IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පැන්ෂන් පාටියේදී කනේ පාරක් තෑග්ගට ලැබිලා

මොරගොල්ලාගම  සිසිර කැලේගම
වසර තිහක් රාජ්‍ය ආයතනයක සේවය කළ සේවකයකු ආයතනයට නිසි වයසේ දී සමුදීම වෙනුවෙන්  පැවැති අපූරු උත්සවයක් පිළිබඳව ඇතුගල්පුර පෙදෙසින් අසන්නට ලැබුණි.


ඔහු රටේ විවිධ ප්‍රදේශවලට ගොස් සේවය වෙනුවෙන් කැප වූ සේවකයෙකි.


එලෙස සේවයේ රැඳුණු ඔහුට වසර හැටක් සපිරුණි. සේවයේ තවදුරටත් සිටීමට උත්සාහ කළත් නව චක්‍ර ලේඛවලට අනුව ඔහුට ද සමුදීමට සිදුවුණි.


ඔහුගේ වෙන්වයාමට පෙර ආයතනයේ සහෝදර සේවක පිරිස ඔහු වෙනුවෙන් සාදයක් සංවිධානය කළහ.


අරක්කු බෝතල්, මස්, මාළු ආදී බයිට් වර්ගවලින් එය රසවත් කර තිබුණි.


කවුරුත් එක්ව මත්වතුර තොල ගාමින් ගීත කවි ගායනා කරමින් සිත් සේ විනෝද වුණේ එදින නිවාඩු දිනයක් වූ නිසාය.


විනෝද වෙන අතරේ සමුදෙන්නට සූදානම් වෙන සේවකයා අතීතයේ පැවැති අමනාපකම් ඉස්මතු කරමින් නොරුස්සනා ලෙසට හැසිරෙන්නට විය.


මෙය කාට කාටත් වදයක් වූයෙන් එසේ නොකරන ලෙසටත්, ඒවා අකාමකා සතුටින් ඒ අවස්ථාව සමරන ලෙසටත් බොහෝ අය ඔහුගෙන් ඉල්ලීමක් කළහ.


එහෙත් ඊට අවනත නොවන ඔහුට එක් අයෙකු වසර තිහක් ආයතනයේ කළ මෙහෙවර සිහිපත් කරමින් කනේ පහරක් එල්ල කළේ බලා සිටින්නන් තුෂ්නීම්භූත කරවමින්ය.


කන අත ගගා පැත්තට වුණ ඔහු එතැනින් හික්මුණේ යැයි සිතා සිටිය ද නැවතත් පොලු මුඟුරු රැගෙන යුද්ද ප්‍රකාශයට සැරසුණු නිසා සේවක පිරිසක් ඒවා උදුරාගෙන ඔහු මෙල්ල කර ඇත්තේ රිසිසේ අතපයේ හිරිය මඟ හරිමින්ලු.


අවසානයේ සියල්ලන්ම පාටිය නිමා කර සමු දී යන සේවකයාට ත්‍යාගය දීමට සූදානම්ව ඔහු සෙව්වත් ඔහු ඒ වනවිටත් සියල්ලන්ටම හොරෙන් කිසිවකුටත් නොකියා වෙරිමරගාතේම ආයතනයෙන් පිට වී සිටියේය.

 



අදහස් (3)

පැන්ෂන් පාටියේදී කනේ පාරක් තෑග්ගට ලැබිලා

Pradeep Kumara Wednesday, 28 September 2022 11:53 AM

අපේ ජීවිතයේදී සිදුවන බොහෝමයක් අවස්ථාවන් වලට මත්පැන් සම්බන්ධ කරගැනීමේ ආදීනව තමයි ඔය....

:       1       15

gamsaba Wednesday, 28 September 2022 05:44 PM

අඩියකුත් ගහලා, ළඟ ඉන්න කෙනාට කණ පැලෙන්නම ගහලා... පොලිසි ජීප් එකෙන් ගෙදර ගියාම තමයි ඒක අසාර්ථක පාටියක් වෙන්නේ...! අපි ලංකාවෙනේ..!

:       1       5

ganegoda Wednesday, 28 September 2022 04:45 PM

දියවන්නාවේ විශ්‍රාම පාටියක් කියලා අපි හිතුවේ...!

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site