගේ අවශ්‍යතාව තදින් දැනී තිබිණි. මේ බව ඉවෙන් මෙන් වටහාගත් තරුණයෙක් ඇය සමඟ හාදවිය. දෙදෙනාට තනිව කතා බහට තැනක් අවශ්‍ය විය. යෝජනාව තරුණියගේය. රෑට මගේ කාමරය ළඟට ඇවිත් ජනේලයට තුන්වරක් තට්ටු කරන්න. තරුණයා ක‍්‍රියාත්මක විය. රාත‍්‍රි දහය පසුවූවා පමණි. තුන්වරක් තට්ටුකළ විට ජනේලය විවෘත විය. තරුණිය ඇතුල් පැත්තේය. තරුණයා පිට පැත්තේය. දෙදෙනාම පෙම් ලොවේ පසුවෙති. මේ අතර තරුණියගේ කරේ තිබෙන වටිනා මාලය තරුණයාගේ නෙත ගැටිණි. ඔහුට පේ‍්‍රමය අමතක විය. පුරුද්ද ඉස්මතු විය. රහසක් කියන්නට ඇය ළඟට කැඳවාගෙන හාදුවක් දෙන අතර මාලය කඩාගෙන කළුවරේම අතුරුදන්විය. ඇයට පෙම්වතාත් නැත. මාලයත් නැත. කියන්න කෙනෙකුත් නැත.



අදහස් (0)

පෙම්වතියට හාද්දක් දෙන ගමන් රන්මාලයත් අරන් මාරුවෙලා

මල්සරා Wednesday, 16 May 2012 10:15 AM

ජනේලය ළගට ඇවිත් ඔහොම නම් කාමරය ඇතුළට ආව නම් මොනවා වෙයිද? මෝඩ කෙල්ලෝ

:       0       0

කටුස්සා Wednesday, 16 May 2012 07:20 PM

"ඇයට පෙම්වතාත් නැත. මාලයත් නැත. කියන්න කෙනෙකුත් නැත." නම් මේ අපි දන්නෙ කොහොමද? බොරුනෙ මල්ලි...

:       0       0

සමනලයා Thursday, 17 May 2012 01:58 PM

රෑට ගෙදර අයට හොරෙන් ගෙදරට එන්න කියන්නෙ හොඳ කෙල්ලො නෙම්. අපරාදෙ මාලෙ විතරක් කැඩුවෙ.

:       0       0

අහිංසක Wednesday, 16 May 2012 10:55 AM

නුඹ නාඩන් නුඹ නාඩන් නුඹට මේව හොඳ පාඩම්......!!!!!!!!!!!!!!!!!!

:       0       0

ප්‍රේමලාල් Wednesday, 16 May 2012 10:58 AM

ආයිනම් ජීවිතේට ජනේලෙන් ප්‍රේම කරන එකක් නෑ

:       0       0

අනූෂා Friday, 18 May 2012 12:00 PM

මොඩ කෙල්ල

:       0       0

දිනේෂ්, සෞදි Wednesday, 16 May 2012 11:29 AM

නියමයි...හොඳ වැඩේ...මෝඩ කෙල්ල...

:       0       0

මංඡුල බ්රුට් Wednesday, 16 May 2012 11:33 AM

ඇති ඔයින් ගියා වෙන දෙයක් කඩාගෙන ගියානම් ඡිව්තයම අනාතයි... කිසිවක ඇලි ගැලි ඡිවත් නොවන්න මන්ද සියල්ල නැසෙන සුළුය ශේෂ වන්නේ අප තුළ වන සාරධර්ම පමණි මනුස්ස කම පමණි බදුන්ගේ දහම එයයි

:       0       0

අමිල Wednesday, 16 May 2012 11:43 AM

ඇති මාලෙන් බේරුණා

:       0       0

ෆාරු Wednesday, 16 May 2012 11:54 AM

ඔව් මන්ජුල ඔයා හරියටම හරි.

:       0       0

අලිබබා Wednesday, 16 May 2012 01:42 PM

රන් මාලා ගොතා ගෙලේ පලදන්නමි මා.......... ප්‍රේම සුදෝ... කිරි සයුරේ පෑයු පෙමිවත්තු.

:       0       0

නසීර් Friday, 18 May 2012 04:54 AM

මෝඩ කොල්ලෙක්.කාමරේ ළගටම ඇවිත් අරන් තියෙන්නේ මාලේ විතරනේ

:       0       0

රංජිත් මංජුල, ඉතාලි සිට Wednesday, 16 May 2012 02:00 PM

නංගි දිළිසෙන සියල්ල රත්තරං නොවේ . දැන්වත් දැනගත්තද ? ජනේලෙට යකඩ ග්‍රිල් තිබ්බ නිසා ඔයින් බේරුනා.නැත්නම් දඹුලු ගිහින් තලගොයිත් මරානෙයි යනනේ............

:       0       0

නිෂාඩ් ප්‍රීනා Thursday, 17 May 2012 09:03 AM

හොද වෙලාවට මාලෙ විතාරක් කඩාගෙන ගියේ

:       0       0

ජයාන් Wednesday, 16 May 2012 02:37 PM

මොනව උනත් ආපේම සිංහල ලේ තියන සහෝදරියකය නරකක් කරන්න එපා.අපේ කෙනෙක්ට එහෙම වෙනවට අපි කැමති නෑ වගේ තමයි එයාලත්....

:       0       0

නිලූ Thursday, 17 May 2012 09:07 AM

අනේ ඒකනම් ඇත්ත තමයි ජයාන්. ඔයා කිව්ව දේ තමයි හරි. මේ දේවල් අපේ ජීවිත වලටත් හොද පාඩමක් කරගන්න එකයි අපි කරන්න ඕන. එහෙම නැතිව අනුන්ට හිනා වෙන එක නෙමෙයි.

:       0       0

චම්පා අයිරාංගනී Thursday, 17 May 2012 09:12 AM

පෙම්වති ඔයාට නෙවෙයි ආදරය කරල තියෙන්නේ ඔයාගේ රත්තරන් වලට.

:       0       0

කුමාරසිරි Thursday, 17 May 2012 06:08 PM

ආදරය භයානකයි

:       0       0

චම්පා අයිරාංගනී Thursday, 17 May 2012 09:15 AM

පෙම්වතා ඔයාට නෙමේ ආදරේ, ඔයාගේ මාලෙට

:       0       0

චමිල් Thursday, 17 May 2012 10:06 AM

මෙතන ආදරයක් තිබිලා නෑ වගේ..... නැත්තම් ඔහොම වෙයි ද? ඕක තමයි කියන්නේ ඉක්මන් කොටයි කියලා .... දැන්වත් පාඩමක් ඉගෙන ගන්න ...........

:       0       0

ප්‍රියදර්ශන Thursday, 17 May 2012 10:55 AM

සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා ...........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site