කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
පින් පත්තරයක හොරේ අසුවී අලි ජංජාලයකට මුහුණ දීමට සිදු වූ තැනැත්තකු පිළිබඳව බලපිටියෙන් අසන්නට ලැබේ.
සිය විහාරස්ථානයේ පින්කම් පැවැත්වීම සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ දැඩි උනන්දුවකි. ඒ හැම පින්කමකම පින් පත්තරේ බාර ගත්තේ ඔහුය. සෑම පින්කමක් අවසානයේදී වයස්ගත ලොකු හාමුදුරුවන් මුදල් එකතු කළ පින් පත්තරේ ඉල්ලා සිටියත් ඔහු එය දීම හෑම අවස්ථාවකදීම මග හරින්නේය. එය ලොකු හාමුදුරුවන්ටත් කාලයක් යද්දී අමතක වෙන්නේ වයස්ගත භාවය නිසාමය. දින සති මාස ගෙවී ගොසින් ලොකු හාමුදුරුවන් පින් පත්තරේ ගැන මතක් කළ විට ඔහු ලිස්සා යන්නේ එය නැතිවී ඇති බව කියමිනි.
මේ මෑතක පැවැති පිංකමෙත් පින් පත්තරේ එකතු කිරීමේ රාජකාරිය ඔහු ගත්තේ බලෙන්මෙනි. ලොකු හාමුදුරුවන් එය මෙවර දුන්නේ මෙදා සැරෙත් පින් පත්තරේ නැති කර ගත්තොත් ඔහුගේ සායම නැතිවෙන්න වැඩක් දෙනු අදහස යටි සිතේ රඳවාගෙනය.
පින්කම නිමාවිය. ලොකු හාමුදුරුවන් පින් පත්තරය ඔහුගෙන් ඉල්ලුවේය. සුපුරුදු පරිදිම එය අස්ථාන ගතවී ඇති බව ඔහු කීවේය. පිංවතුන් මේ පින්කමට ලොකු ලොකු ගණන් දී ඇති බව ලොකු හාමුදුරුවන්ට සැලවීමත් සමගම ඔහු පින් පත්තරෙන් ලොකු ගානක් ගසා ඇති බව තේරුම් ගැනිණි. ඒ නිසාම හැමදාම නැතිවෙන මේ පින් පත්තරේ හොරේ අල්ලා ගැනීමට ලොකු හාමුදුරුවෝ පොලීසි ගියහ.
පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ දී පින් පත්තරයෙන් ගැසූ බව ඔහු පිළි ගත්තේය. ඒ මුදල් දීමට ද ඔහු පොරොන්දු වූවේ මෙතෙක් කලක් ගමේ තබාගෙන සිටි හොඳ නාමය බලු කරගෙනය. එය වඩාත් වැඩිවී ඇත්තේ ලොකු හාමුදුරුවන්ට දීමට එකඟවූ මුදල ලබා නොදී මග හරිමින් සිටින නිසාවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd