IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෙම්වතියගේ මූණ අමතක වී අලි ජංජාලයක වැටිලා

(මනෝජ් හර්ෂික)

හරි හැටි හඳුනාගැනීමට නොහැකි වී තම දුරකථන අංකය දෙවතාවක්ම එකම තරුණියකට දී තම කුළුඳුල් ප්‍රේමය අහිමි කරගත් තරුණයකු පිළිබඳ පුවතක් නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිද්ධිය මෙසේය.

ඔහු ගම්බද ප්‍රදේශයක සිට නුගේගොඩ නගරයට පැමිණ නගරයෙහි ප්‍රසිද්ධ ආපනශාලාවක සේවය කරන කඩවසම් තරුණයෙකි. කොතරම් කඩවසම් කෙනකු වුවත් ප්‍රේමකිරීමට පෙම්වතියක් නොසිටීම හේතුවෙන් ඔහු සිටියේ දැඩි කනස්සල්ලකිනි. මේ නිසාම ඔහු ඉක්මනින්ම පෙම්වතියක සොයාගැනීමට අමුතුම ක්‍රමයක් අනුගමනය කළේය.

එනම් ආපනශාලාවට ආහාර ගැනීමට පැමිණෙන තරුණියන් සමග හිතවත් වී ඔහුගේ ජංගම දුරකතන අංකය ලබාදීමයි. කිහිප විටක්ම මෙසේ උත්සාහ කළත් ඔහුගේ වෑයම සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි විය.

දිනක් රූමත් තරුණියක් ඔහු සේවය කරන ආපන ශාලාවට කෑම ගැනීම සඳහා පැමිණියාය. නොපැකිළිව කතා නායකයා ඇයගේ අසලට පැමිණ අවශ්‍ය ආහාර ඇණවුම ගෙනවිත් දුන්නේය. ඇය ආහාර ගන්නා අතරේ ඔහු හොරෙන් බලමින් ඉඟිබිඟි පාමින් ඇය දෙසම බලා සිටියේය. තරුණියද ඔහු දෙස බලා අනුකම්පා සහගත සිනහවක් පෑවාය.

ඇය ආහාර ගෙන ආපසු යාමට සැරසෙන විට තරුණයා තම දුරකථන අංකය කොළයක ලියා තරුණිය අත තැබීය. ඇය සිනා මුසු මුහුණින් එය ද රැගෙන ගියාය. එදින සිට මාස තුනක පමණ කාලයක් දෙදෙනා දුරකතනය හරහා ප්‍රේමයක වෙළුනාය.

තරුණියගේ හා තරුණයාගේ රැකියාවන් හේතුවෙන් දෙදෙනාට හමුවීමට නොහැකිවීම නිසා ඇය සිටියේ තරමක කනගාටුවකිනි. මේ හේතුව නිසාම තම ප්‍රේමවන්තයාට නොදන්වාම ආපනශාලාවට යාමට ඇය තීරණය කළාය.
ප්‍රේමයෙන් මුසපත් වූ ඇය ඔහුට තෑග්ගක්ද රැගෙන යාමට අමතක නොකළාය. වෙනදා මෙන් ආපන ශාලාවේ පසෙක වන්නට තිබූ අසුනක හිඳ ගත් ඇය තම ප්‍රේමවන්තයාට කතා කර ආහාර ඇණවුම් කළාය. ඔහුද කිසිදු වෙනසක් නොමැතිව එය රැගෙන ඇය ඉදිරියේ තබා වෙනදා මෙන් සිනා සී ඇය දෙසම බලා සිටියාය.

ඇය ආහාර ගැනීමෙන් අනතුරුව ආපසු යාමට සැරසී තම ප්‍රේමවන්තයා දෙස බැලුවාය. ඔහු ඉක්මනින් ඇය වෙත පැමිණ පුංචි කොළ කෑල්ලක් අත තැබුවාය. කොළ කෑල්ල දිග හැර බැලූ ඇයට කාරණය වැටහිණි. කිසිත් නොකියා කොළ කෑල්ල තරුණයාගේ මූණට දමා ගැසූ ඇය යන්නට ගියාය.

 



අදහස් (1)

පෙම්වතියගේ මූණ අමතක වී අලි ජංජාලයක වැටිලා

pitigala Tuesday, 05 September 2017 06:39 AM

ගණන් ගන්න එපා මල්ලි. ගැහැණු ළමයි පාරේ යන බස් වැනිය. එකක බැරි උනොත් අනිකේ යා හැකිය.

:       82       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 80 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site