IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පන් රන්වී අවුරුදු උළෙලේ ජරමරයක්

කැබිති ගොල්ලෑව හේමන්ත රණසූරිය



තම රත්රන් බඩු සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා උපක්‍රමයක් යෙදූ කාන්තාවකට අවුරුදු උත්සවයකදී එම උපක්‍රමය ජන සමූහයක් ඉදිරියේ හෙළිදරව් වීමේ අපූරු සිදුවීමක් ඉකුත් දිනක රජරට පළාතේ පැවැති අවුරුදු සැණකෙළියකදී දැනගැනීමට හැකි විය.
එම සිදුවීම මෙසේය.
එදින තම ගම් පළාතේ පැවැත් වූ අවුරුදු උත්සවයක් සඳහා මවක් සහ  ඇයගේ තරුණ වයසට එළඹෙමින් සිටි දියණියක් සහභාගී වූහ. එම දියණිය උදෑසන සිට තරග ඉසව් කීපයකටම සහභාගි වී ඉන් ජයග්‍රහණය ලබා සිටි අතර, එදින සන්ධ්‍යාවේ පැවැත්වෙන විවිධ ඇඳුම් තරඟය සඳහාද ඇය සූදානම්ව සිටියාය.
අවුරුදු උත්සවය දිවා ආහාරය සඳහා නතර කිරීමෙන් පසුව, දියණිය සහ මව ඔවුන්ගේ නිවසට පැමිණ දිවා ආහාරය ගෙන යළි පස්වරු දෙකට පමණ අවුරුදු උත්සවය කරා පැමිණියහ.
ඇය විවිධ ඇඳුම් තරඟය සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ ‘‘පන් නෙළන කාන්තාවගේ”‍ චරිතයක් වන බවත්, ඒ සඳහා ගායනා කරන ජන කවි කීපයක් ද කට පාඩම් කරගෙන සිටි අතර, මව පැදුරු විවීමට එක් රැස් කරගෙන තිබූ පන්වලින් පන් මිටියක් ද කල් වේලා ඇතුව අවුරුදු උත්සවය පැවැත්වෙන සමීපයට රැගෙන විත් සිටියාය.
මෙම දියණිය කිසිවෙකුටත් නොපෙනෙන ලෙස පන් නෙළන කාන්තාවක ලෙස වේශ නිරූපණය වී තම වාරය පැමිණෙනතුරු රැඳී සිටියාය.
ඇයගේ වාරය පැමිණියේය. පන් නෙළන කාන්තාව පන් මිටියක් හිස මත තබාගෙන ඉඟ සුඟ දෙපැත්තට නළවමින් ජන කවියක්ද ගායනා කරමින් අපූරු රංගනයක යෙදුණාය. නරඹන්නෝ සියල්ලෝම වශී වී අත්පොළසන් දෙමින් එම රංගනය නැරඹුවෝය.


‘‘ගාන තෙල් හඳුන් වරලස ඔමරි කොට නෑනෝ නුඹත් එනවද පන් නෙළන්නට”‍ යනුවෙන් ගායනා කරමින් ඇය විවිධ ඇඳුම් තරගය ඉදිරිපත් කරන අතරතුර නරඹන්නන් මැද සිටි කාන්තාවක් පිරිස දෙපැත්තට කරමින් එක්වරම  ‘‘දෙයියෝ සාක්කි”‍කියා විලාප තබමින් එළිමහන් මණ්ඩපය මැදට පැන, විකට ඇඳුම් තරගයට ඉදිරිපත් වී සිටි දියණිය පසෙකට තල්ලු‍ කර දමා ඇයගේ හිස මත තිබූ පන්මිටිය උදුරා ගැනීමට පොර බැදුවාය.
තරඟ විනිසුරුවරු සහ සංවිධායකවරු පැමිණ මෙම බාධා කිරීම පිළිබඳව කරුණු විමසූහ.
කිසිවක් කතා නොකළ කාන්තාව පන් මිටිය උදුරාගෙන, පන් මිටිය තම සිරුරට හිරවන සේ බදාගෙන නිවස දෙසට දුවන්නට වුවාය.
සියල්ලෝම තම දෑස් නළල් මත ඉන්දවා, කටවල් ඇරගෙන ඒ දෙස බලා සිටියෝය.
තරග විනිසුරුවන්ට සහ සංවිධායකවරුන්ට විවිධ ඇඳුම් තරගයට ඉදිරිපත් වූ එම දියණිය පන් මිටිය උදුරා ගත්තේ තම මව බව පැහැදිලි කළාය. එහෙත්, පන් මිටිය තම මව විසින් උදුරා ගත්තේ කුමන හේතුවක් නිසා දැයි ඇය කිසිවක් නොදැන සිටියාය.
විනාඩි කීපයක් ගතවීමටත් මත්තෙන් සියල්ල හෙළිදරව් විය. එනම්, එම කාන්තාව විසින් ඇයගේ රත්රන් බඩු සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කිසිවකුටත් සැක නොසිතෙන ලෙස රහසිගතව නිවසේ සඟවා තැබීමට යොදාගෙන ඇත්තේ තම දියණිය විකට ඇඳුම් තරගය සඳහා රැගෙන විත් තිබූ මෙම පන්මිටිය බවය.
කෙසේ වුවද විවිධ ඇඳුම් තරගයෙන් පන් නෙළන කාන්තාව ලෙස රංගනය ඉදිරිපත් කළ එම දියණිය ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමටද සමත් වූවාය.
අවුරුදු උත්සවය නිමා වුවද, එම ගම්පළාතේ පිරිස් මෙම මවට ‘‘රත්රන් පන් අම්මා”‍යැයි නමක් පට බැඳ ඇති බවට ආරංචියක් පවතී.

 



අදහස් (0)

පන් රන්වී අවුරුදු උළෙලේ ජරමරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site