කරන්දෙණිය එම්.සුසිල් පියන්ත
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ.
මහා මැතිවරණයට පසුව ගමේ කොල්ලො කුරුට්ටෝ කල්ලි ගැහි ගැහී මේ රජය ලබාගත් වාර්තාගත ජය ගැන හන්දි හන්දි ගානේ වර්ණා කරමින් සිටියහ. එසේ එක් හන්දියක සිටි ඇතැමෙක් දැන් රටේ හොරකම් නතරවේ යයි කීය. කුඩු වසංගතය තව නොබෝදිනකින්ම නැතිවෙන බවට වහසි බස් දෙඩූ අයද මේ අතරය. පාතාලයේ කෙරුම් මින් පසු නතරවනු ඇතැයි කී අය ද නැතිවාම නොවේ. මේ අතර එක් කයිවාරුකාරයෙක් මයික් එක කාටවත්ම නොදී මේ ලැබූ ජයේ තමන්ද වගකිවයුතු කොටස් කාරයෙක් බව කීවේය. ඒ විතරක්ම නොව නව රජය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩ ගැනද කීවේ ඔහුට නව රජයේ බලවතකු දැනුම් දුන්නක් මෙන්ය.
අම්මෝ අපි මේ රජය ගේන්න කාපු කට්ට දන්නේ උඩ ඉන්න දෙවියන් තමයි. මේ හැමදෙයක්ම කළේ රටේ ඉදිරිය ගැන හිතලයි. දැන් ඉතිං රටේ හොරකමට තිත. වංචාව දූෂණය තුරන් කරනවා. අපිට ඕන කරේ ඔය ටික තමයි කියමින් ඔහු මේ ආණ්ඩුවේ තද පාර්ශවකරුවෙකු මෙන් අමූලික ඇත්ත ඇද බෑවේය.
උඹ මේ පාර ඡන්දෙ දැම්මදැයි ඒ අතර සිටි තරුණයෙක් ඔහුගෙන් ඇසුවේය. යකෝ මාර කතාවක්නේ මූ කියන්නේ කියමින් මම මේ තරම් පක්ෂයට නැහිල නැහිලා ඡන්දය නොදා ඉන්නවද යයි ඔහු කීවේය. හා එහෙනම් ඡන්දෙ දා පාට කළ ඇඟිල්ල පෙන්නපන් යයි තරුණයා ඔහුට කීවේය. ඔහුගේ මුහුණ රතු විය. දෙතොල් ගොළුවිය. උන්හිටි තැන් අමතකවිය. කිසිත් නොදොඩා ඇගිල්ලද නොපෙන්වා ඔහු ගියේ ආයිත්නම් මේ වගේ තැන්වලට නොඑන්නේ යයි තීරණය කරමිනි.
මහා මැතිවරණයදා ගමේ පෝලිම් බූත් එකේ සිටි තරුණයෙකු ඔහුට මෙසේ ඇඟිල්ල පෙන්නන ලෙස ඉල්ලීම කර ඇත්තේය. එදා එහි සිටි ඔහුට මොහු ඡන්දය දාන්න නාපු බව මතකය. ඒ ඡන්ද ලේඛනයේ ඡන්දයදාන්න ආ අය ලේඛනයේ ලකුණු කර තිබුණත් ඔහුගේ නම එසේ ලකුණු නොවීම මේඔහු චන්දය නොදැමූ බවට තවත් කදිම සාක්ෂියක්ලු.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා