(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)
පිරිසක් සමග හිමි නම එන්නේ අාධාර මුදල් එකතු කිරීමට යයි සැක සිතා නිවෙසේ දොර වැසූ අයෙකුට වියළි ආහාර පරිත්‍යාගයක් මග හැරීගිය අපූරු පුවතක් දකුණු පළාතෙන් අසන්නට ලැබේ.

විහාරාධිපති හිමියන් දනට කැමතිය. පිනට ලැදිය. ඒ නිසාම උන්වහන්සේ තමන්ට ලැබෙන දේ අතහරිනුයේ නිර්ලෝභීවය. මතු බවය ගැන සිතාය. විවිධ පින්කම්වල නායක හාමුදුරුවන් නියලෙන්නේ ඊට කදිමට උදාහරණ සහිතවය.
මෙවර වෙසක් උත්සවයට. උන්වහන්සේ අපූරු පින්කමක් සංවිධානය කළහ. මේ පිළිබඳව සිය ප්‍රධාන ගෝල හිමි නම සහ දහම් ගුරුවරුන් පමණක් දැනුම්වත් කළේ මේ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමටය.
ඒ අනුව මේ පිරිස ගමේ ගෙන් ගෙට යමින් සිටියාහ. එසේ යන අතරතුර පිරිසක් සමග හිමි නමක් එනු දුටු අයෙක් මේ එන්නේ අාධාර එකතු කරන්න යයි සිතා නිවෙසේ දොර වසා ගත්තේ ඔවුනටද පෙනෙන ලෙසය.
කිසි ශබ්දයක් නොකළ මේ පිරිස ඊළඟ නිවෙසට ගියේ ඔහු නිවෙසේ හොරෙන් බලා සිටියදීය. පැමිණි පිරිස එම නිවසට කාඩ් එකක් වැනි යමක් දුටුවිට ඔහු ඒ ගැන සොයා බැලීමට ඉටාගත්තේය. ඒ අනුව මේ පිරිස නොපෙනී ගිය තැනේදී ඔහු ඒ පිළිබඳව විමසිලිමත්වීමේදී දැන ගන්නට ලැබී ඇත්තේ නායක හාමුදුරුවන් ගමේ දායක පවුල්වලට දෙන වියළි සලාක දානයේ ටෝකන් ලබාදීමට පැමිණි බවය.
ඔහුට තමාගේ අනුවණකමේ මහත තේරුණේ එම වියළි සලාක දානයට අහල පහළ අයට ලැබුණු දේවල් පිළිඳව සිය මායියාගේ කන්කරච්චලයත් සමගමය.
2025 නොවැම්බර් මස 04
49
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පින් පත්තරේට බයේ ගෙයි දොර වසා අතට ආ වාසනාව නැතිවෙලා
Kaushalya Rathnasinghe Thursday, 26 May 2022 11:51 AM
පිනට ලෝබ වීමේ විපාක. පව් අසරණයා...!