දරුවකුගේ උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට සුපුරුදු වෛද්‍ය මධ්‍යස්ථානයකට ගිය සමාජ සේවකයෙකුද වූ පියකු වෛද්‍යවරයාගේ පැනයකට දරුවා දුන් පිළිතුරෙන් වෛද්‍යවරයා ඉදිරියේ බෙහෙවින් අසරණ වී එම වෛද්‍යවරයා වෙත යාම ද නතර කිරීමේ සිද්ධියක් දකුණු පළාතේ නාගරික පෙදෙසකින් අසන්නට ලැබිණි.
සැන්දෑ යාමය උදාවීමෙන් පසු අවුරුදු හතරක් පමණ වයසැති සිය දරුවා උදරාබාධයක් බව පවසමින් හඬා වැළපෙන්නට වූයෙන් පියා සිය බිරියගේද උපදෙස් පරිදි අසල්වැසියෙකුගේ ත්‍රිරෝද රියක් කුලියට ගෙන නිවසට තරමක් දුරින් වූ වෛද්‍ය මධ්‍යස්ථානයකට දරුවා රැගෙන ගියේ ප්‍රතිකාර ලබා දීමටය.
ඩොක්ටර් අපේ දරුවගෙ බඬේ අමාරුවක් වගේ. බෙහෙත් ටිකක් ගන්න ආවේ, යැයි කියමින් වෛද්‍යවරයා ද හොඳින් හඳුනන පියා දරුවාද සමග වෛද්‍යවරයා හමුවිය.
වෛද්‍යවරයා ද කඳුළු සලමින් සිටි දරුවා පරීක්ෂා කර බලා ‘‘බබා මොනවද සවස කෑවේ ...’’යැයි ඉතා කාරුණිකව දරුවාගෙන් ඇසුවේය.
‘‘තාත්තල කාපු ජරා කෑමක්..’’ යැයි දරුවා දුන් පිළිතුරෙන් වෛද්‍යවරයාත් පියාත් අන්ද මන්ද වූහ.
‘‘මොනවද පුතා කාපු ජරා කෑම..’’ යනුවෙන් වෛද්‍යවරයා යළිත් විමසීය.
එවිට පිළිතුරු දුන් දරුවා කීවේ, තාත්තා අල්ලපු ගෙදර අංකල් එක්ක සවස කාමරේ ඇතුළේ බීම බිව් බවත් එතැන පිඟානක තිබුණු මස් වගේ කෑමක් පියා තමාට දුන් බවත් තමා ඒවා කෑ බවත් ය.
අම්මා තමයි ඒවා හදල තාත්තට දුන්නෙ. ඒ දෙන ගමන් අම්ම තාත්තට කිව්වා මට එහෙම ඔය ජරා කෑම දෙන්න එපා කියලා. ඒත් තාත්තල හිටපු තැනට මම ගියාම තාත්තා මට ඒ ජරා කෑම කෑල්ලක් දුන්නා. මම ඒකත් අරං එතැනින් යන්න කියලා. මම ඒ ජරා කෑම කෑවා. ඒත් ඒවා රසයි යැයි දරුවා කියාගෙන ගියේය.
නෑ ඩොක්ටර් ජරාවක් නෙවි ඌරු මස් තමයි තිබුණේ.... පියා කීය. එයින් පොඩි කෑල්ලක් මෙයාට දුන්නෙ.
එහෙනම් පොඩි අජීර්ණයක් වෙන්න ඇති බයවෙන්න එපා යි කියමින් වෛද්‍යවරයා දරුවාට පෙවීමට බෙහෙත් පෙති කීපයක් පියාට දී මීට පස්සෙ පොඩි දරුවන්ව බොන කන තැන්වලට ගෙන්න ගන්න එපා. දරුවන්ට පේන්න බොන්නත් එපා. දරුවන්ට ජරා කෑම දෙන්නත් එපා යැයි පියාට හෙමින් පැවසීය.
දරුවාට ද තරවටු කරමින් ගෙදර ආ පියා එම වෛද්‍ය මධ්‍යස්ථානයට යාම ද නිවසේ දී මත්පැන් පානය ද එතැනින්ම නතර කළේය.
බෙන්තොට ජේ. ඉඳුරුවගේ
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුතාගේ බඩේ අමාරුවෙන් පියාගේ පටි රෝල්