(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)
සිය මවට අසනීපයක් සැදී ඇතැයි පවසා පෙම්වතියගේ කරේ පැලඳගෙන සිටි රන් මාලය ඉල්ලාගෙන ගොස් උකස් කර හෙරොයින් පානය කර ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 23 හැවිරිදි තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයාගේ මව්පියන් කුලී වැඩ කරන අතර තරුණයා උසස් පෙළ විභාගයෙන් අනතුරුව හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු බව වාර්තා වෙයි. දැනට මෙම තරුණයා රැකියාවක් නොකරන අතර මව්පියන් හරි හම්බ කරන වැටුපෙන් මුදල් බලහත්කාරයෙන් හෝ සොරකම් කරගෙන ගොස් හෙරොයින් පානය කරයි.
මෙම තරුණයා අල්ලපු ගමේ තරුණියක සමග වසරක පමණ කාලයක සිට සම්බන්ධතාවක් ද මව්පියන්ට හොර රහසේ පවත්වාගෙන ද යයි. තරුණියගේ මව්පියන් සිය දියණිය කුඩු කාරයෙක් සමග සම්බන්ධතාවක් පවත්වන බව දැනගෙන ඇති අතර අවස්ථා ගණනාවකදීම එය නතර කරන ලෙස දැන්වුවද තරුණිය සම්බන්ධතාව අතහැරියේ නැත.
තරුණයාට හෙරොයින් පානය කිරීමට මුදල් සොයා ගැනීමට නොහැකි වූ අවස්ථාවක පෙම්වතිය මුණ ගැසීමට ගොස් තිබුණි. එහිදී තරුණයා පවසා ඇත්තේ තම මව හදිසියේ අසනීප වූ බවත් පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාදීමට මුදල් නැති බවත් ප්‍රකාශ කළේය.
සිය මව අසනීපයෙන් සිටින අයුරු තමාට බලාසිටිය නොහැකි බවත් පුළුවන්කමක් තියෙනවා නම් කරේ දාගෙන ඉන්න මාලය තමාට දෙන ලෙසත් අම්මා පඩි ගත්තහම ඉක්මනට බේරා දියහැකි බව තරුණයා පැවසීය.
පෙම්වතාගේ බැගෑපත් ඉල්ලීම ඉවත නොදැමූ තරුණිය වහාම කරේ දමාගෙන සිටි මාලය ගලවා දී ඇති බව ද වාර්තා වෙයි. පසුව තරුණයා විදුලි වේගයෙන් දිවගොස් ගමේ තරුණයන් තිදෙනකු සමග ත්‍රිරෝද රථයකින් කෑගල්ල නගරයට ගොස් මාලය රුපියල් 55 000 ට උකස් කර හෙරොයින් ද ගෙන පානය කර රාත්‍රියට රයිස් කොත්තු කා ඇති බව ද වාර්තා වෙයි.
පසුව තරුණිය රන් මාලය පිළිබඳ පෙම්වතාගෙන් ඉකුත් දිනක දී විමසා සිටි අවස්ථාවක තරුණයා සම්පූර්ණ සිද්ධිය තරුණිය හමුවේ දිග හැර ඇති බව වාර්තා වෙයි.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පෙම්වතිය අන්දවා රන්මාලය උස්සා කොල්ලො එක්ක කුඩු ගහලා