වසරක් ගෙවී නව වසරක් උදාවෙන විට තිබු සිත් අමනාපකම් දුරු කරන්නට ගිය අසල්වැසියකුගේ ආගන්තුක සිරිත් විරිත් දැක තවත් පිරිසක් පුදුම වූ පුවතක් රජරටට අයත් කහල්ල රක්ෂිතය අවට ගමකින් අසන්නට ලැබුණි.
ගොවිතැනින් දිවි ගෙවන පෙදෙසකි. රිළා, මොනර කරදරවලට අමතරව අලි තර්ජනවල නිමාවක් ද නැත.
මේ නිසා බොහෝ පිරිසක් දිවා කාලයේ හේන්වල හා කුඹුරුවල රැඳෙන්නේ රිළවුන්ගෙන් හා මොනරුන්ගෙන් වගාවන් රැක ගැනීම සඳහාය. රාත්‍රියට නිවෙස්වල පිරිමි පැලට යති. ඒ අලින්ගෙන් ගොවිතැන් රැක ගැනීමටය.
මේ තත්වය හමුවේ ඇතැම් උදවියට ගමේ හා අවට පොදු කටයුතු හා උත්සව ආදියට සහභාගි වෙන්නට ලැබෙන අවස්ථාවන් ද අඩුය.
අවට ගෙදරක උත්සවයකි. එම උත්සවයට ගමේ බොහොමයකට ඇරයුම් කර තිබුණි. කලක සිට තිබෙන අමනාපය දුරු කරන්නට මෙය හොඳ අවස්ථාවකි. බිරිය සැමියාට කීවාය. අපි කවුරු හරි මෙදින රාත්‍රියට පැලට යවමු.
අපිටත් මේක කියලා තිබෙන නිසා ඔයයි, මමයි ගිහිල්ලා දරුවාගේ උත්සවයට සහභාගි වෙමු. ඒ අනුව එතෙක් පැවැති සිත් අමනාපකම් දුරු කරමු. එම සිතුවිල්ලෙන් යුවළ උත්සවයට පිය නැගුහ.
ගමේ බොහොමයක් ද දෙපාර්ශවය අමනාපයෙන් පසුවන බව ද දන්නා කරුණකි. වසරක නිමාවක හා වසරක උදාවක මෙලෙස උත්සවයකට හෝ එක්වීමට ලැබීම ඇත්තටම සතුටුදායක යැයි රැඳී සිටි අය ද පැවැසූහ.
කාන්තාවන් ඉදිරිපස වාඩි වෙනවිට මත් තොල ගාන උදවිය හෙමින් හෙමින් පිටුපසට ඇදී ගියහ.
“ඒයි බීලා නේද මේ අමනාපය එදා ඇති කර ගත්තේ. ඒ හින්දා අද එහෙම වැටෙන්න එහෙම බොනවා නෙමෙයි.” බිරිය සැමියාට කීවාය.
“හරි හරි මං ගිහින් එන්නම්. ගියේ නැත්නම් ඒකත් හොඳ නැහැනේ. ”කියා ඔහුත් එතැනට එක් වුණි.
කෙසේ හෝ ඔහු පදම ඉක්මවා ඇත. අතීත අමනාපකම් මතක් කර කර වරදක් වුණා නම් සමාවෙන්න කිය කියා ඔහු නිවෙස් හිමියන් වෙත ගොස් සමාව ඇයද සිටියේය.
කෙසේ හෝ උත්සවයේ වැඩ දියත් වුණි. තම තමන්ගේ අත තිබු ලියුම් කවර දියණිය අත තැබීය. සුබ පැතූහ.
අසල්වැසි කත ඉදිරියට ආවාය. ඇය දරුවා අත ලිපි කවරය තැබුවාය. මුහුණ සිපගෙන එතැනින් ඉවත් වූ සැණින් පදම ඉක්මවා සිටි සැමියා “දුවේ එදා අපෙන් වරදක් වුණා නම් සමාවෙයන්” කියමින් දුවගේ කකුල් දෙක අබියස වැඳ වැටුණාය.
සිද්ධිය දුටු අය කොක් හඬලා සිනා සෙද්දී ලැජ්ජාවට පත් බිරිය “මේ වාගේ බේබදු සැමියෙක් එක්ක ඇවිත් නැති අමනාපකම් ඇති කරනවාට වඩා අමනාපයෙන් හිටියා නම් හොඳයි” කියා සැමියා එතැනම දමා තම නිවහන කරා දිව ගියේ ලැජ්ජාවෙන් මිදෙන්නට ලු.
මොරගොල්ලාගම සිසිර කැලේගම
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පදම වැඩි වී අරුම පුදුම සිරිතක්