IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පදම වැඩිවී මැටි අනන්නා උපන් ඇඳුමෙන්

මැටි ආශ්‍රිත නිෂ්පාදකයෙක් පැය කිහිපයක් පුරා දෙනෝ දාහක් බලා සිටිය දී උපන් ඇඳුමෙන් මැටි පදම් කිරීමේ පුවතක් වයඹ ප්‍රසිද්ධ මැටි ආශ්‍රීත කර්මාන්ත ගම්මානයකින් වාර්තා විය.


වයඹ ප්‍රසිද්ධ මැටි කර්මාන්ත ගම්මානයක පදිංචි මැදි වියේ මැටි භාණ්ඩ නිෂ්පාදකවරයෙකි. කම්මැලිකම නොහඳුනන්නකු වන මොහු දවස පුරා වෙහෙසෙමින් මැටි කැපීම, පදම් කිරීම, නිෂ්පාදන ආදිය තමන් විසින්ම සිදු කරයි.


දවස පුරා මැටි සමඟ ගත කරන නිසා වැඩපල කරන අතරතුර තමන් විසින්ම සකසා ගත් මධුපැන් පොදකින් විටින් විට සන්තර්පණය වීම ඔහුගේ සිරිතය. ඉන්පසු ඔහු අහල පහල හැමෝම සමඟ විහිළු තහළු කරමින් තම කර්මාන්තයේ නියැලෙයි.


එදත් උදේම සුපුරුදු පරිදි අමුඩයෙන් සැරසුණු ඔහු හිසට පමණක් ලේන්සුවකින් සුම්බරයක් බැඳ නිවස ඉදිරිපිටට වී කලින් දිනයේ කැපූ මැටි තොගයක් පදම් කිරීම ඇරැඹීය.


වතුර භාජනයක් ළඟ තබාගත් ඔහු එයින් දෑත් තෙමාගෙන ගොඩ ගසා ඇති මැටි ගොඩෙන් ලොකු ගුලියක් කඩා එය පද්දා අසල ක්‍රියාත්මක වන මැටි පදම් කිරීමේ යන්ත්‍රයට විසි කරයි.


ටික වේලාවක් මෙසේ කරන විට ඔහුගේ මුලු ගතම මඩ වලින් නැහැවිණි. ඒ අතරතුර නිවස පිටුපසට යන ඔහු මල්පැනි වඩියක් ද පානය කරයි. ටිකෙන් ටික මධු මත වැඩි විය. එයට සමගාමීව වැඩද ඉක්මන් විය.


ඒ අතර ඔහු අසලින් ගමන් කරන කාන්තාවන් සිනහසෙමින් ලැජ්ජාවෙන් අහක බලාගන යන්නට පටන් ගත් නමුත් ඒ ගැන ඔහුට කිසිදු නිනව්වක් නොවීය. ඔහු තමා අසලින් යන සියලු දෙනාට කුමක් හෝ විහිළුවක් ද කරන්නේ වෙනදා පුරුද්දටය.


පැය කිහිපයක් එක හුස්මට වැඩ කළ ඔහු කෙටි විවේකයක් ගත්තේ බීඩියක් බීමටය. පෙරදී මිල දී ගත් බීඩි මිටිය අවසන් බව දුටු ඔහු නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පැන එහා පැත්තේ කඩයට ගියේය.


කඩයේ සිටි කාන්තාව ද වෙනදා නැති නෝක්කඩුවකින් ඔහු දෙස බැලුවාය. කිසිත් නොදන්නා ඔහු “මොකෑ බං ඔරවන්නේ” යැයි ඇගෙන් ඇසුවේය. පිළිතුරු නොදුන් ඇය වාඩි වී සිටි කැෂියර් පුටුව දඩාස් ගා පිටුපසට විසිකොට නිවස තුළට ගියාය.


කිසිවක් සිතාගත නොහැකිව බලා සිටිද්දී ඔහු ඉදිරියට ආවේ කඩේ කාන්තාවගේ ස්වාමිපුරුෂයාය. “මෙහාට වරෙං බං” කියා ඔහුගේ අතකින් ඇදගෙන කඩය පිටුපසට ගිය කඩ හිමියා අසල රෙදි වැළක තිබූ තුවායක් ගෙන ඔහුට ඇන්දවීය.


එවිට ඔහුට කාරණය වැටහිනි. ඔහු සිටින්නේ උපන් ඇඳුමෙනි. මඩ පෙරාගෙන එක දිගට වැඩ කරන අතරතුර ඔහුගේ අමුඩය ගැලවී ඇත. සමහර විට එය මැටි ගුලියක් සමඟ අත ඔසවද්දී අතෙහි පැටලී ගැලවෙන්නට ඇත. ගැලවුණ අමුඩ ලේන්සුව මැටි ගුලියත් සමඟ පද්දා මැටි පදම් කරන යන්ත්‍රයට දමන්නට ඇත. මැටි වතුරෙන් නැහැවී සිටීම හා මත් වතුරෙන් සප්පායම් වී සිටීම යන කාරණා දෙකම නිසා ඔහුට අමුඩය නැති අඩුව නොදැනිණි.


කෙසේ නමුත් පැය කිහිපයක් තිස්සේ ඔහු මැටි පදම් කර ඇත්තේ හිසට සුම්බරයක් බැඳ අමු නිර්වස්ත්‍රයෙනි. මෙම සිද්ධිය අසුරු සැණින් ගම පුරා පැතිරිණි. එදායින් පසුව වසර ගණනක් තිස්සේ නිවස ඉදිරිපිට සිදුකළ මැටි පදම් කිරීම නිවස පිටුපස කිසිවෙකුට නොපෙනෙන ස්ථානයට ගෙන යාමට ඔහු පියවර ගත්තේය. ඒ ඔහු දකින හැමෝම “මැටි ඇනුවෙ නැද්ද” කියා අසන්නට වූ බැවිනි.

ඉබ්බාගමුව - සම්පත් සෙනවිරත්න

 



අදහස් (0)

පදම වැඩිවී මැටි අනන්නා උපන් ඇඳුමෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site