මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි
හාල් කිලෝ දහයේ මල්ල පාපැදියේ තිබියදී පාපැදිය නවතා කඩයකට ගොස් එද්දී හාල් මල්ල අතුරුදන් වීමේ සිද්ධියක් වලස්මුල්ල ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා විය.

ඔහු ගැමියෙකි. ඉන්ධන සපයා ගැනීමට නොහැකි වීම නිසා යතුරුපැදිය අතහැර පාපැදිය සිය ගමනට බිමනට ඔහු යොදා ගත්තේය. පසුගිය දිනක ඔහු නගරයට ආයේ හාල් තුනපහ ටිකක් අරගෙන යාමටය. හාල් කිලෝ දහයක් මිලදී ගත් ඔහු එය පාපැදියේ ලගේජයේ තැබුවේ එහි ඇති අගුලේ ආධාරයෙනි. තවත් බඩු මුට්ටු කිහිපයක් හැඬලයේ එල්ලා තිබියදී ඔහු තවත් කඩයකට ගියේ බිත්තර මිලදී ගැනීම සඳහාය.
ඔහු සිය පාපැදිය කඩය ආසන්නයේ පාර අයිනේ නවතා ගිය අතර, බිත්තර මිලදී ගෙනවිත් බලද්දී හාල් මල්ල අතුරුදන්ය. කිසියම් පුද්ගලයකු ඒ අසල සිට ගමන් කළ බවට ඔහුට තොරතුරු ලැබිණි.
රටේ උද්ගතව පවතින ආර්ථික අහේනිය නිසා මේ ආකාරයේ සොරකම් සිදුවන බව එක්රොක් වූ ජනතාවගේ අදහස විය.
සිද්ධිය ගැන පොලීසියට පැමිණිල්ලක් කරන ලෙසට කෙරුණු යෝජනාව ද පසෙක දැමූ ගැමියා, තවත් හාල් මල්ලක් මිලදී ගෙන නිවෙස බලා පිටව ගියේ ගෙදර බත් මුට්ටිය උස්සන දිනය වැඩි ඈතක නොවන බව පවසමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බමුණා වගේ අයට දැන් සැපයිද? ඉන්න හිටින්න රටක්..