පසුගිය දා උදේ පාන්දරම නිට්ටඹුව නගරයේ පදික වේදිකාව අසලවූ කාණුවකට යතුරු පැදියක් පෙරලීම නිසා අසරණ වූ පුද්ගලයකුට එහි පැමිණි පිරිසක් උදව් කළහ. ඔහුගේ එක් පාදයක් බරපතළ ලෙස තුවාල වී තිබුණත් සිහිසුන් නොවූ ඔහු සිටියේ මහත් මානසික වියවුලකය.
සිදුවූයේ කුමක්දැයි වට පිටාවේ සිටි අය විමසුවත් ඔහු පිළිතුරු දුන්නේ නැත. මොහොතකින් ඔහු අමාරුවෙන් කීවේ තමා ඇද සිටින ජැකට්ටුව ගලවන ලෙසටය.
එය ගලවන විට ඒ තුළ සිටි ගරුඬ පත්තෑයෙක් පසෙකට විසිවිය නිසා වට පිටාවේ සිටි අයද කලබලයට පත්වූහ.
ජැකට්ටුව තුළට රිංගාගෙන සිටි මෙම පැත්තෑය තම ගෙල පෙදෙස පුපුරු ගෑම නිසා ඔහුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකි වූ බව පසුව අනාවරණය වූ අතර එක්වූ පිරිස පත්තෑයා එළොවටත් තුවාල කරු රෝහලටත් යැවුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපවති ,අක්කට හරියට මාමලා ,නැන්දලා ඉන්නවා වගේ නේ (අ)
ඇඳුම් අඳිනකොට ගසලා අඳින්න පුරුදු වෙන්න ඕනෑ. මටත් ඔය වගේම වැඩක් වුණා. වැලේ තිබුන කොට කලිසමක් ඇඳගෙන නාන්න ගිහින් තව පොඩ්ඩෙන් ඔය සතාම කනවා. වාසනාවට බේරුනේ. (නි)
මටත් ඔයවගේ දෙයක් සිද්ධ වුණා නිවාඩුවකට ලංකාවට ගිහින් ඉන්න අවස්ථාවකදී. වැලෙහි වනා තිබුණු යට ඇඳුමක් ඉක්මනට ඇඳගෙන කලිසමත් ඊට උඩින් දාගෙන එළියට බැස්සා.නමුත් මීටර් පනහක් විතර යනකොට මගේ ඇග කන්න පටන් ගත්තා. මම නැවත ගෙදරටම දිව්වා. බැලුවහම තෙල් කුඹි ගොඩක්. ඉතින් අමිලගේ කතාව හරි. (නි)
මට මතකයි වරුණට මේක වුණා රියදුරු කෙනෙක් වෙලා ඉන්න කාලේ (නි)
ඔන්න බළල්ලු දෙන්නම එලියට පැන්නා! එතකොට තිලායි දුවගෙන ඩිස්පෙන්සරියට ඇවිල්ලා තියෙන්නේ. සදලුතලේට වෙලා ඔලුව පීර පීරා පාර දිහා බලාගෙන හිටපු රූපවතී අක්කයි පහලට දුවලා ගිහින් තිලාව බේරාගෙන තියෙන්නේ (නි)
ඔය සතා බෙල්ලේ යනකොට ඔහොම නොවුණා නම් තමයි පුදුමේ. ඇයි කකුල්ම කීයක්ද? (නි)
මේවා කාගේත් හොදට දාලා තියෙන්නේ හිතලා වැඩ කරන්න (නි)
අමිල, ඉතින් ඒකා කලන්තේ හැදිලා බිමට වැටුනාමද දැක්කේ? ඔයා කියනවා වගේ උගේ වාසනාවට තමයි ඔය තරමින් ඌ බේරුනේ. (අ)
තිලා, මේ අපි සේරමලා ඕපාදූප තමයි. අපි හැමදාම උදේ ඉදන් රෑ වෙනකම් කරන්නේ අනුන්ගේ දේවල්ම කියාපාන එකමනේ. මම දන්නවා රහස, ඔයාට ලැජ්ජා හිතුනා නේද ? ඔයා නේද දොස්තර මහත්තයා හොයාගෙන ආවේ නොන්ඩි පැන පැන? දැන් ඔන්න එසැණ සියල්ලෝම දන්නවා (නි)
අනේ මෙහෙමත් මිනිස්සු. (ස)
