හේවාහැට-එම්.දසනායක
තම අභිමතය පරිදි යෝජනාවකින් පුතුට විවාහයක් කර දී ටික කලක් ගතවනවිට ලේලිය සමග උරණවී පුතු හා ලේලිය විරසක කිරීමට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ කපුවකුට ලක්ෂ ගණනක් මුදල් ලබාදී තම සිතුම් පැතුම් සුන්කර ගත් කාන්තාවක පිළිබඳව පුවතක් කන්ද උඩරට නාගරික ප්‍රදේශයකින් වාර්තා වේ.
සිදුවීමට මුහුණ දුන් කාන්තාව දේව ඇදහිලි හා ශාන්ති කර්ම මෙන්ම හදි හූනියම් පිළිබඳව තදින් විශ්වාසය තබා කටයුතු කළ තැනැත්තියකි. සිය එකම පුතුගේ කල වයස සම්පූර්ණ වනවිට ඔහුගේ ප්‍රේම සම්බන්ධතා වලට පවා තහංචි දමා මගුල් කපුවකු මාර්ගයෙන් යෝජිත විවාහයක් කරදී ඔවුන් දෙදෙනා තමන් සමගම එකම නිවසේ පදිංචි කරවා ගැනීමට මෙම කාන්තාව කටයුතු කර ඇත.
ටික කලක් ගතවනවිට සිය ලේලිය සමග උරණවූ මෙම කාන්තාව මෙම ගැටලුවට පිළියම් සෙවීමට කපුවාගේ පිහිට පතා ඇත. දේව කැමැත්ත අනුව පුතු හා ලේලිය වෙන් කළයුතු බව පවසමින් ඒ සඳහා අවස්ථා ගණනාවකදීම මෙම කාන්තාවගෙන් කපුවා ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන තිබේ. සිය අරමුණ ඉටු නොවීම පිළිබඳව විමසීම සඳහා අවස්ථා ගණනාවකදීම මෙම කාන්තාව කපුවා හමුවීමට ගොස් ඇති නමුත් යම් සිදුවීමක සැකකරුවෙකු ලෙස කපුවා නීතියේ රැහැනට කොටුවීමත් සමග එම උත්සාහය අසාර්ථකවී ඇත.
රජයේ උසස් රැකියාවක නිරතවී මීට වසර කිහිපයකට පෙර මියගිය සිය සැමියාට ලැබුණු වන්දි මුදල්වලින් කපුවාට මුදල් ගෙවා ඇති මෙම කාන්තාව අහිමිවූ සිය මුදල් ගැන සිහි කරමින් සිහි විකලෙන් දොඩවන බව දැන ගන්නට ඇත.
සිය මවගේ හදි හූනියම් හෝ අකටයුතුකම් පිළිබඳව කිසිත් නොදන්නා ඇයගේ පුත්‍රයා සිය බිරිය සමග ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමින් මේ වනවිට විදේශ රටක සතුටින් දිවි ගෙවන බවද වාර්තා වේ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පුතයි ලේලියි වෙන් කරන්න ලක්ෂ ගණන් කපුවකුට පුදලා
Pradeep Kumara Friday, 08 November 2024 04:46 PM
මෙහෙමත් මෝඩ ගෑණු.
වික්‍රම විදුර Saturday, 09 November 2024 08:06 AM
ෂුවර් එකට ගාල්තැන්න මහ හොරා...