මොරගොල්ලාගම සිසිර කැලේගම
තම තරුණ පුතාට පියා දුන් අවවාදය අසා රැස්ව සිටි පිරිස අන්ද මන්ද වූ පුවතක් යාපහුව අවට ගම්මානයකින් අසන්නට ලැබුණි.

මව හා පියා රජයේ රැකියාවල නියැලී සිටින නිසා තරුණ වියේ පසුවන පුතු බොහෝ විට නිවසේ පසුවන්නේ තනිවමය. අහල පහළ එම වයසේ පසුවන දරුවන් හා සසඳන විට මොහු ඉතා සංවර ලෙස ජීවත් වන අයෙකු බව ගමම දැන සිටියහ. මේ නිසා පුතා ගැන පියා හා මව හැම තැනම කතා කරන්නේ ඉමහත් උජාරුවට ය.
දිනක් පුතා පෙම්වතියක් හා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමේ උත්සාහයක නිරතව සිටියේය. ඒ සඳහා ඔහු ඔහුගේ සමීතම මිතුරෙකුගේ පිහිට පැතීය.
ඒ අනුව පෙම්වතියට දෙන්න කියා ඔහු තම මිතුරාට පෙම් හසුනක් දුන්නේය.
එය දීමට යැයි පොරන්දු වූ මිතුරා ලිපිය රැගෙන ගොස් ඔහුගේ අම්මාට දුන්නේය.
එය කියවූ ඇය එකී ලිපියත් රැගෙන පෙම්වතියගේ මව හා පියා හමුවට දිව ගියාය. හොඳ යැයි කියන තරුණ පුතා කර ඇති කෙරුවාව කීවාය.
එම ලිපිය රැගෙන ගිය මව එම නිවසේ සිට තරුණ පුතා කර ඇති වැඩේ එම දරුවාගේ පියාටත් දැනුම් දුන්නාය. පියා තම පුතු කැටුව එහි ගියේය.
“උඹගේ හැදිච්ච කොල්ලා කරලා තිබෙන වැඩේ අහ ගනින්. කියා ඇය පෙම් හසුන දිග ඇර කියවන්නට සූදානම් වූවාය. පියා යක්ෂ ආරූඪයෙන් පුතාට කතා කළේය.
“යකෝ තොට කෙල්ලක් හිටියේ නැද්ද? ඒ තරමටම යාලු කර ගන්න. මටත් වඩා වැඩිමල් මේ ගෑනිට මොකටද තෝ ලියුමක් යැව්වේ”යනුවෙන් ඇසීය.
ඊට ඇයත් පිළිතුරු දුන්නාය
“ මේක එව්වේ මට නෙමෙයි. මෙන්න මේ කෙල්ලට. ඒකිට දෙන්න කියලා තමයි ඒක අපේ එකාට දීලා තියෙන්නේ.”
“එතකොට ඒක උඹට දුන්නා වාගේ මොකටද උඹ කියවන්නේ. අසමත් ජාති වැඩ කරන්නේ නැතිව ලියුම දීපන් ”කියා ඔහු එය උදුරාගෙන ජාතිය අමතන්නට වුණි.
“මේ කෙල්ලයි, මගේ කොල්ලයි හොඳට ඉගෙන ගෙනත් ඉන්නේ. ඒ හින්දා තරුණ වයසේ දී ආදර හැඟුම් නැත්නම් එවුන් ලෙඩ්ඩු. මේවා සාමාන්‍ය දේවල්. පුතේ, දුවේ ආදරය කරන්නත්, පෙම් හසුන් දෙන්නත් විශ්වාස අය හොයා ගනිල්ලා. විශේෂයෙන් මේ වාගේ අයගෙන් පරිස්සම් වෙයන්ලා.”
ඒ කතාව දියණියගේ මව හා පියා ද අනුමත කළහ. අවසානයේ දෙපාර්ශවය සිනාසෙමින් තේ උගුරක රස බලන්න ගෙට යන අතරවාරයේ පෙම් හසුනින් ගිනි අවුලන්නට ගිය එම මව තම පුතාත් කැටුව ලැජ්ජාවෙන් යුතුව ඉන් නික්ම ගියේ වඳින්න ගිය දේවාලේ හිස මත කඩා වැටුණා යැයි කියමින් ලු.
2025 නොවැම්බර් මස 04
78
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2020
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පෙම්වතියට ලියූ ලිපිය මිතුරාට දුන් පුතුට තාත්තාගෙන් අවවාදයක්
Dharshani Friday, 19 August 2022 01:57 PM
හොඳ වැඩේ...!