මීට කලිනුත් මහවිල පැත්තේ ගරුඩෙක් ඔය වගේ විනාශයක් කළා. රියදුරු මහත්තයාගේ සපත්තුව ඇතුලේ ඉදලා තාප්පත් කඩලා වාහනෙත් පොඩි පට්ටම් වුණා (නි)
චන්දි නංගියෝ .. ඒ අපි ගමේ ..වැඩිහිටි අයට කතාකළ ආකාරයයි ...?(අ)
රූපවතී අක්කේ ඔය කියල තියෙන පළමුවන සිද්දියේදී! ඔය සීන් එක බල බල ඉන්න සෙනග පිරුන බස් එක ඉතින් නතරකරගෙනම හිටියද? (අ)
මම ඉස්සර රෑට නිදා ගන්නේ තාත්තා ළඟ. දවසක් ඔය වැඩේම වුණා මටත්. මම නැගිට්ටේ තාත්තටත් දෙකක් දීගෙනම තමයි. බුදු අම්මෝ මතක් කරනකොටත් බයයි (නි)
රූපවතී අක්කේ, ඔයාට තිබුනේ ඉක්මනට පහළට ගිහින් ඒ මනුස්සයව ඒකෙන් ගළවාගන්න පොඩි උදව්වක් දෙන්නනේ! (නි)
මටත් ඔහොම වැඩක් උනා.(ස)
මට ඔය වගේ වැඩක් වුණා. වැලේ දාලා තිබුණු කලිසමක් අදින්න ගියා, මෙන්න බොලේ ලොකු කටුස්සෙක් (නි)
මේ පත්තෑයෙක් හැම තැනම රිංගල නොවැ.... දැන් මොකද කරන්නේ? (නි)
රුපවති අක්කේ, උඩ තට්ටුවේ, බස්වල, ඉදල බලල තියෙන දේවල්. (ස)
නොකියත් බැහැ මේවා. රූපවතී අක්කලා වගේ අය සෙනග පිරී බසයේ කව්ළු තුලින් මහ මග නරඹමින් යනකොට බස් එක ඇතුලේ ඉන්න පත්තෑයෝ ගැන අවධානය නැතිවෙනවා. රූපවතී අක්කට ඕවා ගානක් නැහැ වගේ. (නි)
පසුගිය අවුරුද්දෙ මම දවසක් ලංකාවේ දී සෙනග පිරී බසයේ කව්ළු තුලින් මහ මග නරඹමින් යනවිට එක්තරා නිවැසියෙක් තම මිදුලේ සිමෙන්ති පොලවේ යට ඇදුම පිටින්, එක සපත්තුවක් කකුලේ දමාගෙන, හැද සිටි දිග කලිසම බිම දමාගෙන,අතින් සෙරෙප්පුවක් අමෝරාගෙන සිටියා. ඔහු දැකීමෙන් සිනහව පාලනය කරගත්තේ මා සිටි තැනසේම ජේමිස් අයියට වුණු හදියම ඔහුටත් සිදුවෙන්න ඇතියැයි මට අවබෝධ වීම නිසාවෙනි (නි)
ඇත්තටම දෙයියෝ සාක්කි. භයානක සිදුවීමක්. විමසිලිමත් වීම මදි වෙලා. (නි)
ෂෙරිෆ්ලා වගේ පත්තෑයෝ ලංකාව් බස්වල යනකම් අපි ගමනක් යනවිට සීට් එකක ඉදගෙනමයි යන්නේ (නි)
දවසක් මගේ නිවස අසල ඩිස්පෙන්සරියට මාමා කෙනෙක් පණ එපා කියල දුවගෙන ආවා කලිසම පිටින්. පිටිපස්සෙනුත් නැන්දා කෙනෙක් දුවගෙන ආවා. තවත් කීප දෙනෙක් රංචුව පිටින් දුවගෙන ආවා. මමත් ඉහල මහලේ ඉදලා බලා හිටියා වෙනදේ මොකද්ද කියලා. පස්සේ දැන ගන්න ලැබුණා පණ එපා කියල දොස්තර මහත්තයා හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. හදිසියට කලිසමේ සිපර් එකට අර මාමාට පොඩි වින්නැහියක් වෙලාලු. (නි)
රූපවති යනු ඕපාදුප හා බයිලා සාගරයක්, රස ආකරයක් (නි)
සරත් අයියා පුදුම යෝජනානේ ගෙනෙන්නේ... පත්තෑයෝ විසයි... අත නම් කෑවත් ඉවසන්න පුළුවන්...ඒත් ..... (නි)
රුපවතී,මීට පස්සේ බස්වල යනකොට බලාගෙනයි... (නි)