වසර කිහිපයක් තිස්සේ දැන හඳුනාගෙන සිටි මුහුණු පොතේ පෙම්වතිය සිය මවටත් වඩා වයසින් වැඩි තැනැත්තියක බව දැනගත් තරුණ පෙම්වතකු නෑ හිතවතුන් පිරිසක් මැද්දේ අසීරුතාවට පත් වූ බව කියන සිද්ධියක් පිළිබඳව පසුගිය දා සියනෑවේ ගම්මානයකින් වාර්තා විය.
නව යොවුන් වියේ තරුණයෙකි. දුරකතනයටත් මූණු පොතටත් දැක්වූයේ පුදුම ඇල්මකි. දවසේ වැඩි හරියක් ගත කළේ මුහුණු පොතේ සැරි සරමිනි.
මුහුණු පොතේ මිතුරියක හා ඔහු පෙමින් වෙලුණේ වසර කීපයකට පෙරය. දිවා රෑ දෙකේම පෙම් බස් දොඩමින් ඔහු ඇයත් සමග පෙම්ලොව ඉගිලෙමින් ගත කළේ මහත් සතුටිනි.
මේ අතර මව්පියන් ඔහුට මංගල යෝජනා ගෙනෙන්නට වීමෙන් ඔහු පත් වූයේ මහත් අපහසුතාවටය. තමන්ගේ පෙම හෙළි කරන්නට සිදු වූයේ ඒ නිසාය. මව්පියන් නෑ හිතවතුන් සමග තරුණයා පෙම්වතිය බලන්නට යන්නට දිනයක් යොදා ගත්තේ ඉන් අනතුරුවය.
නියමිත දිනය උදා වූ පසු පවුලේ පිරිස සමඟ ඔහු මුහුණු පොතෙන් ලැබුණු තොරතුරු අනුව පෙම්වතිය බලන්නට ඇගේ නිවෙස බලා ගියේ මහත් බලාපොරොත්තු ඇතිව ය.
මුහුණු පොතේ පෙම්වතිය දුටු ඔහුට පොළොව පලාගෙන යන්නට සිතුනි. ඒ ඇය තම මවටත් වඩා වයසින් වැඩි අයෙකු බව දැකගත හැකිවීම නිසා ය.
තම පුතුගේ පෙම්වතිය දුටු වැඩිහිටියන්ට ද කර කියාගත හැකි දෙයක් නොවීය.
තරුණයාත් ඔහුගේ ඥාතීහු ද මුහුණු පොතේ පෙම්වතිය ද කර කියා ගත දෙයක් නොමැතිව උඩ බිම බලන්නට වූහ.
කර කියාගත හැකි දෙයක් නොහැකි වූ තරුණයා කිසිවකුටත් නොදන්වාම ඔවුන් පැමිණි රියට ගොඩ වූයේ බිම බලාගෙනය. මුහුණු පොතේ පෙම්වතිය ඇගේ නිවසට දිව ගියාය.
නෑ හිතවතුන් සමග නිවසට එන තුරුම තරුණයා වචනයක්වත් දෙඩුවේ නැත.
මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
2025 දෙසැම්බර් මස 18
24
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුතාගේ පෙළවහට සොයාගත් මනමාලියට මවගේ වයසත් පැනලා