IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පන්සල් වත්තේ පොල් හොරා කඹේ ගැටේට කොටුවෙලා

(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
පන්සල් වත්තේ හොරෙන් පොල් කඩන්න ගොස් නොසිතූ විරූ අකරතැබ්බයකට මුහුණදීමට සිදු වී නායක හාමුදුරුවන්ගේ අතටම හසුවූ අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.


පන්සල් වත්තේ වපසරිය අක්කර පහකි. වත්ත පුරාම තිබුණේ පොල් වගාවය. විහාර ගෙයි අවට මෙන්ම විහාරස්ථානයේ අනෙත් වන්දනීය ස්ථාන අවට ද පොල් වගාව ව්‍යාප්තව තිබිණ. ඒ පන්සල් වත්ත පොල් වගාවට යෝග්‍යය යැයි අවබෝධ කරගත් නායක හාමුදුරුවෝ තිබූ පොල් ගස්වලට අමතරව අලු‍තින්ද පොල් පැළ දැමූහ.


මේ නිසාම මෙකල පන්සල් වත්ත පොල් වත්තක් සේ දිස් වෙමින් තිබුණි. ඒ විතරක්ම නොවේ හැම පොල් ගහකම කරටිය පිරෙන්න පොල් වලු‍වලින් බර වී තිබුණි. ඒ පොල් වගාවට හොඳ සාත්තු ලැබ තිබූ හෙයිනි. කරටිය පිරෙන පිරෙන තරමටම බර වූ පොල් වලු‍වලට නිල නොලත් අයිතිකරුවෝ ද වැඩි වූහ. ඒ රාත්‍රී කාලයටය. මේ අය නිසා පන්සලට නියම පොල් අස්වැන්න ලබා ගැනීමට නොහැකි වුවත් නායක හාමුදුරුවෝ කිසිසේත්ම කලබල නොවූහ. ඒ ගැන සොයා බැලීමක්ද උන්වහන්සේ නොකළහ.


පන්සල් වත්තේ බය නැතිව රෑට රෑට හොරෙන් පොල් කඩන්න ඇත්තේ ගමේ නැති බැරි එකාලා යයි නායක හාමුදුරුවෝ සිතූහ. දනට පිනට බොහෝම ලැදි උන්වහන්සේ ඒ සම්බන්ධයෙන් හිත් හදාගෙන තිබුණේ අනියමාර්ථයෙන් හෝ තමන් වහන්සේ නැති බැරි එකාලාට දානයක් දෙතැයි සිතාය.


එදා පිරිතකට වැඩිය නායක හාමුදුරුවෝ පන්සලට වැඩියේ පාන්දර හතරට පමණය. ඒ සිය විහාරස්ථානයට එන ප්‍රධාන ගේට්ටුවෙන් නොව තාප්පයෙන් නොවැසුණු හොරෙන් පොල් කඩන අය එන විකල්ප පාරකිනි. මේ වේලාවට සුව සේ නිදන ඇබිත්තයා ඇහැරවා ගේට්ටුව විවෘත කර ගැනීමට උන්වහන්සේ කැමති නැති වීම එයට ප්‍රධාන හේතුව වී තිබුණි.


පන්සල් වත්ත දිහාවෙන් ශබ්දයක් ඇසූ නිසාම උන්වහන්සේ විදුලි පන්දම නොදල්වාම ශබ්දය ආ දෙසට වැඩියහ. ඒ වන විටත් පොල් ගස්වල නිල නොලත් අයිතිකරුවන් දෙදෙනකු ඵලදාව නෙලමින් සිටිනු උන්වහන්සේ දුටුවේ කළුවරේමය. එකෙක් පන්සලේ ගේට්ටුව දෙස නෙත් යොමාගෙන ඔත්තු බලමින් සිටියේය. පොල් ගහ උඩ සිටි අනෙකා කඹයක් ආධාරයෙන් කැපූ පොල් වල්ලක් බිමට බාමින් සිටියේය.


නායක හාමුදුරුවෝ වඩින ශබ්දය ඇසී පොල් ගහ යට සිට ඔත්තු බැලූ කෙනා පස්ස නොබලාම දිව ගියේ කවුද එනවා කවුද එනවා කියමිනි. මේ සමඟම ගහ මුදුනේ සිටි එකාද කලබල වී ගහෙන් පහළට රූටා ආවේ පොල් බෑමට ගහේ මුදුනේ බැඳ තිබූ කඹය ද නොලිහාය.


ගහ මුලට පැමිණෙන තැනැත්තා කළුවරේම හඳුනා ගත් ගහේ සිටි පුද්ගලයා පොල් ගහෙන් තුන් කාලක් පමණ දුරට පැමිණ බිමට පැන්නේ ඉක්මණින්ම එතනින් මාරු වී යාමටය. එහෙත් සිදුවූවේ අනෙකකි. ගහෙන් පැන්න ඔහු පොල් වලු‍ බෑමට යොදාගත් බිමට එල්ලි එල්ලී තිබුණු කඹේ ගැටයක ඔහුගේ කකුල හිරවූවේ ඔහුට දිව ගැනීමට බැරිවන ලෙසිනි.


අතේ තිබූ විදුලි පන්දම් එළියෙන් පන්සල් වත්තේ රෑට රෑට හොරෙන් පොල් කඩන එක හොරෙකු ලොකු හාමුදුරුවන් හඳුනා ගත්තේ කඹේ පැටලී එයින් මිදීමට දඟලන ඔහු එයින් ද මුදවා ගනිමින්ය. ‘අනේ සමාවෙන්න හාමුදුරුවනේ...’ කියමින් හාමුදුරුවන්ගේ දෙපා අල්ලා වැන්ද ඔහු එතනින් දිවගියේ පොලිසියටවත් ගමේ අයටවත් මේ ගැන කියන්න එපා යැයි කියමින් වැඳ වැඳය. 



අදහස් (0)

පන්සල් වත්තේ පොල් හොරා කඹේ ගැටේට කොටුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site