රුපියල් එක් ලක්ෂ විසි දහසකට පියා බදු දී තිබුණු කරාබු වත්ත හිතවතුන් කිහිප දෙදෙනකු යොදවා කරාබු ටික කඩාගෙන ඇතැයි කියන අපූරු බේබදු පුතකු පිළිබඳ පුවතක් බුලත්කොහුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
බුලත්කොහුපිටිය ප්‍රදේශයේ 71 හැවිරිදි තිදරු පියෙක් බිරිඳ බාල පිරිමි දරුවා සමග නිවසේ පදිංචිව සිටියි. තිදරු පියාගේ දරු දෙන්නෙක් විවාහ වී පිට පළාත්වල පදිංචිව සිටිති. 27 හැවිරිදි බාල පිරිමි දරුවා කලක සිට මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි වී ඇති තරුණයෙකි. පසු ගිය කාලයේ නිවසේ තිබුණු බඩු මුට්ටු පවා රැගෙන ගොස් උකස් කර මිතුරන් සමග මෙම තරුණයා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වී ඇත.
71 හැවිරිදි තිදරු පියා පදිංචිව සිටින නිවසේ සිට කිලෝ මීටරයක් පමණ ඈතින් කරාබු ගස් වගා කර ඇති ඉඩම් කැබැල්ලක් තිබේ. මෙම කරාබු ඉඩමේ මෙවර ගස්වල කරාබු සාමාන්‍ය පරිදි හටගෙන ඇත. ගස්වල කරාබු කඩා වේලා ගැනීමට අතහිත දීමට කිසිවකු නොමැති නිසා තිදරු පියා කරාබු වත්ත රුපියල් එක් ලක්ෂ විසි දහසකට ප්‍රදේශයේ වෙළෙන්දෙකුට සතියකට පමණ ඉහත දී බදු දී තිබුණි.
බදු ගත් වෙළෙන්දා ඉකුත් දිනක සේවකයන් කිහිප දෙනෙකු රැගෙන කරාබු කැඩීමට වත්තට ගොස් තිබුණි. අමු කරාබු කොළ ගස් යට වැටී ඇති අයුරු දැක ඇති වෙළෙන්දා හනික කරාබු ගස් දෙස නෙත යොමු වුණි. කරාබු ගස්වල කරාබු කඩා ගෙන ඇති බව දැන ගත් වෙළෙන්දා වහාම ඉඩම හිමිකාර තිදරු පියාගේ නිවසට දිව ගියේය.
‘‘අංකල් වත්තේ කරාබු ටික කැඩුවා ද ගස්වල කරාබු එක කරලක්වත් නෑ. මට ආපසු සල්ලි ටික දෙන්න. වෙළෙන්දා තිදරු පියා හමුවේ ආවේගශීලිව පැවසීය.‘‘කලබල වෙන්න එපා පුතා යං බලන්න වත්තට” තිදරු පියා බදු ගත් වෙළෙන්දා සමග කරාබු වත්තට ආපසු ගියේය. කරාබු කඩා ඇති බව එහිදී තිදරු පියාට වැටහුණි.
පසුව තිදරු පියා වෙළෙන්දා සමග අසල්වැසි නිවසකට දිව ගොස් නිවසේ සිටි කාන්තාවගෙන් ‘‘නංගි වත්තේ කරාබු ටික කඩලා තියෙනවා කඩපු කෙනෙක් දැක්කා ද යනුවෙන්” ඉණට අත තබාගෙන ඇසුවෙමි. ‘‘අයියේ පුතා කිහිප දෙනෙක් ගෙනල්ලා කෑ ගහ ගහා ඊයේ කරාබු කඩනවා මම දැක්කා” තිදරු පියාගේ දෙනෙත බදු වෙළෙන්දා දෙස කැරකී ගියේය.
” යං මල්ලි ගෙදර දැන් මොනවා කරන්න ද මම ගත්තු සල්ලි වලින් ටිකක් ඇති ගෙදර ඒ ටික දැන් දෙන්නම් ඉතුරු ටික බැංකුවෙන් අරන් දෙන්නම් යැයි පවසා තිදරු පියා බදු වෙළෙන්දා නිවසට රැගෙන ගොස් නිවසේ තිබුණු රුපියල් 90,000 ක මුදලක් ආපසු දී වෙළෙන්දාට දී පිටත් කර යවා ඇතැයි වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd