IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පෙම්වතියගේ ගෙදර එන අතරේ පෙම්වතා අම්මාටත් ලයින් දාලා

කරන්දෙණිය එම්. සුසිල් පි්‍රයන්ත
සිය පෙම්වතියගේ මවගේ කැමැත්ත ගැනීමට නිවෙසට පළමු ගමනම අවසාන ගමනත් කර ගත් පෙම්වතකු පිළිබඳ අපූරු පුවතක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
   මේ මවත් දුවත් වාසය කළේ මිතුරියන් දෙදෙනකු පරිද්දෙනි. දෙදෙනාම හරියට දිස් වූයේ අක්කා නගෝ මෙනි. දුවව පරයා යන සේ මව රූ සපුව පවත්වාගෙන යාම නිසා දුවත් අම්මාත් දෙන්නාම පෙනුණේ හෙට අනිද්දා දීගෙට යන ගැටිස්සියන් මෙනි.
   දුව නගරයේ ගැටයකු සමග හාදකමක් පවත්වන බව  මව දැන ගත්තේ කටකතා මාධ්‍යයෙනි. දුවගෙන් එය සාක්ෂාත් කරගත් මව් තුමිය  ඇයගේ පෙම්වතාට නිවසට එන්න යැයි ඇරියුම් කළේ තමාත් ප්‍රේම සම්බන්ධයකින් දීග කන්න ආ බව පසක් වීමෙනි.  


මවගේ මෙම ආරාධනයෙන් පස් වනක් ප්‍රීතියෙන් පිනා ගිය දුව මේ ගැන සිය පෙම්වතාට දැන්වූවාය.
සිය නිවෙසට ඒමට අදිමදි කළ පෙම්වතා කෙසේ හෝ සිය නිවෙසට ගෙන්වා ගැනීමට ඇය නිරන්තර උත්සාහයක යෙදුණාය. එය මල් පල ගන්වමින් පෙම්වතා ඇයගේ නිවෙසට ඒමට දිනයක් දුන්නේය. මේ දිනය එන තෙක් දියණිය සිටියේ අතේ ඇඟිලි ගැන ගැනය.
ඒ අනුව පෙම්වතා සිය අතිජාත මිතුරකු සමග දඩු මොනරා පිටෙන් පෙම්වතියගේ නිවෙසට ඒමට පිටත් විය.
සිය පෙම්වතා එන පෙරමගට ගිය පෙම්වතිය ඔහුත් මිතුරාත් පිළිගත්තේ ඉතා උණුසුම් අයුරෙනි. මව නිවෙසේ නොසිටි නිසා ඔවුන් දෙදෙනාටම වාඩි වීමට අවසර ලැබුණේ නිවසේ ඉස්තෝප්පුවේ පුටු දෙකකය.
කෝ අම්මා යැයි පෙම්වතා ඇසූ සැනින් පෙම්වතිය කීවේ අනාගත බෑනාට රසට කන්න කෙටි කෑම ගේන්න කඩ පිලට ගිය බවය.


දුර තියාම අම්මා එනු දුටු දුව අන්න ඔයා බල බල හිටිය නැන්දම්මා එන බව පෙම්වතාට කීවාය. ඒ දෙසට දෙනෙත් යොමු කළ පෙම්වතාත් ඔහුගේ මිතුරාත් කලබලයට පත් වූහ.
මේ අපට හදිසි ගමනක් දැන් යන්න තියෙනවා යැයි කියමින් ඔවුන් දෙදෙනා යතුරු පැදියේ නැගී ගියේ පෙම්වතියද්‍ අන්දුන් කුන්දුන් කරවමිනි.
දුවේ කවුද අරුන් දෙන්නා යයි පිම්මේ යතුරු පැදියෙන් ඉගිලෙන  තරුණයන් දෙදෙනා දුටු මව ඇසුවාය.
අම්මේ අර ඒ එයාලා තමයි  කී දුවට තවත් කතා කරන්න ඉඩ නොදුන් අම්මා ඒ ඔයාගේ එයා ද? නියම බඩුව මට පාරෙ දී කැත විහිළු කරලයි දෙන්න ආවේ. මම එනකන් හිටියනම් දෙනවා කොසු පහර... යයි මව කීවේ ඔය සම්බන්ධය ඔතැනින්ම නතර කර ගන්න යැයි දුවට අවවාද කරමිනි.

 



අදහස් (0)

පෙම්වතියගේ ගෙදර එන අතරේ පෙම්වතා අම්මාටත් ලයින් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 99 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 901 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site