IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


පෝදා පස්පවින් මිදෙන්න සෝයාවෙනුවට කුකුළා උයලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත 


මස් මාළු නොඋයා පෝදා පස් පවින් මිදීමට සෝයා මීට් උයන්න ගොස් ප්‍රාණඝාත රැසක් සිදු කළ කතක ගැන කතාවක් අම්බලන්ගොඩ අලු‍ත්වලින් ඇසේ.
මුළු මාසය පුරාම බුදින්නට ඇයට මස් මාළු නැතිවම බැරිවාය. නිතරම මස් මාළුවලින් ඇයගේ නිවසේ ශීතකරණය පිරී තිබුණේ ඒ නිසාමය. මස්, මාළු නැත්නම් අඩුම තරමින් මස්, මාළු නමින් නම් කර තිබූ සෝයා මීට් පැකැට්ටුවක්වත් ආහාරයට ගැනීමට ඇය පුරුදුව සිටියාය. ඒ කෙසේ වෙතත් ඇය පෝදා මස් මාංශ ගැනීමෙන් තරයේම වැළකී සිටියාය.


එදා පසළොස්වක පෝදාය. පස් පවින් වැළකී සිටි ඇය දහවල් ඉවීමටද මස්, මාළු නොගත්තාය. ඒ වෙනුවට ගත්තේ කුකුළු මස් රසැති සෝයා මීට් පැකැට්ටුවකි. සෝයා මීට් පැකැට්ටුව කඩා වතුර භාජනයකට දැම්මේ මෙලෙක්වීමටය. සෝයා මීට් පැකැට්ටුව කඩා උණු වතුරට දැමීමත් සමගම එහි සිටි ගුල්ලෝ මැරි මැරී උඩ පාවී ආහ. ඇයට තරු පෙනුණි. කරන්න කිසිම දෙයක් නැත. ඒ වනවිටත් සෝයා මීට් පැකැට්ටුවේ සිටි ගුල්ලන් සියල්ලම මැරී අවසන්ය. ඇය කඩෙන් ගෙනැවිත් ඇත්තේ ගුල්ලන් ගැසූ කල් ඉකුත්වූ සෝයා මීට් පැකැට්ටුවකි.
මේ සමගම දැන් ඉතිං කරන්න දෙයක් නැතැයි සිතමින් ඇය  ප්‍රාණ ඝාතයක් තමා අතින් සිදුවූවේ යයි කියමින් ශීතකරණයේ තිබූ කුකුළාගෙන් කොටසක් කපාගෙන පෝයදා දවල උයා ඇත්තේ වෙනදා නොඋයන අලු‍ත්ම ක්‍රමයකටලු‍.



අදහස් (0)

පෝදා පස්පවින් මිදෙන්න සෝයාවෙනුවට කුකුළා උයලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1078 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site