IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පන්සලේ හාමුදුරුවන්ට අපහාස කළ කතට සොබාදහමින් දඬුවම්

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
  ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ගරුසරුවක් නොදැක්වීමට ගොස් කොන්දත් කඩාගෙන හැංගී සිටීමට සිදුවූ කාන්තාවක පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.


   ගමේ බඩු ගමට අලෙවි කළේ ඇයය. මේ නිසා ගමේ පවුල් අතර සන්ඩු සරුවල් නිතර ඇතිවිය. පවුලේ දෙන්නා දෙමහල්ලා අතර ද සන්ඩු සරුවල් අඩුවක් නොවීය. ඒ ඇය අලෙවි කරන ගමේ බඩුවලින් සප්පායම් වන ගමේ අය මත්වී කරන විකාර වැඩ නිසාය.


 මේ පිළිබඳව ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන් ඇයට අවවාද කළේ වරක් දෙවරක් නොව කිහිපවරක්මය. ඒත් ඇය නොවේ එය තඹයකටවත් මායිම් කළේ. මේ නිසාම හාමුදුරුවන් ද සිටියේ ඇය පිළිබඳව හොඳටෝම කලකිරීමෙනි. ගමේ ඇත්තන් සුගතියට ගැනීමට හාමුදුරුවන් දැරූ වෙහෙස මහන්සිය අපමණය.


            එදා පුන් පොහෝදා ගමේ ඇතිවූ මිනී මැරුමකට හේතු වූයේ ද බීමත් කමය. මේ නිසාම එදා රෑ පන්සලේ පැවති අටවිසි බෝධි පූජා පින්කමේ දී හාමුදුරුවෝ ඇය ගමට කරන විනය පිළිබඳව ශබ්ධ විකාශන යන්ත්‍රයෙන් ද දෝෂාරෝපණය කළෝය. මේ සමගම ඇය හාමුදුරුවන් සමග ඇති කර ගත්තේ බද්ධ වෛරයකි. හාමුදුරුවන් ඉස්සරහට මුලිච්චි වන හැම අවස්ථාවකදීම මහා හයියෙන් කාරා කෙළ ගැසීම ද සිදු කරන්නීය. ඒ විතරක්ම නොවෙයි හාමුදුරුවන් වඩිනා විට  වාඩිවී සිටි කවුරුත් හුන් තැනින් නැගිට්ටත් ඇය එසේ නොකළාය. 


 එදාත් හාමුදුරුවන් ඇය ඉදිරිපිටින් වැඩියේ ඇය උස බංකුවක වාඩිවී සිටියදීය. වාඩිවී සිටියදීම සිය දෙපා ඉහළට ඔසවා ගැනීමට උත්සාහ ගනිද්දී සමබරතාව බිඳී ඇය බිම ඇද වැටුණාය. ඒ විතරක්ම නොවේ වැටීම නිසා ඇයගේ කොන්දට පත්තු බැදීමට ද සිදුවිය.
 මේ සිදුවීමත් සමගම ඇයට එළියට බසින්නට ද නොහැකිවිය. ඒ  ගමේ කොල්ලන්ගේ කට කැඩෙන කතා නිසාය. 

 



අදහස් (0)

පන්සලේ හාමුදුරුවන්ට අපහාස කළ කතට සොබාදහමින් දඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site