IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පින්වතාගේ සත්ව කරුණාව එපා කියා වල්ඌරා පැන දුවලා

 පොසොන් පොහෝදා ඓතිහාසික සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට ගිය බව කියන තිදෙනකු අභයදාන පින්කමක් සිදුකිරීමට ගොස් එය නූලෙන් වැළකීගිය සිද්ධියක් ‘ලංකාදීප’යට වාර්තා වේ.


හිඟුරාණ ප්‍රදේශයේ තරුණයින් තිදෙනකු පොසොන් පොහෝදා සියඹලාණ්ඩුව වනගත ප්‍රදේශයක සිද්ධස්ථානයක් වැඳ පුදා ගැනීමට ගොස් එන අතරතුර තුරු සෙවණක  නතරවී ඇත.


එවිට කැලෑව තුළ සතෙකු දඟලමින් සිටින  හඬ ඇසී ඒ ගැන විපරම් කිරීමේදී වල් ඌරෙකු දක්නට ලැබී ඇත. මදක් ළංවී බලන විට එම සතා කිසියම් ආබාධයකින් පෙළෙන බව හෙළිවී තිබේ.


 “අනේ පව් මේ සතාට මොනවා හරි නරක දෙයක් කැවිලා මත්වෙලා ඉන්නේ” යැයි එක් අයකු පැවසූ අතර තවත් අයකු වතුර බෝතලයක් ගෙන ඌරාගේ මුහුණට ඉස සාත්තු සප්පායම් කළේ මහා සත්ව කරුණාව ඉස්මතු කරමිනි.


එකෙනෙහිම පියවි සිහිය ලැබූ ඌරා ක්‍ෂණිකව නැගිට කණපිට ගසා අසුරු සැණින්  කැලෑවට පැන දිව්වේ විදුලි වේගයෙනි.


“චිහ් විතරක් මේකා මෙහෙම දුවන බව කලින් දැන සිටියා නම් උන්දැට කරන දේ මම දන්නවා”යැයි එහි සිටි තවත් අයෙකුගේ අදහස ප්‍රකාශ විය. මිතුරන් ඔවුනොවුන්ගේ මුහුණු බලාගනු දුටු ඔහු “නෑ ඉතින් මම හිතුවේ මේකා මැරුණානම් කිසිම පවක් නොකර ගෙදර ගෙනියන්නයි” කීය.


එවිට ඌරාට අභයදානය දෙමින් සිටි අයකු“මෙහෙමත් ඌරෙක්! අපි ඌට අභය දානය දුන්නට මෙයාගේ පිංවත් චේතනාව දැනිලා තමයි ඌ පැනලා ගියේ” යැයි පැවසීය. 
(හිඟුරාණේ නවරත්න සමරතුංග)

 



අදහස් (0)

පින්වතාගේ සත්ව කරුණාව එපා කියා වල්ඌරා පැන දුවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 825 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site