පත්තර මුදලාලිගේ කඬේ තිබුණේ පන්සල අයිනෙමයි. එයා පාන්දරම කඬේ ඇරලා අතුගාද්දී ලොකු පාර්සල් දෙකක් කාණුවේ තිබෙනවා දැක්කා. අම්මෝ බෝම්බ ද දන්නැහැ. මුදලාලිට කියවිණ.
කොස් විකුණන මල්ලී ළඟට දුවලා ගිය එයා පුතේ අර පාර්සල් බෝම්බ වගේ. මට නම් සැකයි කියලා කීවා. කොස් මල්ලී කොස් කපන පිහියෙන් හෙමින් හෙමින් එක පාර්සලේක ලණුව කැපුවා. පාර්සලෙන් එළියට පැන්නේ, තැඹිලි කෝම්බයි තව ලට්ට ලොට්ට වගයකුයි.

එතනට ආපු පත්තර කඬේ හාමිනේ දෙස් දෙවොල් තියන්න ගත්තා. පන්සල ඉස්සරහා කුණු බෑග් දාන අයත් ඉන්නවාද? මුන් ලබන ආත්මේ උපදින්නේ අවීචි මහා නරකාදියේ. එහෙම කියපු එයා කෙළින්ම ගියේ පාර එහා පැත්තේ තිබුණු ටයිල් කඬේට. අනේ දුවේ පොඩි උදව්වක් කරන්න. ඇය කීවා. මොකක්ද ඇංටි ටයිල් කඬේ තරුණිය ඇහුවා. ඔයාලගේ සීසීටීවී එකෙන් බලලා කියන්න ඊයේ රෑ කවුද පන්සල අයිනේ කුණු දැම්මේ කියලා.
තරුණිය සීසීටීවී චෙක් කරන්න පටන් ගත්තා. රෑ හතයි තිහට ආපු කළුපාට කාර් එකක් පාර අයිනේ නවත්වනවා. ඒකෙන් බැහැපු මහත්තයෙක් පාර පැනලා ජිම් එකට යනවා. රෑ අටයි දහයට ආපහු එන මහත්තයා, වටපිට බලලා කාර් එකේ ඩිකියේ තිබුණු පාර්සල් දෙක පන්සල අයිනට දානවා.
ජිම් එකට ගිය පත්තර කඬේ හාමිනේ ඒකේ වැඩ කරන මහත්තයාට කාරණය කිව්වා. එයත් ඇවිත් කැමරාව බලලා යන්න ගියා. කුණු පාර්සල් දෙක දවස් තුන හතරක්ම එතනම තිබුණා. බැරිම තැන පත්තර කඬේ හාමිනේ කුණු පාර්සල් දෙක ජිම් එක ළඟ තියලා පත්තර කඬේට ගියා.
ක්‍රිස්ටෝපර් සීපියන්
2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1428
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පත්තර කඬේ හාමිනේගෙන් කුණු දැමූ මහත්තයාට අපූරු පාඩමක්